0 1 2 3 4 5 6 7 8 9
මියන්මාර මෘතවීරයන් සැමරීම
අද ජූලි 19 වැනි දා මියන්මාරයේ මෘතවීරයන්ගේ (martyr) දිනයයි. සෑම වසරක ම ජූලි 19වැනි දා ඔවුන් ඒ දිනය සමරනවා. අද උදෑසන යැන්ගොන් ප්‍රධාන සොහොන් ගැබෙහි මෘතවීරයන් වෙනුවෙන් ගෞරව දැක්වීමක් සිදු වුණා. එයට මියන්මාර ජනාධිපති වින් මින්ට් මහතා ඇතුළු අමාත්‍යවරුන් ද රාජ්‍ය උපදේශිකා අවුන් සාං සුචී මැතිණිය ද සහභාගි වුණා. සුචී මැතිණියගේ පියා වූ ජෙනරල් අවුන් සාං ප්‍රධාන මෘතවිරයා.