Main Logo

Showing posts with label Ranil Sumanthiran. Show all posts
Showing posts with label Ranil Sumanthiran. Show all posts

Thursday, 31 January 2019

රාජපක්‍ෂ යුගයේ අවසානය


රාජපක්‍ෂ යුගයේ අවසානය



ඊයේ ලිපියෙහි රාජපක්‍ෂ යුගය අවසන් වෙමින් යනවා යනුවෙන් ලියූ වැකිය නිසා ඇතැමුන්ට හිත් වේදනාවක් ඇති වී තිබෙනවා. ඒ ලිපියෙහි වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය සසඳමින් සඳහන් කළ දේ. එහෙත් වාක්‍ය දෙකක් හෝ තුනක් හෝ ඇතැම් විට ආකර්ෂණය දිනා ගන්නවා. පසුගිය සතියේ චර්චිල් ගැන කියමින් සුමන්තිරන්ට කුණුහරුප දෙකක් කීමට කවුරුවත් නැද්ද යනුවෙන් කී දෙයට ජනමාධ්‍යයේත් ප්‍රසිද්ධියක් දී තිබුණා. මා හා ජනමාධ්‍ය අතර ඇත්තේ සුහද හැඟීම් නො වෙයි. එහෙත් ඔවුන් ඒ කතාවට ප්‍රසිද්ධියක් දුන්නා.