Main Logo

Showing posts with label Thambiah. Show all posts
Showing posts with label Thambiah. Show all posts

Sunday, 30 June 2019

මරණ දඬුවම හා තම්බයියාගේ අවජාතක දරුවෝ

මරණ දඬුවම හා තම්බයියාගේ අවජාතක දරුවෝ

රාජ්‍යය පැත්තෙන් බැලුව ම මා මරණ දඬුවමට කැමති නැහැ. ඒ වෙන කිසිම කාරණයක් හින්ද නොවෙයි  අධිකරණයටත් වරදින නිසා. අධිකරණය යම් හේතු නිසා නිවැරදිකරුවකු වරදකරුවකු කර මරණ දණ්ඩනයට යටත් කර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු  මරා දමනු ලැබුවහොත් එය නිවැරදි කර ගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිවැරදිකරුවකුට වෙනත් දඬුවමක් දීමත් වරදක්. එහෙත් එය නිවැරදි කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ කියා ඔහුට සිදු වූ අසාධාරණය මැකී යන්නේ නැති නමුත් අඩුම තරමෙන් නිවැරදි කර ගැනීමේ අවස්ථාව තියෙනවා.