Main Logo

Showing posts with label Modhi. Show all posts
Showing posts with label Modhi. Show all posts

Friday, 13 December 2019

විදෙස් පුවත් තුනක්

        සිංහල ලිත් ඉලක්කම්

විදෙස් පුවත් තුනක්

මුස්ලිම් රටක් වූ ගැමිබියාව මියන්මාරයේ අවුං සාන් සුකීට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තර ජූරියට යෑම, ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයෙන් බංග්ලාදේශයෙන් පැමිණෙන ස්ලිම් නොවන සරණාගතයන්ට ඉන්දියානු රටවැසිකම දීමට පනතක් සම්මත කර ගැනීම,  එංගලන්තයේ (එක්සත් රාජධානියේ) කොන්සර්වෙටිව් පක්‍ෂය මැතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ ව මෙරට ජනමාධ්‍ය පඬියන් එතරම් කතාවක්, ඊනියා විශ්ලේෂණයක්, නැති වීම තරමක ප්‍රශ්නයක්. රටේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු බව පෙන්වමින් කතා කරන පඬියන් මේ ප්‍රශ්න ගැන එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඇයි ද යන්න   ඔවුන්ගෙන් ම දැන ගන්න ඕන. මේ පඬියන්ට රටේ ජනාධිපතිකම දුන්න නම් රට මිහිබට සුරපුරක් වෙන්න තිබුණ. 

Sunday, 16 September 2018

අපේ වැඩ අපට කර ගන්න බැරි වුණා ම අල්ලපු ගෙදර මිනිහා මැදිහත් වීම


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

අපේ වැඩ අපට කර ගන්න බැරි වුණා ම අල්ලපු ගෙදර මිනිහා මැදිහත් වීම



මහින්දගේ ඉන්දීය ගමන ගැන මා ලියන ලිපි සම්බන්ධයෙන් උගතුන් කිහිප දෙනකුට ප්‍රශ්න මතුවෙලා. ඔවුන් අතර ඊනියා උගතුන් ද ඉන්නවා. මා මහින්දගේ දේශපාලන ජීවිතය යුග හතරකට බෙදා දැන් පස්වැනි යුගයකට පා තබන්නට යන බවක් සඳහන් කළා. මහින්ද මේ දේශපාලන ජීවිතයේ එක් පැත්තකට සිට සෘජුව වර්ධනය වූ අයකු නො වෙයි. ඔහු ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් ගියේ බොහෝ දේශපාලනඥයන් මෙන්. එසේ වෙනස් වෙද්දී ඒ වෙනසට හේතුව කුමක් ද කියා පැහැදිලි කළේ නැහැ. සිදුහත් තවුසනුත් වෙනස් වුණා. එහෙත් ඒ එක් පැත්තකින් අනෙක් පැත්තටත් නැවත මේ පැත්තටත් ආදී වශයෙන් නො වේ. එය එක් අතකට සිදු වූ වෙනසක්. එතුමා වෙනස් වූයේ නිවන සඳහා. ආළාර කාළාම උද්දකාරාමපුත්ත ගැන එතුමා තම මතය පැහැදිලිව කිව්වා. එතුමා ඔවුන්ගෙන් වෙන් වී නැවත ඔවුන් කරා පැමිණියේ නැහැ.