මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.
අපේ වැඩ අපට කර ගන්න බැරි වුණා ම අල්ලපු ගෙදර මිනිහා මැදිහත් වීම
මහින්දගේ ඉන්දීය ගමන ගැන මා ලියන ලිපි සම්බන්ධයෙන් උගතුන් කිහිප
දෙනකුට ප්‍රශ්න මතුවෙලා. ඔවුන් අතර ඊනියා උගතුන් ද ඉන්නවා. මා මහින්දගේ දේශපාලන
ජීවිතය යුග හතරකට බෙදා දැන් පස්වැනි යුගයකට පා තබන්නට යන බවක් සඳහන් කළා. මහින්ද
මේ දේශපාලන ජීවිතයේ එක් පැත්තකට සිට සෘජුව වර්ධනය වූ අයකු නො වෙයි. ඔහු ඒ පැත්තෙන්
මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් ගියේ බොහෝ දේශපාලනඥයන් මෙන්. එසේ වෙනස් වෙද්දී
ඒ වෙනසට හේතුව කුමක් ද කියා පැහැදිලි කළේ නැහැ. සිදුහත් තවුසනුත් වෙනස් වුණා.
එහෙත් ඒ එක් පැත්තකින් අනෙක් පැත්තටත් නැවත මේ පැත්තටත් ආදී වශයෙන් නො වේ. එය එක්
අතකට සිදු වූ වෙනසක්. එතුමා වෙනස් වූයේ නිවන සඳහා. ආළාර කාළාම උද්දකාරාමපුත්ත ගැන
එතුමා තම මතය පැහැදිලිව කිව්වා. එතුමා ඔවුන්ගෙන් වෙන් වී නැවත ඔවුන් කරා පැමිණියේ
නැහැ.