Main Logo

Showing posts with label Vapour Treatment. Show all posts
Showing posts with label Vapour Treatment. Show all posts

Friday, 8 May 2020

දුම් හට්ටිය ආණ්ඩුවට කියන දේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 



දුම් හට්ටිය ආණ්ඩුවට කියන දේ

පඬි නැට්ටන් දුම් හට්ටියේ ප්‍රශ්නය මැයෙන් මා ලියූ ලිපියේ වැරදි දෙකක් හොයා ගෙන. හොයා ගෙන කියන වචනය වැරදි බව මේ උදාහරණවලිනුත් පේනවා. ඔවුන් වැරදි දෙකක් නිර්මාණය කර ගෙන. එක් පඬි නැට්ටකුට අනුව බටහිර විද්‍යාව පට්ටපල් බොරු නම් විවිධ ද්‍රව්‍යවල ආසනික් තිබෙන බව පෙන්වීමට බටහිර විද්‍යාව (රසායන විිද්‍යාව) යොදා ගැනීම වැරදියි. මෙය අලුත් ප්‍රශ්නයක් කියා පඬි නැට්ටා හිතනවා ඇති. ඒ ප්‍රශ්නය නිර්මාණය කිරීමෙන් තමන් ඉතා වැදගත් සමාජ කාර්යයක් ඉටු කර ඇති බවත් ඔහු හිතනවා ඇති. 

Tuesday, 7 April 2020

බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප

                     සිංහල ලිත් ඉලක්කම්


බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප 




අද බටහිර වෛද්‍ය විද්‍යාව විශේෂයෙනුත් බටහිර විිද්‍යාව පොදුවේත් කඩා වැටිලා.  තව මාසයක් දෙකක් යන විට බටහිර ආර්ථිකයත් කඩා වැටිල බව පෙනේවි. එය ඊනියා ධනවාදයේ කැඩී වැටීමක් නිසා නො වෙයි. ධනවාදයේ කඩා වැටීම නිසා නම් ඒකට විකල්පය කුමක් ද? සකර්බර්ග් හා වෙනත් වම්මුන්ට කියන්න පුළුවන් සමාජවාදය කියල ද? කියුබාව සමාජවාදී ද? ට්‍රොට්ස්කිවාදියකුගෙන් අහල බලන්න. සමාජවාදය කියන්නෙ මාක්ස්ගෙ හිතළුවක් පමණයි. සියල්ල හිතළු තමයි. සමහර හිතළු හරි යනවා (හරි කියන එක නොවෙයි, වැඩ කරනවා කියන අර්ථයෙන්) ඒත් මාක්ස්ගෙ හිතළු ව වැඩ කළෙ නැහැ. මාක්ස් පවු!