දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10
1948 දි අපට ඩොමීනියන් නිදහස ලැබෙන්න මාස කිහිපයකට ඉස්සෙල්ලා ඉන්දියාවටත්
ඩොමීනියන් නිදහස ලැබුණා. ඒත් ඒ එතෙක් පැවති ඉංගිරිසි ඉන්දියාව දෙකඩ කරලා පකිස්ථානය
කියල තවත් රටක් ඇති කරලා. ඒ ඉන්දියාවත් පකිස්ථානයත් වැඩිකල් යන්න ඉස්සෙල්ල ජනරජ
බවට පත්වුණෙ ඉංගිරිසි රජු අයින් කරලා. ඔවුන් ජනරජ දින තමයි උත්සශ්‍රීයෙන් සමරන්නෙ.
අපට ජනරජයක් වෙන්න අවුරුදු විසිහතරක් බලා ඉන්න වුණා. ජනරජයක් වෙලත් අපි ජනරජ දිනය
අමතක කරලා. අඩු තරමෙන් එදාට නිවාඩුවක්වත් නැහැ. අපි තාමත් සමරන්නෙ ඩොමීනියන් නිදහස
ලැබුණු දිනය.