ප්‍රශ්නයක් වූ අසමත් පුතාලා
බොහෝ දෙමව්පියන්ටඅවශ්‍ය තම දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළින් සිටිනු දකින්න. මෙහි ඉහළින් කියන්නෙ මේ සමාජයේ සම්මත ආකාරයෙන්. ලිපිකරුවකුට අවශ්‍ය වන්න පුළුවන් තම පුතා හරි දුව හරි අමාත්‍යාංශ ලේකම් කෙනකු කරන්න. සමහර දෙමව්පියන්ට අවශ්‍ය තම දරුවා තම ක්‍ෂෙත්‍රයෙහි ම ඉහළින් සිටිනු දකින්න. තවත් සමහරුන්ට අවශ්‍ය දරුවන් වෙනත් ක්‍ෂෙත්‍රයක ඉහළින් තබන්න. ඒ සඳහා අධ්‍යාපනයක් ලබා දෙන්න. මා එයට දොස් කියන්නේ නැහැ. අධ්‍යාපනය එක එක විධියට ලබා ගන්න පුළුවන්. දේශපාලනයෙ දී අවශ්‍ය වෙන ම අධ්‍යාපනයක්. දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන දේශපාලනය කරන්න බැහැ.