උපවාසයට පෙර හා පසු
සිංහලයා මෝඩයා කැවුන් කන්න යෝධයා කියල කතාවකුත් තියෙනවා. ඒ කතාව කවුරු හදපු එකක් ද කියන එක පැහැදිලි නැහැ. ඒත් සිංහලයන් ඉතා ඉක්මණින් රවටන්න පුළුවන් කියන එක නම් පැහැදිලියි. මා ගිවිසුම් ගැන කියල තියෙනවා. ගිවිසුම්වලින් සිංහලයන් පැරදිලා තියෙන්නෙ. ඒක ඉතිහාසයට යන කතාවක්. මට හිතෙන්නෙ පෘතුගීසීන් එන්න ඉස්සර ඉඳල ම සිංහලයන් රැවටිලා තියෙනවා කියලා. සිංහල කියන වර්ගයට මා යක්‍ෂ දේව නාග රාක්‍ෂස කියන හෙළයනුත් ඇතුල් කරනවා. හෙළයන් කියන්නෙ සූූර්යයා සමග සම්බන්ධ කියන එක මිසක් හෙල්වල ජීවත් වූ අය නො වෙයි. කඳුවල ජීවත් වූ අය කවු ද? සමහර විට අපට හෙළයන් කිව්වෙ ග්‍රීකයන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපත් හෙලියොස් නමින් හැඳින්වුණු සූර්යයා පෞද්ගලිකකරණයට ලක් කළ ග්‍රීක නිකායක් සමග සම්බන්ධ වී ඉන්න ඇති. ඒ ග්‍රීකයන්ට අනුව සූර්යයා අශ්වයකු ඇද ගෙන යන කරත්තයක නැගී අහසේ යනවා. ඒ චිත්‍රය අවුරුදු දවස්වල අපත් අඳිනවා. හීලියම් කියන මූල ද්‍රව්‍යයට ඒ නම ලැබෙන්නේ පළමුව හීලියම් නිරීක්‍ෂණය කෙළේ සූර්යයාගේ වීම නිසයි.