Main Logo

Thursday 16 April 2020

කොරෝනාව මැතිවරණ කොමිසම කොර කොරාවි ද?

       සිංහල ලිත් ඉලක්කම්




කොරෝනාව  මැතිවරණ කොමිසම කොර කොරාවි ද 



මෙය කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම ලිපියට ඌන පූරණයක්.
ජනාධිපති මැතිවරණ පනතේ 10 වැනි වගන්තිය යටතේ මැතිවරණ නාම යෝජනා වකවානුව හා මැතිවරණ පවත්වන දිනය නියම කරනවා. දැන් මැතිවරණ කොමිසම ඒ ක්‍රියාත්මක කරනවා. 10 වැනි වගන්තිය මෙහෙමයි. 



10. (1) The President shall, in every Proclamation Nomination dissolving Parliament or in any Order requiring the holding date of an election, specify
(a) the period (hereinafter referred to as the "nomination period") during which nomination papers shall be received by the returning officer during normal office hours at his office; and

(b) the date on which the poll shall be taken.

(2)
(a) The nomination period shall commence on the fourteenth day after the date of publication in the Gazette of the Proclamation or Order referred to in subsection (1) and expire at twelve noon on the twenty-first day after the date of publication of such Proclamation or Order.

(b) The date fixed under paragraph (b) of subsection (1) shall be

(i) a day not less than three weeks and not more than eight weeks from the closing day of the nomination period;
(ii) any day other than a Full Moon Poya day or any public holiday specified in the First Schedule to the Holidays Act, No. 29 of 1971 ; and if, after the publication of the Proclamation or Order referred to in subsection (1), the day specified in such Proclamation or Order is declared to be a public holiday, such declaration shall in no way affect the validity of anything done on such day for the purpose of taking the poll.

නැත්නම් හදිසි අවස්ථාවක පනතේ අංක 24(3) යටතේ ක්‍රියාකර මැතිවරණ කොමිසමට මැතිවරණය සඳහා වෙනත් දිනයක් නියම කරන්න පුළුවන්. එයට පනතේ 10 වැනි වගන්තිය අදාළ වන්නේ නැහැ. 

ඒත් මැතිවරණ කොමිසම මෙතෙක් ඒ දෙකෙන් එකක්වත් කරන්න පියවර ගෙන නැහැ. 

අපි බලන් ඉමු. මැයි අග වනතුරු මැතිවරණයක් පවත්වන්න කල් තියෙනවා. මැතිවරණ ව්‍යාපාරය සඳහා සති කිහිපයක් දෙන්න වේවි. මැතිවරණ කොමිසමටත් සූදානම් වීමට කාලයක් අවශ්‍යයි. ඒ නිසා මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශ කිරීමට හැකි දිනය කිට්ටු වෙනවා.

අද අප්‍රේල් 16 වැනි දා. කොරෝනාව කොමිසම කොර කොරාවි ද?