Main Logo

Showing posts with label citizenship. Show all posts
Showing posts with label citizenship. Show all posts

Saturday, 30 May 2020

පිටරට අපේ ආසාදිතයෝ

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



පිටරට අපේ ආසාදිතයෝ 



කුවේටයේ යම් ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලියි. දැන් තානාපති සේවයේ වැඩ කරන මට වෙනත් තානාපති කාර්යාලයක කටයුතු ගැන කතා කිරීම සුදුසු නැහැ. ඒ අතින් විශ්වවිද්‍යාල පද්ධතියේ නිදහසක් තියෙනවා. විශ්වවිද්‍යාල ගුරුවරු ඉතා වැඩි පිරිසක් මට විරුද්ධ වුණා පමණක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ගුරුවරු මට විරුද්ධ ව පාරේ හිඳිමින් සිසුන්ට හා අනෙක් අයට අත්පත්‍රිකා බෙදුවා. වෙනත් තානාපති කෙනකුගේ හොඳ කියන්න හරි නරක කියන්න හරි මට අවශ්‍ය නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ගුරුවරුන් තම ඊනියා නිදහස යොදා ගත් ආකාරය පමණයි මට සඳහන් කිරීමට අවශ්‍ය වුණේ. 

Saturday, 1 April 2017

සිංහලයෝ හා ලාංකිකයෝ


සිංහලයෝ හා ලාංකිකයෝ





ලාංකිකයා යනු කවුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක් ද? අප ලාංකිකයකු හඳුනා ගන්නේ කෙසේ ද? පඬියකු අසන්නට පුළුවන් අප සිංහලයකු හඳුනා ගන්නේ කෙසේ ද කියා. සිංහල භාෂාව ලිවීමට නොහැකි සිංහලයන් සිටිනවා. වැඩි පිරිසක් නොවූවත් සිංහල භාෂාව කතා කිරීමට නොහැකි සිංහලයන් ද සිටිනවා. සිංහලයකු හඳුනා ගැනීමට ඇති නිර්ණායක කවරේ ද? සිංහලයකු වන්නේ උත්පත්තියෙන් ද? දෙමව්පියන්ගෙන් එක් අයකුවත් සිංහල නම් යමකු සිංහල වන්නේ ද? සිංහල දෙමව්පියන්ගේ දරුවන් අනිවාර්යයෙන් ම සිංහලයන් වන්නේ ද? දෙමවුපියන් සිංහල නොවීත් යමකුට සිංහල විය හැකි ද?සිංහලයන් අනිවාර්යයෙන් ම ලංකාවේ රටවැසියන් විය යුතු ද?