Main Logo

Showing posts with label Suki. Show all posts
Showing posts with label Suki. Show all posts

Sunday, 19 July 2020

මියන්මාර මෘතවීරයන් සැමරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මියන්මාර මෘතවීරයන් සැමරීම 

අද ජූලි 19 වැනි දා මියන්මාරයේ මෘතවීරයන්ගේ (martyr) දිනයයි. සෑම වසරක ම ජූලි 19වැනි දා ඔවුන් ඒ දිනය සමරනවා. අද උදෑසන යැන්ගොන් ප්‍රධාන සොහොන් ගැබෙහි මෘතවීරයන් වෙනුවෙන් ගෞරව දැක්වීමක් සිදු වුණා. එයට මියන්මාර ජනාධිපති වින් මින්ට් මහතා ඇතුළු අමාත්‍යවරුන් ද රාජ්‍ය උපදේශිකා අවුන් සාං සුචී මැතිණිය ද සහභාගි වුණා. සුචී මැතිණියගේ පියා වූ ජෙනරල් අවුන් සාං ප්‍රධාන මෘතවිරයා. 

Friday, 20 December 2019

ජනප්‍රියවාදී දේශපාලනය, කෘෂිරසායනය හා ථෙරවාදය

    සිංහල ලිත් ඉලක්කම් 


0  5      
1  6
2  7
3   8
4   9                                           කාම්බෝජ ඉලක්කම් 



ජනප්‍රියවාදී දේශපාලනය, කෘෂිරසායනය හා ථෙරවාදය



චම්පක අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න විධියක් නැහැ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස රඟපාන කරුණාරත්න ජයසූරිය හා එ ජා ප පිරිස් බොරු උද්ඝෝෂණයක් කරන්න හදනවා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකට දැන්විය යුතු ය කියා. එය වැඩිම වුනොත් සම්ප්‍රදායක් මිස නීතියක් වරප්‍රසාදයක් වෙන්න බැහැ. කරුණාරත්න ජයසූරිය තවමත් එ ජා පක්‍ෂයේ අයකු ලෙසයි කටයුතු කරන්නෙ. ඔහු සම්ප්‍රදාය අනුව අපක්‍ෂපාත වෙන්න ඕන. චම්පක පොලීසිය රැවටීම ගැන ඒ රිය අනතුර සිදු වූ දිනවල ජයසූරිය දැන ගෙන ඉන්න නැතිව ඇති. අඩුම තරමෙන් අර තරුණයකු කළ පැමිණිල්ල ගැන හොයල බලන්න කිසිවකු උනන්දු වුනෙ නැහැ. මා කියන්නෙ කතානායක ඒ ගැන සොයා බැලිය යුතුව තිබුණා ය කියන එක නො වෙයි. කතානායක සම්ප්‍රදාය රකින්නෙ නැති නිසා ආණ්ඩුවත් සම්ප්‍රදාය රකින්න ඕන නැහැ කියලත් මා කියන්නෙ නැහැ. චම්පකට ලොකු ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඔහු රක්‍ෂිත බන්ධනාගාරයෙ ඉන්නවා. සුදු වෑන් රියකින් පැහැර ගෙන ගොස් නැහැ. ඔහු දැන් ඉන්නෙ අධිකරණය බාරෙ.