Main Logo

Tuesday 28 April 2020

කොවිඩ් මර්දනයට අසහාය සහාය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් මර්දනයට අසහාය සහාය


කොරෝනා මර්දන කටයුතුවලට සියල්ලන් ට සහභාගි වීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. මෙරට ජනයා විශේෂයෙන් ම අති මහත් බහුතරය වූ සිංහල බෞද්ධයන් ඉතා සංවේදී අය. ඔවුන් තම තමනට හැකි පමණින් කොරෝනාවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට ආධාර කිරීමට ඉදිරිපත් වෙනවා. අද රටේ බොහෝ පළාත්වල ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ දී බොහෝ දෙනා විවිධ ආකාරවලින් සහභාගි වෙනවා. ඒත් අර සිවල් සංවිධාන නම් දකින්නට නැහැ. 


ඒ අතර ඇතැමුනට අවශ්‍ය වෙනවා රජයේ කටයුතු සමග බද්ධ වෙන්න. ජනාධිපති පත් කර ඇති විවිධ කමිටුවල සාමාජිකයන් වී සහභාගි වන්න. එහෙත් ඒ කමිටුවලට එතුමාට අප සියල්ලන් පත් කරන්න බැහැ. එවිට එසේ පත් නොවන්නන්ට තරමක මදි පුංචිකමක් දැනෙනවා. පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට සිවල් සාමාජිකයන්ට එහෙම දැනෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ විවේචනය පමණයි. ඔවුන්ට වැඩකට සහභාගි වීමේ අවශ්‍යතාවක් නැහැ. සකර්බර්ග් සමග එකතු වී දැන්වීම් කෑල්ලක් දා ගැනීමෙන් ඔවුන් චිත්ත ප්‍රමෝදයට පත් වෙනවා.

අර මදි පුංචි කමක් දැනෙන අය අතරත් විවිධ කොටස් ඉන්නවා. ඔවුන් සමහර දෙනකුට ඕන ප්‍රසිද්ධිය, ආණ්ඩුව වැඩ කරන්නේ තමන්ගේ උපදෙස් මත බව ලෝකයාට දැන ගැනීමට සැලැස්වීම, තමන් ද කෙරුම්කාරයන් බව පැවසීම ආදිය. ආණ්ඩුව පුද්ගලයන් හා සංවිධාන තෝරා ගන්නේ ඒ අයට ඇති ශක්තිය, ඒ අය කෙරෙහි ඇති විශ්වාසය, ඒ අයගේ ඉතිහාසය ආදී කරුණු රාශියක් සලකා බලා. ආණ්ඩුව එහි දී මා තෝරා ගන්නේ නැති බවත් මා දන්නවා. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වෙයි. මා ඒ ගැන මාධ්‍යයට කියන්නේ නැහැ. කිවුවත් වැඩක් නැති බවත් මා දන්නවා. මට මාධ්‍යයට කියන්න දේකුත් නැහැ. මා මට හැකි දෙයක් කරනවා. ඒ කරන්නේ කුමක් දැයි ප්‍රසිද්ධියේ කීමටත් මට අවශ්‍ය නැහැ. සමහර විට මා වැදගත් දෙයක් නොකරනවා වෙන්නත් පුළුවන්.

අද තමන් කොන් කර ඇතැයි සිතන, තමන්ට මදි පුංචිකමක් සිුද වී ඇතැයි සිතන පුද්ගලයන් හා සංවිධාන  ආණ්ඩුවේ වැරදි දකින්නේ අර දීගයේ හෙවනැල්ලෙ ඇද දකින අය මෙන්. ආණ්ඩුව හා ඒ අය අතර දීගයක් සිදු වෙලත් නැහැ. එහෙත් සමහරුන් හිතනවා ඇති තමන් ආණ්ඩුව සමග දීග කන බව. ඇතැමුන් සිතනචා මේ ආණ්ඩුව බලයට පත් කෙළේ තමන් බව. තමන් ඒ වෙනුවෙන් කළ කැපවීම් ගැන ඒ අය කියවනවා. ඔවුන්ට අවශ්‍ය වෙනවා යම් පිළිගැනීමක්. පුද්ගලයන්ට මෙන් ම සංවිධාන, වෘත්තීය සමිති ආදියටත් ඒ පිළිගැනීම අවශ්‍ය වෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙනවා තම අසහාය සහාය ආණ්ඩුවට ලබා දෙන්න.

අද කොවිඩ් 19 ආසාදිතයන් වැඩි වෙනවා. ඒ පිටරටවල වැඩි වූ ආකාරයෙන් ම නො වෙයි. සතියකට පසු දින විසිපහකට පසු ආදී වශයෙන් අප වෙනත් රටවල් සමග සන්සන්දනය කරනවා. එය වැඩක් නැහැ. ඒ ඒ රටවල තත්ව වෙනස්. බටහිර රටවල සිදු වූ අර්ථයෙන් අපේ පොකුරු ඇති වුණේ නැහැ. අපේ පොකුරු කෙහෙල්වත්ත වැනි පොකුරු. අපේ ආසාදිතයන් සුව වෙනවා. තුණුරුවන්ගෙ සරණින් දෙයියන්ගෙ පිහිටෙන් දිගට ම එසේ ම වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. 

ඒ කොහොම වෙතත් අප අපේ ම වූ ක්‍රම අනුගමනය කරන්න ඕන. මෙරට ඇතැමුන් බටහිරයන්ට අවශ්‍ය අන්දමට කටයුතු කරනවා. ඒ බටහිර තමයි ඊනියා හරි විධිය තියෙන්නෙ කියලා. ඔවුන් හරි යන එක හරි විධිය හැටියට ගන්නවා. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට පාන් කියන්නවත් බැරි තත්වයක ඉන්නෙ. මට මතක් වෙන්නෙ අපට පාන් (ඒ වචනයත් සමග) ලැබුණෙ බටහිරින් කියන එක බව.  තවත් සමහරු ඉන්දියාව වගේ වැඩ කරන්න හදනවා. 

ආයුර්වේදය ඇුති වුණෙ  ඉන්දියාවෙ. කවුරු හරි කියන්න බැරි නැහැ ආයුර්වේදය ඉන්දියාවට ගියේ අපෙන් කියලා. ආයුර්වේදය අපට සමීප බවට වාදයක් නැහැ. මෙරටින් ඉන්දියාවට සංගීතය හරි වෙන මොකක් හරි ඉගෙන ගන්න අය ඉන්දීය වන්නේ බටහිර පුහුණුවක් ලබන අය බටහිර වෙනවා වගේ. මේ ඉන්දීය නැත්නම් භාරතීය හරි වෛදික හරි වීම ඈත අතීතයටත් යනවා. ඒ අතර මැතක සිට ඇතැමුන් චීනය උදාහරණයට ගන්න තත්වයකුත් ඇවිල්ල තියෙනවා. අපේ සංස්කෘතිය චීන සංස්කෘතිය නො වෙයි. චීනෙ කරන දේවල් මෙහෙ කරන්න බැහැ. අපේ මිනිසුන් අපේක්‍ෂා කරන යම් නිදහසක් තියෙනවා. එය බටහිර ඊනියා මානව අයිතිවාසිකම් නො වෙයි

පහුගිය දවස්වල ත්‍රිවිධ හමුදා හා සෞඛ්‍ය අංශ යම් යම් දේ අත්හදා බැලුවා.  එය නරක නැහැ. එහෙත් ඔවුන් පාරම්පරික වෙදමහතුන්ගෙන් උපදෙස් ගත්ත නම් හොඳයි. එසේ කළා නම් නාවික හමුදා කඳවුරේ සිද්ධ වුණු දේ වළක්ව ගන්න තිබුණා. කොවිඩ් 19 ඉතා ඉක්මණින් පැතිරෙනවා. සාමාන්‍ය හෙම්බිරිස්සාවකට වඩා වේගයෙන් පැතිරෙනවා වෙන්න පුළුවන්. අප කළ යුත්තේ මේ පැතිරීම පාලනය කිරීමත් ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කිරීමත්. 

මේ අතර විපක්‍ෂයත් කලබලයට පත්වෙලා ඔවුන් කොවිඩ්ට විරුද්ධ සටනට කැඳවලා නැහැ කියලා. ඔවුන් අර පැරණි පාර්ලිමේන්තුව කැඳවන්න කියනවා. මෙහි නීති පැත්ත ගැන අප මෙයට වඩා සියුම් ව කල්පනා කරන්න ඕන. අප 70(5)(ඇ) උපවගන්තිය විශේෂ අවස්ථාවන්හි බල රහිත වන බවට තර්ක ඉදිරිපත් කරන්න ඕන. දැනට ඒ කෙරෙන්නේ ම නැති තරම්. ඒ කොහොම වෙතත් ආණ්ඩව විපක්‍ෂයේ ආධාර පැතීමට ඇති හේතු මොනවා ද? ආණ්ඩුවට විපක්‍ෂයේ හැකියාව හෝ විපක්‍ෂය කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි බවට ඇති සහතික කවරේ ද? ස්විට්සර්ලන්තයෙන් ඒ සම්බන්ධ සහතික ලැබී තිබෙනවා ද? 

පහුගිය අවුරුදු පහක පමණ කාලයක රනිල් සජිත් සුමන්තිරන් අනුර චම්පක හකීම් බද්‍යුද්දීන් කඳවුර ක්‍රියාත්මක වී ඇත්තේ කෙසේ ද? පැරණි පාර්ලිම්න්තුව නැවත කැඳවනු තබා රතන හිමිගේ ඊනියා ජාතික මණ්ඩලයක් කැඳවීමටවත් සුදුසු අයුරින් ඒ කඳවුරවත් රතන හිමියන්වත් ක්‍රියා කර තිබේ ද? ඔවුන්ගේ ඉතිහාසය ගැන අපට කිව හැක්කේ කුමක් ද?
විපක්‍ෂයට ජනතාවට සේවය කිරීමට තදියමක් තිබේ නම් අර තෙවරප්පෙරුම මෙන් කොස් ලොරියක් වට්ටක්කා ලොරියක් පොල් ලොරියක් හරි එළවළු අත් කරත්තයක් හරි අරගෙන ගමේ බෙදන්න පුළුවන්. එකට ගෙන්දගම් පොළොවෙ පස් පාගන්න ඕනෙ නැහැ.