දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2
දහනවවැනි සියවසේ අග වන විටත් මෙරට අඩු තරමෙන් දෙමළ ජනවාර්ගිකත්වයක්
ගොඩ නැගී තිබුණේ නැහැ. එයට ප්‍රධාන ම සාක්‍ෂිය එකල සිද්ධි ලෙබ්බේ වැනි මුස්ලිම්
නායකයන් මුස්ලිම් ජනයා සඳහා ද ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රී ධුරයක් ඉල්ලා
සිටි විට පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ පොන්නම්බලම් රාමනාදන් තමන් මුස්ලිමුන්
වෙනුවෙන් ද පෙනී සිටින බව කීමයි. ඔහුට හා අනෙක් වෙල්ලාල නායකයන්ට අනුව පොන්නම්බලම්
රාමනාදන් දෙමළ කතාකරන ජනයාගේ නියෝජිතයා වුණා! මුස්ලිමුන්ට වෙන ම නියෝජනත්වයක්
ලැබුණේ පසුවයි.