Main Logo

Tuesday 7 April 2020

බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප

                     සිංහල ලිත් ඉලක්කම්


බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප 




අද බටහිර වෛද්‍ය විද්‍යාව විශේෂයෙනුත් බටහිර විිද්‍යාව පොදුවේත් කඩා වැටිලා.  තව මාසයක් දෙකක් යන විට බටහිර ආර්ථිකයත් කඩා වැටිල බව පෙනේවි. එය ඊනියා ධනවාදයේ කැඩී වැටීමක් නිසා නො වෙයි. ධනවාදයේ කඩා වැටීම නිසා නම් ඒකට විකල්පය කුමක් ද? සකර්බර්ග් හා වෙනත් වම්මුන්ට කියන්න පුළුවන් සමාජවාදය කියල ද? කියුබාව සමාජවාදී ද? ට්‍රොට්ස්කිවාදියකුගෙන් අහල බලන්න. සමාජවාදය කියන්නෙ මාක්ස්ගෙ හිතළුවක් පමණයි. සියල්ල හිතළු තමයි. සමහර හිතළු හරි යනවා (හරි කියන එක නොවෙයි, වැඩ කරනවා කියන අර්ථයෙන්) ඒත් මාක්ස්ගෙ හිතළු ව වැඩ කළෙ නැහැ. මාක්ස් පවු!

අද ඊනියා යථාර්ථය කියන එකත් කඩා වැටිලා. යථාර්ථය කියන එකට වියුක්ත දේත් එක් වෙලා. පහුගිය ජනවාරි 29 වැනි දා නිවු සයන්ටිස්ට් සඟරාවෙ යථාර්ථය කුමක් ද යන්න යටතේ මෙහෙ ම පළ කරල තිබුණා.  'IT is a big and bewildering concept, reality. An abstract way of saying “everything that there is”. That is a lot to take in: space, time, matter, energy, forces, consciousness, even abstract ideas. How to even start?'

අද ඇතැම් බටහිර දාර්ශනිකයන් ලෙනින්ගෙ භෞතික යථාර්ථය වලංගු නොවන බව පෙනිල වියුක්ත දේ පවතින බව පෙන්වන්න උත්සාහ කරනවා. එ අතර තවත් සමහර දාර්ශනිකයො ආපහු ලෙනින්ගෙ භෞතික යථාර්ථයට යන්න හදනවා. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් නො වෙයි. අනෙක් අතට බටහිර ගණිතය ඇතුළු වියුක්ත දේත් අපේ නිර්මාණ පමණයි. ඊනියා තර්ක බුද්ධියත් විශ්වාසය මත පවතින්නෙ. තර්ක බුද්ධියෙ මුලින් ම වගේ එන A=A කියන එක පෙන්නන්න පුළුවන් ද? එ පෙන්නීමට ගියොත් කීයක් උපකල්පනය කරන්න වෙනවා ද? ඒ උපකල්පන ඊනියා තර්ක බුද්ධියෙන් පෙන්නන්න පුළුවන් ද? 

බුදු හාමුදුරුවන් දෙසූ ධර්මය නොදැනුම ගැන. අනෙක් සියල්ල දැනුම්. දැනුම් මොකක් වුණත්, A=A කිවුවත්, අපේ නිර්මාණ. දැනුම් සියල්ල බොරු. ඉන් වියුක්ත දැනුම් පට්ටපල් බොරු. බුදුහාමුදුරුවන්ට තිබුණ ප්‍රශ්නය නොදැනුම දැනුම බවට පත් කර ප්‍රකාශ කිරීම. උන්වහන්සේ ධර්මය දේශනා නොකිරීමට හිටි අවස්ථාවෙ තමයි සහම්පති බ්‍රහ්මයා ඇවිත් ආරාධනා කෙළෙ දහම් දෙසීමට. උන්වහන්සේගේ පාරමී ශක්තියෙන් උන්වහන්සේට පුළුවන් වුණා නොදැනුම දැනුම බවට පත්කරල දහම් දෙසීමට. 

එපමණ පාරමී ශක්තියක් නැති පසේ බුදුන්වහන්සේට නොදැනුම දැනුම බවට පත් කරල දහම් දෙසීමට බැහැ. නිවන කියන්නෙ සංකල්පයක් ප්‍රවාදයක් කොටින් ම දැනුමක් නො වෙයි. ඊනියා දැනුම කියන බොරුව (මා නම් සංකල්පය ද ඇතුළත්) බොරු බව ප්‍රත්‍යක්‍ෂ කිරීම තමයි නිවන් සම්මාබෝධය.  

බටහිර වෛද්‍ය විද්‍යාවත් දැනුමක්. එහි බොහෝ විට අද කියපු දේ හෙට වැරදි කියා කියනවා. කොවිඩ් 19 කියන්නෙ වයිරසයක් අවශ්‍ය නම් වයිරයනයක්. මේ වයිරස් රෝගවලට ප්‍රතිකාර නැහැ. කරන්න පුළුවන් එක්කො එන්නතක් නිපදවන එක එහෙමත් නැත්නම් රෝගීන්, රෝගී විය හැකි යැයි සැක කරන්නන් වෙන් කිරීම. ඒකට අද නිරෝධායනය කියල ලොකු වචනයක් යොදා ගෙන. මිනිසුන් බය වෙලා. සිංහල දෙමළ මුස්ලිම් ඇතැමුන් එය මග හරින්න හදනවා. ඒ අයගෙන් ඇහුවොත් නරක ද ඇයි රෝගය වසන් කරන්නෙ හරි නිරෝධායනයට අකමැති මොකද හරි කියල. ඉස්සර අපේ මිනිසුන් වෙන් කරනවාට විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. 

අපට ඒ අතර බටහිරයන්ට නැති වයිරසයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන ක්‍රම තියෙනවා. ඖෂධීය පාන (කැඳ) (කවුද අහල තිබුණ කැඳ හා සුප් අතර වෙනස මොකක් ද කියල. කැඳ ඖෂධීය පානයක්) බීම. ඒ සමග දුම් හට්ටිය ඇල්ලීම, භාවනාව ආදිය. මෙහි දුම් හට්ටිය කිවුවත් එය වාෂ්ප හට්ටියක්. අපේ ආහාර ඖෂධ. ඊනියා කෙටි කෑම ආයුෂ කෙටි කරනවා. ඒවට කෙටි කෑම කියන්නෙ ඒක ද දන්නෙ නැහැ.

මේ එකක්වත් ප්‍රතිකාර නො වෙයි. එයින් කෙරෙන්නෙ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම. නැත්නම් පඬි බසින් නම් ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම. අද ඇතැම් බටහිර වෙදමහත්තුරු මේ ක්‍රම අනුගමනය කරනවා. ඉන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් අයත් ඉන්නවා. එහෙත් ඒ අය ඒ බව ප්‍රසිද්ධියේ කීමට බයයි. ඒ ක්‍රම ගැන වැඩිය දන්නෙ ආයුර්වේද හා පාරම්පරික වෙදමහතුන් වුණත් ඔවුන් ඒ කාර්යයන්ට සහභාගි කරවා ගන්නෙ නැහැ. ඒ ඇයි? තවමත් සිංහල බෙහෙත් වෙළෙඳසල් අරින්න ක්‍රමයක් සකස් කරල නැහැ.

පාදෙණිය රුපවාහිනිය ඉදිරියට ඇවිත් පාරම්පරික දේ ගැන කියනවා. එහෙත් ඔහුවත් ඔහු සභාපතිත්වය දරණ බටහිර වෙදමහත්වරුන්ගේ සංගමයවත් ඒ වෙදකම රජයේ රෝහල්වල දීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඔවුන් පාරම්පරික වෙදමහත්වරුන්ට රජයේ රෝහල්වල සේවය කිරීමට  තැනක් ලබා දීමට කටයුතු කරන්නේ නැහැ. මේ සියල්ල මෙහෙයවෙන්නෙ බටහිර වෛද්‍ය සභාව (කවුන්සිලය) මගින්. ඔවුන් තමයි බටහිර වෙදමහත්වරුන්ට කරන්න පුළුවන් දේ බැරි දේ තීරණය කරන්නෙ. 

බටහිර වෛද්‍ය සභාව බමුණු කුලයෙ අරටුවක්. එය වෙනස් කරන්න ඕන. පාදෙණියගෙ නායකත්වයෙන් ඇති බටහිර වෙදමහත්වරුන්ගෙ සංවිධානය බමුණු කුලයෙ නීති රීති වෙනස් කරන්න මොක ද කරන්නෙ. බටහිර වෙදමහත්තුරු අර වෛද්‍ය සභාවට බයයි. ඔවුන් වාෂ්ප මුට්ටිය ඇල්ලුවොත් හරි රෝගින්ට ඇල්ලුවොත් හරි වෛද්‍ය සභාව තම ලියාපදිංචිය අවලංගු කරාවිය කියල බයක් තියෙනවා. මේ බය නැති කරන්න ඕන. 

අද එය ඉතා හදිසි වැඩක්. වත්මන් වෛද්‍ය සභාව ඒ ගැන කිසිවක් කරන්නෙ නැත්නම් රෝගීන්ගෙ පැත්තෙන් හිතල සුදුසු පියවරක් ගන්න රජයට හා සෞඛ්‍ය ඇමතිණියට පුළුවන් වෙන්න ඕන. අප මේ වෙලාවෙ කරන්න ඕන කඩා වැටුණු බටහිර වෛද්‍ය ක්‍රමයෙ ගෞරවය ආරක්‍ෂා කිරීම  ද නැත්නම් රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම ද?