Main Logo

Wednesday, 7 August 2013

අර්නස්ට් මාක්ට අනුව පැවැත්ම

අපේ ප්‍රවාද යනු සිංහල බෞද්ධ චින්තනයෙහි නිර්මාණයවන ප්‍රවාද ය. ඒ බටහිර ප්‍රවාදවලට බෞද්ධ ආලේපයක් තවරා සකස්කෙරෙන්නේ නො වේ. ඇතැම් වෙබ් අඩවිවල අපේ ලිපිවලට ප්‍රතිචාර (කමෙන්ටු) දක්වන්නන්ට මේ පිළිබඳ ව කිසිම අවබෝධයක් නැත්තේ ඔවුන් අපේ ලිපි සංයමයක් ඇතිව නොකියවන බැවිනි. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද ගෙතීම අසීරු වන්නේ එම චින්තනයෙහි වියුක්තය ඉතා සුළුවෙන් පමණක් පැවතීම හේතුකොටගෙන ය. එසේ වුවත් බටහිර ප්‍රවාදවලට අභියෝග කිරීමට සුළුවෙන් නමුත් වියුක්තය ඇති සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද ගෙතිය යුතුවෙයි. ඒ සඳහා තරුණයන් උනන්දු කරවිය යුතු ය. 

එහෙත් සිංහල බෞද්ධ චින්තනයෙහි දැනුම නිර්මාණය වන්නේ ආධ්‍යාත්මික ව බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතු ය. එහි දී වඩා වැදගත්වන්නේ ප්‍රත්‍යක්‍ෂය ය. මනස ඉන්ද්‍රියයක් ලෙස ගෙන මනසෙහි වර්ධනයක් මගින් මනසින් ලොව නිර්මාණය කිරීම මෙහි දී සිදුවෙයි. ඒ ප්‍රත්‍යක්‍ෂය හුදු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එය මනෙන්ද්‍රියට පමණක් සාපේක්‍ෂවූ ප්‍රත්‍යක්‍ෂයකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත වන අතර ඒ ප්‍රවාද ප්‍රත්‍යක්‍ෂයෙන් දත හැකි දේ නො වේ. ඒවා මනෙන්ද්‍රියට ද ප්‍රත්‍යක්‍ෂ නො වේ.

අප විටින් විට කියා ඇති පරිදි බටහිර විද්‍යාවේ සාධාරණ (පොදු යන අර්ථයෙන්) වියුක්ත ප්‍රවාද බටහිර විද්‍යාඥයන් විසින් පණවනු ලබන දේ පමණ ය. මනෙන්ද්‍රියට වුව ද ඒ මවාගත නො හැකි ය. ඒ ප්‍රත්‍යක්‍ෂ නොවන්නේ ඒ අරුතෙනි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු හුදු කතන්දර පමණ ය. මේවායෙහි කිසිම සත්‍යතාවක් නැත. ඒවා පට්ටපල් බොරු ය. අප කලින් ද සඳහන්කර ඇති පරිදි ඒ සඳහා හොඳම උදාහරණය ගුරුත්වාකර්ෂණය වෙයි. එය පංචෙන්ද්‍රියයන්ට (එනම් අදාළ අවයවවලට හා මනසට) ගෝචර නො වේ. අපට එය සිතෙන් මවාගත හැකි නො වේ. එය පසු කලෙක අයින්ස්ටයින් විසින් ප්‍රතික්‍ෂෙප කෙරිණි. එහෙත් මේ පට්ටපල් බොරුව උපයෝගී කරගනිමින් බටහිර විද්‍යාඥයෝ හඳට රොකට්ටු යවති. 

එහි එතරම් වැදගත් කමක් නැත. අපට ගෙතිය හැකි පට්ටම පට්ටපල් බොරුව වූ මම යන්න උපයෝගී කරගනිමින් අපි ලෝකයේ ජීවත්වෙමු. අපේ එදිනෙදා කටයුතු ගමන් බිමන් ආදී සියල්ල කෙරෙන්නේ මම යන සංකල්පය යොදාගනිමිනි. එහෙත් ඒ බොරුව යොදාගත් පමණින් අපි ලෝකයේ අතරමං නො වෙමු. අපට අවශ්‍ය සියළු කටයුතු මම යොදාගනිමින් කළහැකි වෙයි. එය පුදුමයක් නොවන්නේ නම් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නමැති පට්ටපල් බොරුව යොදාගනිමින් හඳට රොකට්ටු හැරීමට හැකිවීම පුදුමයක් පුදුමයක් විය යුතු නො වේ.

මෙයින් කියැවෙන්නේ ප්‍රත්‍යක්‍ෂ සත්‍ය බව නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන සංකල්ප සියල්ල ද බොරු ය. ඒ සම්මුති පමණකි. පුටුවක් යනුවෙන් කිසිවක් නොමැති වුවත් එය පවතින්නේ යැයි අපි සම්මුතියෙන් ගනිමු. එය බොරුවක් වුවත් අපි ඒ බොරුවත් අනෙක් බොරුත් උපයෝගී කරගනිමින් ජීවත්වන්නෙමු. අපට ජීවත්වීම සඳහා ඒ බොරු සංගතවීම ද අවශ්‍ය නො වේ. අපට විසංවාද සහිත බොරු සමග ද ජීවත්විය හැකි ය. බොහෝ දෙනා ජීවත්වනනේ විසංවාද සහිත බොරු සමග ය. 

පංචෙන්ද්‍රියයන්ට ගෝචර සංකල්ප පමණක් නොව ආධ්‍යාත්මික ව මනෙන්ද්‍රිය ආධාරයෙන් නිර්මාණය කරන සංකල්ප ද බොරු වෙයි. කිසියම් අයුරකින් අප සංකල්ප නිර්මාණය කරනතාක් අප කරන්නේ බොරු නිර්මාණය කිරීම ය. ඒ සත්‍යය නො වේ. ඒ අසත්‍ය ය. සත් යනු පැවතීම ය. අසත් යනු නො පැවතීම ය. එබැවින් අප ආධ්‍යාත්මික ව හෝ හුදු පංචෙන්ද්‍රිය මගින් හෝ නිර්මාණය කරන කිසිදු සංකල්පයක් නො පවතියි. ඒ පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. මට සාපේක්‍ෂව පැවැත්ම පිලිබඳ ව සිංහල බෞද්ධ දැනුම එය වෙයි.

මනස ද නොපවතින්නේ යැයි අප කියන්නේ ඒ අරුතෙනි. එය තුන්වැනි සංගායනාවේ බුදුදහමට විරුද්ධ විය හැකි ය. එහෙත් තුන්වැනි සංගායනාවේ බුදුදහම පරම සත්‍යයක් ලෙස මම නො ගනිමි. එය ද තවත් සංස්කරණයක් පමණකි. කෙසේ වෙතත් මනස වේවා වෙනත් ධර්මයක් (කිසිවක්) වේවා ක්‍ෂණයකට වුවත් පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී යැයි මම සිතමි. මනස ද නොපවතින විට පවතින ගුරුත්වාකර්ෂණ බලයක් ගැන කතාකිරීම විහිළුවකි.

එසේ වුවත් බටහිර විද්‍යාඥයන්ට මෙහි ඇත්තේ අවුලකි. ඔවුන්ගෙන් ඇතැමෙක් අදෘශ්‍යමානයේ (කලින් ලිපිවල සඳහන් අර්ථයෙන්) පැවැත්ම ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට අනුව දෘෂ්‍යමානය පමණක් පවතියි. බටහිර විද්‍යාඥයන්ට පුටු පවතින නමුත් දෙවියෝ නොපවතිති. ඒ පුටු දෘෂ්‍යමාන නිසාත් දෙවියන් අදෘශ්‍යමාන නිසාත් යැයි ඔවුහු කියති. එහෙත් මේ බටහිර විද්‍යාඥයෝ ඉලෙක්ට්‍රෝනවල පැවැත්ම පිලිගනිති. එසේ පිළිගන්නේ ඉලෙක්ට්‍රෝන ඔවුන්ට දෘශ්‍යමාන වන නිසා නො වේ. ඉලෙක්ට්‍රෝනයක් යනු වියුක්ත සංකල්පයකි. අද වන විට එය ෂ්‍රොඩිංගර් සමීකරණයේ එක් විසඳුමක් පමණක් බවට පත් වී ඇත. එවැනි වියුක්ත සංකල්පයක් පවතින්නේ යැයි කීමට බොහෝ බටහිර විද්‍යාඥයෝ දෙවරක් නො සිතති.

එසේ වුවත් දහනවවැනි සියවසේ උපත ලැබූ අර්නස්ට් මාක් නම් බටහිර භෞතික විද්‍යාඥයා හා බටහිර දාර්ශනිකයා වියුක්ත සංකල්ප බටහිර භෞතික විද්‍යාවේ තේරුම්කිරීම් සඳහා යොදාගැනීම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහුට අනුව බටහිර විද්‍යාව යනු ද්‍යශ්‍යමාන සංසිද්ධි තේරුම් ගැනීමට යොදාගන්නා දැනුම් පද්ධතියකි. එය බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව එකම සත්‍ය වූ දැනුම් පද්ධතිය ය. ඔවුන්ට අනුව අනෙක් දැනුම් පද්ධති මිථ්‍යා වෙයි. බොහෝ බටහිර විද්‍යාඥයෝ අදෘශ්‍යමානය ප්‍රතික්‍ෂෙප කළ ද ඉලෙක්ට්‍රෝනය, ගුරුත්වාකර්ෂණය වැනි අදෘශ්‍යමාන සංකල්ප පවතින්නේ යැයි විශ්වාස කරති. 

එපමණක් නො වේ. ඇතැම් බටහිර විද්‍යාඥයන් අදෘශ්‍යමාන යැයි පවසමින් දෙවියන් ප්‍රතික්‍ෂෙප කළ ද, ලෝකය නිර්මාණය කළා යැයි කියන දෙවියන් වහන්සේ කෙනකු ඇතැයි විශ්වාස කරති. ඒ කුමක් පදනම් කරගෙන ද යන්න ඔවුහු නො කියති. එහෙත් එවැනි වියුක්ත දෙවිකෙනකුගේ පැවැත්ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පිළිගැනෙයි. ඔවුන්ගේ සංස්කෘතියෙහි තිස්තුන්කෝටියක් දෙවියෝ නො වෙති. ඔවුහු ඒ දෙවියන් නොපිළිගැනීමේ දී අදෘශ්‍යමානය නොපිළිගත හැකි බවට බයිලා කීව ද එවැනි පඬිකතාවලින් තොරව අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගනිති.

අර්නස්ට් මාක් විද්වතා මේ බටහිර විද්‍යාඥයන්ට වඩා වෙනස් විය. ඔහු ඔවුන්ට වඩා සංගත විය. බොහෝ බටහිර විද්‍යාඥයන් ද ජීවත්වන්නේ පරස්පර සමගිනි. එහෙත් අර්නස්ට් මාක් ඔවුන් මෙන් නොව පරස්පර සමග ජීවත්වීම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහු චර්යාවෙන් ද බෞද්ධයකු වීමට උත්සාහ කළ අතර ගාල්ලේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ නමක් සමග ලිපි ගනුදෙනු කළේ ය. ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් යම් ආභාසයක් ලැබෙන්නට ඇත. 

අර්නස්ට් මාක් විද්වතා කියා සිටියේ බටහිර භෞතික විද්‍යාවේ දෘශ්‍යමාන සංසිද්ධි තේරුම් ගැනීමට අදෘශ්‍යමාන සංකල්ප නොයොදා ගතයුතු බව ය. ඔහුට දෘශ්‍යමාන සංකල්පවල පැවැත්ම ගැන විශ්වාසයක් තිබූ බව පැහැදිලි ය. එනම් ඔහු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය  පිළිගත්තේ ය. එය පවතින බව ඔහුගේ පිළිගැනීම විය. ඔහු ද පුරෝගාමියකු වූ ඉන්ද්‍රියානුභූතවාදය (පඔසඉටඉවඉසම) ඉන්ද්‍රියගෝචර සංකල්පවල පැවැත්ම පිළිගනියි. එපමණක් නොව ඉන්ද්‍රියානුභූතවාදයට අනුව පවතින්නේ ඉන්ද්‍රියයන්ට (එනම් පංචෙන්ද්‍රියයන්ට)  අනුභූතික (ගෝචර) දේ පමණ ය.

මෙය මා දන්නා බුදුදහමට පටහැණි ය. එහෙත් අර්නස්ට් මාක් විද්වතා එවැනි සම්මතයකට වුවත් පැමිණෙන්නට ඇත්තේ බුදුදහමේ ආභාසයෙනි. ඇතැම් විට ලංකාවේ පවතින තුන්වැනි සංගායනාවේ බුදුදහම එයට බලපෑවා විය හැකි ය. මෙරට අදත් බොහෝ දෙනා මනසේ පැවැත්ම පිළිගන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහම අනුව බව පැහැදිලි ය. පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයේ දී අප කියන්නේ සංකල්පීය ලෝකය ශූන්‍ය බව ය.  එය මාධ්‍යමිකයන්ගේ දර්ශනය සමග ඒ කරුණෙහි දී සමපාත වනවා විය හැකි ය. එහෙත් අපි මාධ්‍යමිකයන්ගේ ශූන්‍යතාව නො පිළිගනිමු.

අර්නස්ට් මාක් විද්වතාට අනුව බටහිර භෞතික විද්‍යාවේ දී පරමාණුව වැනි සංකල්ප නො යොදාගත යුතු ය. ඒ පරමාණුව ද්‍යශ්‍යමාන නොවන බැවිනි. ඔහු කියා සිටියේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමෙහි දී (පැහැදිලි කිරීමේ දී) පංචෙන්ද්‍රියයන්ට ගෝචර සංකල්ප පමණක් යොදාගත යුතු බව ය. ඒ අනුව පරමාණුව පමණක් නොව බටහිර භෞතික විද්‍යාවෙහි දී අවස්ථිතික සමුද්දේශ රාමු යොදා ගැනීමට ද ඔහු විරුද්ධ විය. ඔහුට අනුව අංශුවක අවස්ථිතිය ඇතිවන්නේ අනෙක් අංශුවල පැවැත්ම හේතුකොටගෙන ය. වෙනත් ආ කාරයකට කිවහොත් අංශුවක ස්කන්ධය අනෙක් අංශුවල පැවැත්ම නිසා ඇති වෙයි. මුළු මහත් විශ්වයේ ම පැවතියේ එක් අංශුවක් පමණක් නම් ඒ අංශුවට අවස්ථිතියක්, ස්කන්ධයක් තිබිය නොහැකි යැයි ඔහු කියා සිටියේ ය.

ඔහුගේ අදහස් තරුණ අයින්ස්ටයින්ට මහත්සේ බලපෑවේ ය. පසු කලෙක ඔහු ඒ අදහස් යම් ප්‍රමාණයකට බැහැර කළ ද සාධාරණ සාපේක්‍ෂතාවාදය මුලින් ම ගොඩනගද්දී ඔහුට ඒ අදහස් වැදගත් විය. එහි දී අවස්ථිති සමුද්දේශ රාමු බැහැර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වාකර්ෂණය ද ඉවත් කෙරිණි. එහෙත් අයින්ස්ටයිනීය සංකල්ප ඉන්ද්‍රිය ගෝචර බවක් එයින් ගම්‍ය නො වේ. ගුරුත්වාකර්ෂණය වෙනුවට සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි දැක්වෙන අවකාශ - කාල වක්‍රතාව කිසිම අයුරකින් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. මාක් විද්වතාගේ අදහස් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි අන්තර්ගත වී නොමැති බව පසුව හෙළි විය. 

ඒ කුමක් වුවත් අපට මේ කිසිවක් නිසා ගැටළු පැන නො නගියි. සංකල්පීය ලෝකය ශූන්‍ය බැවින් පංචෙන්ද්‍රියයන්ට ගෝචර ‘සංකල්පවලට විශේ’ෂ තැනක් හිමි නො වෙයි. දෘශ්‍යමාන යැයි කියන ලෝකය හා අදෘශ්‍යමාන යැයි කියන ලෝකය අතර සංකල්පීය වශයෙන් ගත්කල වෙනසක් නැත. අපට ලැබී ඇති පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම හේතුවෙන් දෘශ්‍යමාන සංකල්පවලට ඊනියා පැවැත්මක් තිබිය යුත්තේ ඇයි?


යම් ආකාරයකින් අපට වෙනත් ඉන්ද්‍රිය පද්ධතියක් තිබිණි නම් අප පවතින්නේ යැයි සලකන්නේ ඒ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර වන සංකල්ප පමණ ද? අපට දැනට ඇති ඉන්ද්‍රිය පද්ධතිය තිබිය හැකි එකම ඉන්ද්‍රිය පද්ධතිය නොවන බව පැහැදිලි ය. අපට පෙනෙන වර්ණ බටහිර භෞතික විද්‍යාවට අනුව ආයාම දිග යම් පරාසයක් තුළ වූ තරංග නිසා ඇතිවෙයි. අප ඒ වර්ණ පමණක් ඇති බව පිළිගත යුතු ද? ඒ වර්ණත් අනෙක් වර්ණත් අපේ නිර්මාණ පමණක් වෙයි.



නලින් ද සිල්වා

2013-08-07

Sunday, 4 August 2013

තාවකාලික ඉන්දු ලංකා ගිවිසුම

පසුගිය ජූලි 22 වැනි දා ඩේලි මිරර් පුවත්පත සමග කළ සාකච්ඡාචක දී උතුරේ පළාත් සභා මැතිවරණයේ දී ඉන්දියාව වෙනුවෙන් දෙමළ ජාතික සංධානයෙන් මහඇමති ධුරාපේක්‍ෂක ලෙස තරග කරන විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබුණේ 80- 90 දශකවල ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකළ නමුත් 2009 දී ඉන්දියාවේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය නොලබන්නට එතරම් ඉක්මණින් කොටින් පරාජය කළ නොහැකිව තිබූ බැවින් ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව කියමින් එකී ගිවිසුම අහෝසි වී ඇතැයි කීම වැරදි බව ය. මේ ප්‍රකාශයෙන් විග්නේෂ්වරන් කරුණු දෙකක් කියයි. එකක් නම් 80 -90 දශකවල ඉන්දියාව ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව ය. දෙවනුව ඉන්දියාව කොටින් පැරදවීමට ලංකාවට සහාය දීමෙන් ගිවිසුමේ තම කොටස ඉටුකර ඇති බව ය. මෙයින් පළමු කරුණ සම්බන්ධයෙන් අපේ ස්තුතිය විග්නේෂ්වරන්ට හිමිවිය යුතු ය. ඔහු 80-90 දශකවල ඉන්දියාව ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව පිළිගනියි. එය වැදගත් පිළිගැනීමකි. එහෙත් ඔහුගේ දෙවැනි ප්‍රකාශය මුළුමනින් ම වැරදි ය. ඉන්දියාව හා බටහිරයන් 2009 දී කොටින් පැරදවීමට දුන් සහායක් නැත. බටහිරයෝ හා ඉන්දියාව මුල සිට ම කොටින් පුහුණු කිරීමෙන්, මුදල්, අවි ආයුධ හා වෙනත් උපකරණ ලබාදීමෙන් ලංකාණ්ඩුවට එරෙහිව කොටින් යොදාගත්හ. ඔවුන්ට නොකළහැකි වූයේ සෘජුව ම කොටින්ට සහාය වීමට හමුදා එවීම පමණ ය. බටහිරයෝ අවසානය දක්වා ම කොටි නායකයන් බේරා ගැනීමට උත්සාහ කළහ. ඇමරිකන් ගැත්තකු වූ බෑන් කි මූන්ගේ විශේෂ නියෝජිතවරයකු ලෙස පැමිණි නම්බියාර් ප්‍රභාකරන් ඇතුළු නායකයන් යැවීමට නැවක් ගෙන්වා ගැනීමට උත්සාහ කළේ ය බටහිරයන් ප්‍රභාකරන් ගලවා ගත්තේ නම් අදත් බෝම්බ පිපිරෙනු ඇත. එහෙත් අපේ රණවිරුවෝ ප්‍රභාකරන් නම්බියාර්ට භාර නොදී යමයාට භාරදුන්හ. එයට පළිගැනීමක් ලෙස බටහිරයෝ අදත් ජනාධිපතිතුමාටත්, ආරක්‍ෂක ලේකම්තුමාටත්, රණවිරුවන්ටත් ඊනියා මානව අයිතීන් කඩකිරීම් පිළිබඳ ව චෝදනා කරමින් ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා දංගෙඩියට යැවීමට බීබීසියේ චැනල් ෆෝ හෙවත් හතරවැනි නාලිකාව හා වෙනත් ක්‍රම ඔස්සේ උත්සාහ කරති. ආණ්ඩුව අස්ථායී කිරීමෙන් තොරව එය නොකළ හැකි බව දත් බටහිරයෝ  නොයෙකුත් ආකාරයේ වසන්ත ලංකාවේ ඇතිකිරීමට උත්සාහ කර  අද ලංකාව අරාජික කිරීමට වෑයම් කරති. අද තැන තැන ඇතිවන නායකත්වයක් නොමැති සේ පෙනෙන උද්ඝෝෂණ, නැගිටීම් ආදිය පසුපස බටහිරයෝ වෙති. නිලධාරීන්ගේ වැරදි ඇමතිවරුන් පිටින් යැවීමට ජනමාධ්‍ය ඔස්සේ බටහිරයන්ගේ ඒජන්තයෝ උත්සාහ කරති. එහි දී රතුපස්වල දී මෙන් මිනිස් ජීවිත බිලි දීමටත් ඒජන්තයෝ කටයුතු කරති. ජනතාවට ප්‍රශ්න නැතිවා නො වේ. එහෙත් එයට විසඳුම් දෙන ක්‍රම ඇත. මහාමාර්ග, දුම්රිය මාර්ග අවහිර කිරීමෙන් ප්‍රශ්න විසඳිය හැකි නො වේ.  

ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට නුදුරුව ප්‍රභාකරන් සමග බිඳුණු බව සැබෑ ය. එයට හේතුව වූයේ ප්‍රභාකරන් බටහිරට කීකරු වූ නමුත් ඉන්දියාවේ ආධිපත්‍යය පිලිගැනීමට අකමැති වීම ය. ඉන්දියාවට අවශ්‍ය බලය බෙදා, සන්ධීය රාජ්‍යයක් ඇතිකර, ඊළමක් පිහිටුවා, අවසානයේ දී ඊනියා දේශ සීමා අරගල ඔස්සේ හැකිනම් මුළු ලංකාව ම ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීම ය. එහෙත් ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ මුල දී ඉන්දියාවේ සහාය ලබාගත්ත ද ඉන්දීය ආධිපත්‍යයට යට නොවූ ඊළමක් සෘජුව ම ඇතිකිරීම ය. එසේ වුවත් ඉන්දියාව කොටින් පරාජය කිරීමට කිසි දිනෙක ලංකාවට සහාය නොදුන්නේ ය. ඉන්දියාව ප්‍රභාකරන්ට අකමැති වුවත් ඊළමට පක්‍ෂපාති ය. ඊළමට පක්‍ෂපාති ඉන්දියාවවත්, සම්බන්ධන්ලාගේ හා විග්නේෂ්වරන්ලාගේ දෙමළ ජාතික සංධානයවත් ප්‍රභාකරන් පැරදවීමට කිසි දා සහාය නොදිණි. විග්නේෂ්වරන්ට අවශ්‍ය මේ සියල්ල ජනතාවගෙන් වසං කිරීමට ය. ඒ අතර ඉන්දියාව 2009 දී කොටින් පැරදවීමට ලංකාවට සහාය දුන් බව පවසමින් ඔහු කියන්නේ ඉන්දු ලංකා ගිවිසුම 2009 දීත් වලංගු වූ බවත් ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඉන්දියාවට එසේ සහාය දීමට හැකි වූ බවත් ය. මෙය බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුවලටත් වඩා බොරුවකි. අද වකුගඩු රෝගයෙන් ජනතාව මියයන්නේ බටහිර විද්‍යාවේ, බටහිර සංඛ්‍යානයේ සහ වෙනත් බටහිර දැනුම්වල පට්ටපල් බොරු වෙනුවෙනි. විග්නේෂ්වරන්ලා මුළු මහත් ලංකාව මරාදැමීමට උත්සාහ ගන්නේ බටහිර සමාජයීය විද්‍යාවන්ගේ පට්ටම පට්ටපල් බොරු යොදා ගනිමිනි.


ඉන්දු ලංකා ගිවිසුම රටවල් දෙකක් අතර වූ ගිවිසුමක් ලෙස පිළිගත්තත් එය කච්චතිවු ගිවිසුම වැන්නක් නො වේ. ඉන්දියාවට කිසි දිනෙක ඉන්දු ලංකා ගිවිසුමට හිලවු තැබීමට කච්චතිවු ගිවිසුම යොදාගත නො හැකි ය. සියළු සංස්කාර අනිත්‍ය වූ ලෝකයක ඉන්දීය බමුණන්ට ඉන්දු ලංකා ගිවිසුම බ්‍රහ්මන් හා එකතුකර අනන්ත ආයු’ෂක් ලබාදිය නො හැකි ය. සියළු ගිවිසුම් තාවකාලික ය. එහෙත් කච්චතිවු ගිවිසුම වැනි ගිවිසුම් සුසමාදර්ශී වෙනසක් වන තුරු වලංගු ය. ඉන්දු ලංකා ගිවිසුම එවැන්නක් නො වේ. එය ඉන්දියාව තම කාර්යයන් ඉටු නොකිරීම නිසා ම 1987 අගෝස්තු මාසයෙන් පසුව අවලංගු විය. එසේ අවලංගු නොවිණි යැයි කිසිවකු තර්ක කළ ද, එය සුසමාදර්ශයක් (පැරඩයිමක්) අවසන්වන තුරුවත් පවතින ගිවිසුමක් නො වේ. එය සුවිශේෂ කාර්යයක් සඳහා ඇතිකර ගත් ගිවිසුමකි. එය ඇතිකර ගනු ලැබුයේ එයට අත්සන් තැබූ අයට අනුව 1987 ජූලි මස වන විට ලංකාවේ තිබූ කොටි ත්‍රස්තවාදය හේතුකොට ගෙන ය. එහි පූර්විකාවේ ඇති අසත්‍ය කරුණු අපි නො පිළිගනිමු. රජිව් ගාන්ධිට අවශ්‍ය වූයේ දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් විසඳීමට නොව ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ලංකාව මෙහෙයවීමට ය. කෙසේ වෙතත් ගිවිසුම අනුව ප්‍රධාන කාර්යය වූයේ ලංකාවට මෙන් ම ඉන්දියාවට ද ප්‍රශ්නයක් වූ කොටි නිරායුධ කර ඔවුන් පරාජය කිරීම ය. ඊනියා ඉන්දීය සාම සාධක හමුදාව කැඳවනු ලැබුයේ ඒ සඳහා ය. ඉන්දු ලංකා ගිවිසුම වැරදි පූර්විකාවක් යටතේ වුවත් ඒ කාර්යය සඳහා ඇති කරගත් ගිවිසුමක් විය. 1987 අගෝස්තුවේ ගිවිසුම අවලංගු නොවී යැයි තර්ක කළ ද ඊනියා සාම සාධක හමුදා ආපසු ඉන්දියවට ගියේ ඒ කාර්යය ඉටු නො කර ය. ඊනියා සාම සාධක හමුදා ආපසු යෑමෙන් පසු ඉන්දු ලංකා ගිවිසුමක් නැත. සුවිශේෂ කාර්යයක් සඳහා ඇතිකරගන්නා ගිවිසුමක් එක්කෝ ඒ කාර්යය ඉටුකිරීමෙන් පසු නැති වෙයි. නැතහෙත් ඒ කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් අවසන් වෙයි. ඉන්දු ලංකා ගිවිසුමක් අද වන විට නැත. ඒ අතර දහතුන් වැනි සංශෝධනය පිළිබඳ කිසිම ගිවිසුමක් ලංකාව හා ඉන්දියාව අතර නොමැති බව අවධාරණය කළ යුතු ය. අපේ ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට හා ජනතාවට අවශ්‍ය ආකාරයෙන් පමණක් සිදුවිය යුතු ය.

නලින් ද සිල්වා

2013-08-04

Wednesday, 31 July 2013

What is India up to? - II

In the interview given to the “Daily Mirror” of 22nd July 2013, Vignesvaran, the Chief Ministerial candidate of the TNA, at the Northern Province Provincial Council elections further states “If not for the support of the international community, particularly India, Sri Lanka could not have got rid of the LTTE so swiftly. So India, on its part although it was not done in the 80s, it was done in 2009 and therefore, I don’t believe it is a ground to set aside 13A, which takes root from the international agreement between India and Sri Lanka. You cannot play the fool with such agreements and without the permission of India; it is not possible for Sri Lanka to act unilaterally.” This is queer logic to say the least and by this answer Vignesvaran attempts to claim that the Indo Sri Lanka Accord is still valid. It would be interesting to find out what the Accord said in this regard. It is given in clause 2.9.

“2.9 The emergency will be lifted in the Eastern and Nothern Provinces by Aug. 15, 1987. A cessation of hostilities will come into effect all over the island within 48 hours of signing of this agreement. All arms presently held by militant groups will be surrendered in accordance with an agreed procedure to authorities to be designated by the Government of Sri Lanka.

Consequent to the cessation of hostilities and the surrender of arms by militant groups, the army and other security personnel will be confined to barracks in camps as on 25 May 1987. The process of surrendering arms and the confining of security personnel moving back to barracks shall be completed within 72 hours of the cessation of hostilities coming into effect.”  

Though the security personnel were moved backed to the barracks, as well known, the process of surrendering arms were not completed within 72 hours of the cessation of hostilities that should have come into effect  within 48 hours of the signing of the agreement. As subsequent events showed the hostilities were not ceased within 48 hours of signing the accord and the Accord became defunct within 48 hours. That meant that there was no Indo Lanka Accord after the 31st of July 1987. It was India that did not fulfill the requirements expected from her and thus unilaterally abrogated the Accord. Even if it is assumed that hostilities were ceased within 48 hours of signing the Accord the LTTE did not surrender the arms within 72 hours of the cessation of hostilities coming into effect. It implies that by 4th of August 1987 latest the Indo Lanka accord became null and void as a result of India unilaterally abrogating it.

Now Vignesvaran defending India that forced the TNA to nominate him as the Chief Ministerial candidate as Sampanthan himself has admitted to Thinakural and Virakesari of 22nd of July, claims that though India did not do what it was required to do in the eighties it did so in 2009. It is good of Vignesvaran to admit that India did not comply with the Indo Lanka Accord in the eighties. However India was not given indefinite time to accomplish its tasks and in terms of the Accord India should have been in possession of the arms of the LTTE by 3rd of August 1987 the latest. The accord did not envisage of defeating the LTTE in 2009 with India supporting the Sri Lankan armed forces in the humanitarian operations. In any event there was no Indo Lanka Accord to be honoured or violated after the 3rd of August 2009, and even if Vignesvaran’s claim that if not for the support given by India, Sri Lanka would not have defeated the LTTE so swiftly is correct, it does not imply that India honoured the Indo Lanka Accord in 2009, as there was no agreement valid by then. In any event the Indo Lanka Accord does not mention anything on defeating the LTTE by 2009.

Now what about the claim that if not for the support of India and so called international community the LTTE would not have been defeated so swiftly? It is said that India has the fourth largest army in the world, but we all know that it could not make the LTTE surrender its arms let alone defeating it militarily. What is the support that the so called international community meaning the western countries including Japan, and India gave the Sri Lankan armed forces to defeat the LTTE? The western countries were interested in seeing the Sri Lankan forces being defeated by the LTTE  but there was no way that they could directly interfering with the “war”. They supplied everything from arms to funds not only through the NGOs but directly through their embassies and even Catholic clergy. At the last moment they wanted to take the LTTE leadership including Prabhakaran, and Nambiar  the special envoy of the UN Secretary General who is only a puppet of the USA, was in Sri Lanka with the intention of bringing a ship to take the LTTE leadership to the west. However it failed and it is this fiasco that led the Channel Four and other western agencies to come out with propaganda against the President, the Defense Secretary and the Armed Forces, falsely accusing them of violation of human rights etc.

India did not want the LTTE to establish an Eelam (Eylom of Suntharalingam) as it could not handle Prabhakaran the way it wanted. Prabhakaran was prepared to obey the west but not India as he did not want his Eelam to be dictated by the big brother. He did not approve of the Indo Lanka Accord and did not surrender arms to the IPKF. Finally he made sure that Rajiv Gandhi was killed and he wanted an Eelam established directly without going through so called devolution of power, federation (confederation), Eelam, with the assistance of India. He probably knew that an Eelam established with the help of India would become a state of India together with the other parts of Sri Lanka realizing the dream of Nehru and his dynasty. In the third stage of Tamil racism in Sri Lanka, India did not want a non Vellala Prabhakaran to lead the armed struggle to establish an Eelam.

We have now entered the fourth stage of Tamil racism in Sri Lanka. At the end of the third stage in the Nandikadal Lagoon the Government of Sri Lanka gave a political solution to the so called Tamil problem as “warfare” is nothing but an extension of politics by other means. All the agreements signed during the second and third stages of Tamil racism became null and void with the defeat of the LTTE in May 2009. However the government was not able to convert the political victory into law due to the non availability of a two third majority at that time and also due to the hegemonic western knowledge that is imparted to us through schools and the universities. It is time to abolish the thirteenth amendment, on which there is no agreement between India and Sri Lanka though it may be a result of the now defunct Indo Lanka Accord. Sri Lanka does not have to consult India or any other country to amend its constitution.


In the meantime India has not given up Nehru’s dream of making Sri Lanka another state of india, and is working towards that goal slowly and gradually. India would attempt to have leaders of the so called Tamil speaking community in Sri Lanka according to its whims and fancies and in this regard they would not tolerate any leader with the slightest connections with the LTTE or Prabhakaran. India is working on the formula devolution of power, Federal state or confederation, Eelam, wars between Eelam and the rest of Sri Lanka, and finally a new state of India in the Indian Ocean. It could also lead to wiping out of Buddhism in South Asia finally. The “choice” of Vignesvaran as the Chief Ministerial candidate for the Northern Province provincial council is the first step in this direction. Having become the chief minister Vignesvaran will agitate for police and land powers with the help of India with the intention of establishing a federal state. It is the “little now more later” policy of Chelvanayakam that India advocates and it is in the interest of a Unitary Sri Lanka that the government amends the relevant provisions of the thirteenth amendment if not abolish it without delay.            

Nalin De Silva

31-07-2013

ඇස් පෙනෙන්නෝ හා නොපෙනෙන්නෝ

අප මෙහි දී අදෘශ්‍යමානය යන්නෙන් අදහස් කරන්නේ ඇසට නොපෙනෙන දේ පමණක් නො වේ. මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල අදෘශ්‍යමාන ලෙස අපි සලකමු. අදෘශ්‍යමානය යන්නෙහි වචනාර්ථය පමණක් අපි නො සලකමු. අපට මෙහි දී වැදගත් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පවතින්නේ ද යන්න ය. එහෙත් අප අවධාරණය කළ යුතු දෙයක් වෙයි. ඒ පවතින්නේ ය යන්න ද අපේ නිර්මාණයක් සංකල්පයක් පමණක් බව ය. සියළු සංකල්ප ශූන්‍ය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. ඒ අපේ නිර්මාණ පමණකි. 

ඒ අර්ථයෙන් ගත්කල අදෘශ්‍යමානය පමණක් නොව දෘශ්‍යමානය ද නො පවතියි. ඒ සියල්ල පවතින්නේ අපේ සංකල්පීය ලෝකයෙහි පමණ ය. එහෙත් සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුව යන්න පවතින්නේ සංකල්පීය ව පමණ ය. එය පරමාර්ථ වශයෙන් නොපවතී යැයි කීමට මම අකමැත්තෙමි. සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. ඇතැමුන්ට අනුව නිවන පරමාර්ථ සත්‍යයකි. මම ද කලක් ඒ එසේ යැයි විශ්වාස කළෙමි. නිවන පරමාර්ථ වශයෙන් සත්‍යයක් යැයි ගත්ත ද නිවන පවතින්නේ යැයි කියන්නෝ වෙත් ද?

අවාසනාවකට එසේ සිතන්නෝ වෙති. ඇතැමුන්ට අනුව නිවන යනු සත්ත්වයන්ට සදාකාලික ව පැවතිය (ජීවත්විය) හැකි වූවකි. එහෙත් නිවන් අවබෝධ කළ තැනැත්තා නැවත නූපදි යි. එසේ නිවන් අවබෝධ කරගන්නා තැනැත්තකු ද නැති වුවත් සම්මුති වශයෙන් ඇති තැනැත්තා නිවන් අවබෝධයෙන් පසු නැවත භවයක ජාතියක්, ජන්මයක් නො ලබයි. නිවන් අවබෝධය යනු චුති චිත්තයෙන් පසුව වෙනත් චිත්ත ඇතිවීම නැවැත්වීම ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණක් නම් චිත්තය යන්න ද අපේ සංකල්පයක් බව ය. 

චුති චිත්තය නිවන් අවබෝධයත් සමග ඇති වීම අනිවාර්ය නොවන බැවින් නිවන් අවබෝධයත් සමග පරිනිර්වාණය සිදු වීම අනිවාර්ය නො වේ. එබැවින් බුදුන් වහන්සේ ද රහතන් වහන්සේ ද නිවන් අවබෝධයෙන් පසුව ද යම් කාලයක් ජීවත් වෙති. ඒ කාලයෙහි උන්වහන්සේට ක්‍රියා සිත් ජනිත වෙයි. අවශ්‍ය වූ විටෙක නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඒ කුමක් වුවත් නිවන යනුවෙන් තැනක් නැත. නිවන් යෑමෙන් (අවබෝධයෙන්) අප යන තැනක් ගැන නො කියැවෙයි. 

අපට ඇත්තේ සම්මුති සත්‍ය ය. ඒ සම්මුති සත්‍ය පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. අප පුටුවක් ඇතැයි කියන්නේ සම්මුතියෙනි. අප දන්නා සියල්ල සම්මුති වශයෙන් පමණක් සත්‍ය වන අතර සම්මුති වශයෙන් පමණක් පවතියි. දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවතින දෙයින් කොටසක් පමණක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවත්නා දේවල කුලකයේ උප කුලකයක් පමණකි.  

දෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අද්‍යශ්‍යමානය යනුවෙන් ගන්නා දේ අප බොහෝ දෙනකුගේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් ඇතැමුනට අප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ යැයි කියන දේ මනේන්ද්‍රියට දැනෙයි. අපේ මනස්වලට ඒ හසු නොවන බැවින් අපි එසේ මනේන්ද්‍රියන්ට ගෝචරවන දේ ඇතැයි, පවතින්නේ යැයි නො පිළිගනිමු. වෙනත් අයට එසේ ඇතැම් දේ මනේන්ද්‍රියට ගෝචර වන්නේ යැයි කියන්නේ ඔවුන්ගේ මනසේ ඇතිවන භ්‍රාන්තියක් නිසා යැයි අපි කියමු.

එය අන්ධ මනුෂ්‍යයකු අපට කිසිවක් නො පෙනෙන්නේ යැයි කීමට සමාන ය. එවැන්නකු කියනු ඇත්තේ ඊනියා පෙනෙන දේ ඇතැමුන්ගේ භ්‍රාන්තියක් පමණක් බව ය. කිසිවක් නොපෙනෙන ලෝකයක ඇතැම් දේ පෙනෙන්නේ යැයි කීම භ්‍රාන්තියක් නොවන්නේ ද? එහෙත් අන්ධ මනුෂ්‍යයෝ එසේ නො කියති. එයට හේතුව අති විශාල බහුතරයක් පෙනෙන දේ ඇතැයි කීම ය. යම් හෙයකින් අන්ධ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව අති විශාල වී නම් හා පෙනෙන අයගේ සංඛ්‍යාව ඉතාමත් සුළුතරයක් වී නම් සමාජයෙහි ඒ සුළුතරය ගැන කිනම් මතයක් ඇතිවීමට ඉඩ තිබිණි ද? 

බහුතරය යන්න ද බොහෝ විට සමාජ බලයක් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එලෙස බහුතරය සමාජ බලයක් ලෙස ගැනීමෙනි. අඩුම තරමෙන් එසේ ගන්නා බවට මතයක් ඇති කිරීමෙනි. බහුතරය සමාජ බලයක් විය යුත්තේ අසන පිරිස් නැතිවා නො වේ. අද මෙරට ඇතැමුන් අසන ප්‍රශ්නයක් නම් බහුතරය සිංහල වූ නිසා සිංහලයන්ගේ මතය සමාජයට බලයෙන් පිළිගැන්විය යුතු ද යන්න ය. එය එසේ විය යුතු නො වේ. බහුතර මතය ගලා එන්නේ කිනම් සාධක මත ද යන්න එහි දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය වෙයි. 

කෙසේ වුවත් එහි තවත් පැත්තක් ද වෙයි. අප සමාජය මත සුළුතරයේ මතය බලයෙන් පැටවිය යුතු ද? එහි දී විදේශීය රටවල සහාය ලබාගැනීම කෙසේ යුක්තියුක්ත කරන්නේ ද? එසේත් නැත්නම් විදේශිය රටවල් තම මතය බහුතරය මත පැටවීමට සුළුතරය යොදා ගන්නේ ද? විදේශීය රටවල දේශපාලන හා ආර්ථික ශක්තිය යොදා ගැනීම යුක්තියුක්ත කළ හැකි ද? අද ලංකාවේ සිදුවන්නේ එවැන්නකි. විදේශික බලවේග සිංහල බහුතරය මත තම මතය පැටවීමට දෙමළ සුළුතරය යොදා ගනියි. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වුව ද එකඟ නොවනමුත් අද මෙරට සිදුවන්නේ ඒ ක්‍රියාදාමය ය. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම මතය සිංහලයන් මත පැටවීමට දෙමළ හා මුස්ලිම් සුළුතරය යොදා ගැනීමට උත්සාහ කරති. 

කෙසේ වෙතත් ඇස් නොපෙනෙන්නන්ගේ ලෝකයක ජීවත්වන ඇස් පෙනෙන්නන් සුළුතරයකට  මුහුණ පෑමට සිදුවන ගැටළු සිතාගත හැකි ය. ඇස් පෙනෙන සුළුතරයට විදේශීය සහායක් නොලැබුණහොත් (ඔවුන්ට ඇස් පෙනෙන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වේ.) ඔවුන් මානසික වශයෙන් ප්‍රශ්න ඇති අය, විකාර කියවන්නන් ආදීන් වශයෙන් හැඳින්වෙනු ඇත. එලෙස ම මිනිසුන්ගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන දේ ගෝචරවන්නේ යැයි පවසන සුළුතරය පංචෙන්දිය්‍රට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි කියන ලෝකයක මානසික රෝගීන් ලෙස හඳුන්වනු ලැබීම බලාපොරොත්තු විය යුත්තකි.

පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යනු හුදෙක් අවයව පහට ගොදුරු වීමක් නොවන බව අවධාරණය කළ යුතු ය. ඉන්ද්‍රියයක් යනඑ අවයවයකට වැඩි දෙයකි. ඉන්ද්‍රියයක් ඇති වන්නේ අදාළ අවයව මනස සමග එකතු වීමෙනි. මනස නොමැතිව කිසිම ඉන්ද්‍රියයක් නැත. මෘත ශරීරයකට ද අවයව පහ ඇත. එහෙත් මෘත ශරීරයකට පංචෙන්ද්‍රිය නො වේ. මෙහි දී සැලකිය යුත්තක් නම් බටහිර විද්‍යාව කුමක් කීව ද සිංහල බෞද්ධයනට මනස යන්න ද ඉන්ද්‍රියයක් බව ය. එහෙත් මනස නම් ඉන්ද්‍රිය සමග බද්ධ වූ අවයවයක් නැති බව අප කලකට පෙර සඳහන් කර ඇත.  

මනස හදවත සමග හෝ මොළය සමග හෝ බද්ධ වී නැත. මනස ඇත්තේ හදවතෙහි යැයි කිවහැකි නො වේ. එමෙන් ම මස මොළයට ඌනනය කළහැක්කක් ද නො වේ. මනස යන ඉන්ද්‍රියට පැවතීමට (සම්මුති වශයෙන් බව නිතර ම කිවයුතු නො වේ. එහෙත් වරදවා තේරුම් ගැනීම වැළැක්වීම සඳහා ඒ බව විටින් විට කිවයුතු වෙයි.) අවයවයක් අවශ්‍ය නො වේ. නො එසේ නම් සිත මිස කය නැති බඹ ලොවක් තිබිය නො හැකි ය. (එය තර්කයක් නොවන බව ද මම දනිමි. එයට හේතුව අප අති විශාල බහුතරයට බඹ ලොව පැවැත්ම ගැන  කිසිම දැනුමක් හෝ විශ්වාසයක් හෝ නැති බැවිනි.) 

එහෙත් මනසක පැවැත්ම ගැන අපට අවබෝධයක් ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ ප්‍රායෝගික ව ය. එහි දී ද අප යොදා ගන්නේ ජීවත්වන්නකු හා මෘත ශරීරයක් අතර ඇති වෙනස ය.  නරක් නොවුණු මෘත ශරීරයක මොළය ද ඇතුළු සියළු අවයව වෙයි. එහෙත් මෘත ශරීරයට කිසිවක් නො දැනෙයි. මෘත ශරීරයක් හා ජීවත්වන්නකු අතර ඇති වෙනස ද එයයි. සිහි නැති පුද්ගලයකුට ද කිසිවක් නොදැනෙන්නේ යැයි කිසිවකු කියනු ඇත. සිහි නැති පුද්ගලයකු සහ මෘත ශරීරයක් අතර ඇති වෙනස කුමක් ද? 

බටහිර වෛද්‍ය විද්‍යාව එයට කියනු ඇත්තේ සිහි නැති පුද්ගලයකුගේ හදවත හා මනස ක්‍රියාකරන බව ය. හදවත ක්‍රියා නොකළත් මනස ක්‍රියා කරන බව ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිය යෑම යනු මොළය මිය යෑම ය. මෙහි දී මිය යෑම යන වචනය යොදා ගැනීම තරමක ප්‍රශ්නයකි. මොළය මිය යෑම යනු මොළය අක්‍රීය වීම විය හැකි ය. මෙයින් කියැවෙන්නේ මනස යනුවෙන් සංකල්පයක් නොයොදා ගෙන මිය යෑම තේරුම් ගත හැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය හෝ එසේ ක්‍රියාකාරි වීමේ ප්‍රතිඵලයක් හෝ වෙයි. 

එය එසේ යැයි පිළිගත්ත ද පංචෙන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙයි. අදාළ අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ඇස කණ ආදී අවයවවලට ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් මොළය යනු ද අවයවයකි. එසේ නම් මොළය හා වෙනත් අවයවයක් අතර ඇති වෙනස කුමක් ද? මොළයට එතරම් විශේෂත්වයක් අත්වන්නේ ඇයි? අනෙක් අවයවයකට මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ක්‍රියාකාරි වීමට නොහැකි වුවත් වෙනත් කිසිම අවයවයක ක්‍රියාකාරීත්වය නොමැතිව මොළයට ක්‍රියාකාරී විය හැක්කේ කෙසේ ද? 

මෙහි දී පැන නගින ප්‍රශ්න දෙකක් වෙයි. මොළය නම් අවයවය ඇති සියළු සතුන්ට මනසක් වේ ද? එසේත් නැත්නම් මනස යන වචනය යොදා ගැනීමට අකමැත්තක් වේ නම් මොළය ඇති සියළු සතුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් නැත් ද? අනෙක් සතුන්ගේ ද මොළය හැරෙන්නට අනෙක් අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය හා බැඳී ඇත් ද? මනස යනුවෙන් කුමක් කියැවෙන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැතිව වුව ද මෑතක් වන තුරුම බටහිර විද්‍යාව කියා සිටියේ මිනිසුනට හැරෙන්නට අනෙක් සතුන්ට මනසක් නැති බව ය. 

එහෙත් දැන් දැන් මේ මතය වෙනස්වනු දැකිය හැකි ය. සුපුරුදු පරිදි බටහිර විද්‍යාවේ එක් ප්‍රවාදයක් වෙනුවට වෙනත් ප්‍රවාදයක් ආදේශ වෙයි. මිනිසුන් නොවන සතුන්ට මනස් නැතැයි කී බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු සතුන්ගෙන් කිහිප දෙනකුට වුවත් මනසක් ඇතැයි කීම එතරම් ම පුදුමයට කරුණක් නො වේ. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් කිහිප දෙනා මනස යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි අපි නො දනිමු. එය බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියන මොළය ද? එසේත් නැත්නම් වෙනත් කිසිවක් ද?  එය අවයවයක් සමග බැඳී ඇත් ද?     


අනෙක් ප්‍රශ්නය වනුයේ මොළයක් යනුවෙන් කිවහැකි අවයවයක් නැති සතුන්ට මනසක් නැත් ද යන්න ය. මනසක් නැත්නම් මේ ජීවීන් සංසාර ගමනක නො යෙදෙන්නේ ද? ඔවුන්ට මීළඟ භවයක් නැත් ද? බුදුදහමෙහි සියළු සතුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ කවුරුන් ද? ඒ සතුන්ට මනසක් ඇත් ද? නැත් ද? මේ ප්‍රශ්න පිළිබඳ ව බටහිර විද්‍යාව ද බුදුදහම ද විශ්වාස කරන අය කියන්නේ කුමක් ද? ඔවුන්ට සංගත පිළිතුරු දිය හැකි ද?



නලින් ද සිල්වා

2013-07-31

ආරාධනයයි!




Sunday, 28 July 2013

ඉන්දියාවේ අභිලාෂය

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර හෙටට අවුරුදු 29ක් වෙයි. ගිවිසුම අහෝසි වී මෙම මස අන්තිමට අවුරුදු 29ක් විය. එයට හේතුව ඉන්දියාව දින තුනක් ඇතුළත කොටින් නිරායුධ කිරීමට අසමත්වීම ය. එයට අමතරව එහි පරස්පර, අර්ථ නොදක්වන ලද වචන ආදී දෝෂ රැසක් ද වෙයි. පළාත් හා පළාත් සභා ද ඒ ගණයට අයත් වෙයි. එහෙත් අපි තවමත් ඒ ගැන කතාකරමු. එපමණක් නො වේ. ගිවිසුමෙහි පළාත් සභා පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. එහෙත් පළාත් සභා මැතිවරණ 1987 දෙසැම්බර් 31ට පෙර සිදුවිය යුතු යැයි කියැවෙයි. නැති පළාත් සභා සඳහා මැතිවරණ පවත්වන්නේ කෙසේ දැයි කෞටිල්‍යයන්ගෙන් ම  දැනගත යුතු ව ඇත. කෙසේ වෙතත් ඊනියා ගිවිසුමේ ඒ වගන්තිය ද ඉටු නොවිණි. එහෙත් අපේ හමුදා නම් බැරැක්කවලට සීමා කෙරිණි. ඒ මදිවාට බටහිර විද්‍යාවෙහි මෙන් ඊනියා ගිවිසුමෙහි පට්ටපල් බොරු ද වෙයි. අවුරුදු සියයක් පමණ පැරණි වූ උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු දහස් ගණනක් දෙමළ කතාකරන ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි ව පැවති යැයි එහි සඳහන් වෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි දෙමළ ජනයාගේ සම්භවය 1650න් පසුව සිදු වී ඇති බව සාක්‍ෂි සහිතව පෙන්නුම් කළ හැකි ය. එහි මුස්ලිම් ජනයා පදිංචි කෙරුණේ එයට තරමක් කලින් සෙනරත් රජු දවස ය. සති කිහිපයකට පමණ පෙර අප පෙන්වාදුන් අන්දමට ගිවිසුම වලංගු යැයි තර්ක කළ ද, එහි 2.10 වගන්තියේ සඳහන් අන්දමට උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනෙක් පළාත්වල ඇති පොලිස් ව්‍යුහය ම තිබිය යුතු ය. ඒ අනුව පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ඉන්දු ලංකා ගිවිසුමට ද විරුද්ධ ය. ඉඩම් බලතල පැවරීම ඊනියා සාම්ප්‍රදායික වාසභූමි කෙප්පය මත පදනම්වන බැවින් එසේ කිරීම ද අනවශ්‍ය ය. ඉඩම් බලතල හා පොලිස් බලතල උතුරු පළාත් සභාවට පැවරීමේ ප්‍රතිඵලය වනුයේ එහි දෙවැනි හමුදාවක් ඇතිවීමත් ලංකාණ්ඩුවේ හමුදාවලට කඳවුරු පිහිටුවා ගැනීමට බිම් අඟලක්වත් අහිමිවීමත් ය. කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම වලංගු වුවත් ඉන්දියාව හා ලංකාව අතර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගිවිසුමක් නැති බව අවධාරණය කළ යුතු ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ අප ඉන්දියාවෙන් අවසර ගත යුතු නො වේ. ඉන්දු ලංකා ගිවිසුමෙහි අර්ථකථනය කර නොමැති පළාත් සභා පිහිටුවීම අවශ්‍ය නො වේ. අනෙක් අතට ඉන්දු ලංකා ගිවිසුමෙහි පරිපාලන ඒකක ලෙස පළාත් ගැන කතාකරනමුත් ඒ වන විට ව්‍යවස්ථාවෙන් පළාත් යනු කවරේදැයි අර්ථදක්වා නොතිබුණි. අද වන තුරුත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක පළාත් පරිපාලන ඒකක ලෙස හැඳින් වී නොමැත. ව්‍යවස්ථාවට අනුව පරිපාලන ඒකක වනුයේ දිස්ත්‍රික්ක ය. පළාත් සභා අවශ්‍ය ම යැයි යමකු පවසන්නේ නම් දහතුන ද වත්මන් පළාත්සභා පනත ද අහෝසිකර වෙන ම පළාත් සභා පනතක් ගෙනැවිත් සංක්‍රමණීය පිළිවෙතකට යටත් ව පළාත් සභා පවත්වාගෙන ගිය හැකි ය.    

ඒ කුමක් වුවත් අද අප එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයට ය. පළමු යුග තුන ගැන සඳහන් කෙරෙන ප්‍රභාකරන් මහුගේ සියලා, බාප්පලා හා මස්සිනාලා කෘතියේ හතරවැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් ද සහිතව ය. දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය ය. එය අද ඊයේ නොව තුන්වැනි ජොර්ජ් රජුගේ කාලයේ සිට ම වෙයි. අනෙක් අතට දෙමළ ජාතිවාදය පසුපස නේරුගේ කාලයේ සිට ඉන්දියාව වෙයි. ඒ පරාජය කිරීමට පසුගිය දා උපන් හත්වැනි ජෝර්ජ් රජ වන තෙක් හෝ රජිව් ගාන්ධිගේ තවමත් නූපන් මුණුබුරා හෝ මිණිබිරිය හෝ ඉන්දියාවේ අගමැති තනතුරට පත්වන තුරු හෝ බලා සිටිය යුතු නො වේ. අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදයේ කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළෙමු. එය එතෙක් ඊනියා දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් ඉරා දැමීමකි. එයට හේතුව ඒ සියළු දේශපාලන ක්‍රියාවල අවසානය ප්‍රභාකරන් වීම ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලන ක්‍රියාවලියකි. දෙමළ ජාතිවාදයේ පළමු, දෙවැනි හා තුන්වැනි යුග ප්‍රභාකරන් සමග අවසන් වූයේ දෙමළ ජාතිවාදය හමුදා දේශපාලන වශයෙන් පරාජය කිරීමෙනි. එහෙත් අප ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුළත් කරගැනීමට නොහැකි වීමෙන් ද එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ද ඉන්දියාවේ ද මැදිහත්වීමෙන් ද දෙමළ ජාතිවාදය තවමත් දේශපාලන වශයෙන් පවතියි.  එය හැකිතාක් ඉක්මණින් දේශපාලනික ව පරාජය කළ යුතු ය. එහෙත් අපට තවමත් එංගලන්තයේත් ඉන්දියාවේත් අභිලාෂය හඳුනාගැනීමට නොහැකි වී ඇත.


එංගලන්තය බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද යොදා ගනිමින් තම සංස්කෘතියට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි සිංහල බෞද්ධ සංස්කෘතිය  නැතිකිරීමට බැරිනම් දුර්වල කිරීමට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් උත්සාහ කරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වට්ටවා එ ජා ප - දෙමළ ජාතික සංධාන ආණ්ඩුවක් පිහිටුවීම උතුරට හා නැගෙනහිරට බලය බෙදාදීම එහි පළමු පියවර වෙයි. නේරුගේ ද සිහිනයක් ව පැවති ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම සැබෑකර ගැනීමට ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගනියි. එදත් අදත් ඉන්දියාවට අවශ්‍ය අන්දමට දේශපාලනය කරන නායකයෝ මෙරට වෙති. සම්බන්ධන් හා රාවුෆ් හකීම් ඉන් දෙදෙනෙක් වෙති. ඊනියා දෙමළ කතාකරන ජනයාගේ අභිලාෂය යැයි කියමින් පළමුව බලය බෙදීම, දෙවනුව සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකිරීම, තුන්වැනුව ඊළම පිහිටුවීම, හතරවැනුව දේශසීමා ගැටුම් ඔස්සේ ලංකාව හා ඊළම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම ඉන්දියාවේ අභිලාෂය වෙයි. වෛදිකයන්ගේ සදාතනික බ්‍රහ්මන් මෙන් සදාතනික බලාපොරොත්තුව වූ ලංකාවෙන් හා දකුණු ආසියාවෙන් බුදුදහම අතුරුදන්කිරීමට ඔවුන් ඒ සමග ක්‍රියා කරනු ඇත. මෙරට දෙමල ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැත. ඇත්තේ ඉංගිරිසි මකියාවේලීන්ගේ හා ඉන්දීය කෞටිල්‍යයන්ගේ ප්‍රශ්නයකි. කෞටිල්‍යයෝ එහි දී ඉංගිරිසි කතාකරන, බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වෙල්ලාලයන් යොදා ගැනීමට එදත් අදත් උත්සාහ ගනිති. එංගලන්තයට කෙසේ වෙතත් ඉන්දියාවට ප්‍රභාකරන් අවනත නො වී ය. ඔහුගේ කුලය ද ප්‍රශ්නයක් විය. ඉන්දියාව අද එයින් පාඩමක් ඉගෙන ඇත. ඔවුන් කොටින් සමග සම්බන්ධ යැයි කියන සේනාධිරාජා වෙනුවට “ උභය කුල පාරිශුද්ධ” විග්නේස්වරන් උතුරේ මහඇමති අපේක්‍ෂක ලෙස තෝරාගැනීමට සම්බන්ධන්ට ඔහුම කියන පරිදි බලකර ඇත්තේ විග්නේස්වරන්ගේ ඊනියා නීති දැනුම නිසා නොව ඉන්දියාවට ඔහු විශ්වාස බැවිනි. එහෙත් ඒ සමග දෙමළ ජාතික සංධානය කැඩී යෑම වැළැක්විය නොහැකි ය. අප අපේ පාඩම් ඉගෙන ගන්නේ නම් කෞටිල්‍යයන් ද මකියාවේලීන් ද පරාජය කිරීම මහෞෂධයනට ප්‍රශ්නයක් නො වේ.   


නලින් ද සිල්වා

2013-07-28