දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3
සිංහලයන්ට ඉතිහාස විඥානයක් තිබූ බව අපේ වංසකතා සාහිත්‍යයෙන් පෙන්නුම්
කරනවා. එහෙත් ඒ විඥානය ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා ඕල්කට් බුද්ධාගමෙන් නැති කර
තිබෙනවා. අද බොහෝ දෙනා අනුරාධපුරේ යනවා. පසුගිය පොසොන් පොහොයටත් ගියා. එහෙත් ඒ යන්නේ
බෞද්ධයන් ලෙස මිස සිංහල බෞද්ධයන් ලෙස නො වෙයි. අප යන්නේ අටමස්ථානය වැඳ පුදා ගැනීමට
පමණයි. අප මිහින්තලේත් යනවා. අපට දේවානම්පිය තිස්ස රජු ගැනත් කල්පනා වෙනවා. ගැමුණු
රජු ගැනත් කල්පනා වෙන්න පුළුවන්. එහෙත් එපමණයි. ඒ රජවරු ගැනත් හිතන්නේ බෞද්ධ
ආකල්පයකින්. ලෝකයේ එක දිගට වැඩි ම කාලයක් අගනුවර ලෙස පැවතුණු නගරය අපට මතක් වෙනවා
ද? එහෙම මතක් වෙනවා නම් පැරණි ගල් කණු
ලිප් ගල්වලට ගන්නවා ද?