Main Logo

Friday, 31 May 2019

රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල


රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල 

අද රතන හාමුදුරුවො දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන්න යන බවට ආරංචියක් තියෙනවා. ඒක මාරාන්තික ද නැහැ අපවත්වීමාන්තික ද නැත් ද කියල දැන ගන්න විධියක් නැහැ. ඊයේ මාධ්‍යයට කියන්නෙ නැතිව පවත්වපු සාකච්ඡාවක දි තීරණය ගත් බවට තමයි ආරංචි වුණෙ. මාධ්‍ය සහභාගි කර නොගැනීමත් මාධ්‍ය සංදර්ශනයක්. රතන හාමුදුරුවන්ට මාධ්‍ය ගැන අමුතුවෙන් කියල දෙන්න කාටවත් බැහැ. අසාද් සාලි ලා අස්කරන්න ඕන. ඒ බව අර වස විස කතාව වගේ ම අපි කියල තරමක කාලයක්. 

Thursday, 30 May 2019

සිංහල බෞද්ධ රාජ්‍යයකට විරුද්ධ ජාතිවාදියෝ

සිංහල බෞද්ධ රාජ්‍යයකට විරුද්ධ ජාතිවාදියෝ

ජාතිවාදය යන්න සිංහලයන් අතර තිබූ සංකල්පයක් නො වෙයි. එය සුද්දන්ගේ රේසිසම් (racism)  කියන වචනයට සිංහලෙන් දෙන ලද පරිවර්තනය. රේස් යන්නට ජාතිය කියන එකත් පස්සෙ හදාගත්ත දෙයක්. නේෂන් කියන එකටත් අද ජාතිය කියල කියනවා. රේසිසම් කියන එකට විවිධ අර්ථකථන තියෙනවා. අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. ඕන නම්  බටහිර දේශපාලන විද්‍යා පඩංගුත් කියවන්න.  සිංහලයන්ට ජාතිවාදය කියන සංකල්පය නොතිබීම මගින් කියන්නේ සිංහලයන් ජාතිවාදී නොවන බවයි. ඇතැම් පඬියන් රේස් කියන එකට වර්ගය කියා කියනවා. ඒ අනුව ඔවුන් වර්ගවාදය කියා වචනයකුත් හදා ගෙන. 

Tuesday, 28 May 2019

මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට


මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට
 



අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව  සිංහල බෞද්ධ යැයි කියන නිවට නියාළු කසිකබල් දේශපාලනඥයන් බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් ඇතැමකු කෙලින් ම බටහිරයන් වෙනුවෙන් පෙනී සිටින බටහිර දාසයන්. බටහිර න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන ඔවුන්ට බටහිරින් වරප්‍රසාද ලැබුණත් නැතත් වහල් මනසට අනුව ඔවුන් බටහිරයන් කියන දේ කරනවා. අනෙක් පිරිස තමන් ලත් අධ්‍යාපනය අනුව බටහිර  අවශ්‍යතාවන් හිස් මුදුණේ තබා ගෙන ක්‍රියා කරනවා. මේ කොයි කවුරුත් අවසාන වශයෙන් ගත් කල බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙලා. 

Sunday, 26 May 2019

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව වැඩ කරන අයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳල නැති බව රනිල් හැරෙන්න අනෙක් අය පිළිගනු ඇති බව හිතනවා. අද එසේ නොකියන එ ජා පාක්‍ෂිකයන් පවා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයක එසේ කියන බවට සැකයක් තියෙන්න බැහැ. ඔහු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ධුරය ආදී ආයතන එකක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.

Friday, 24 May 2019

තේරුම් ගැනීම විස්තර කිරීම අනාවැකි කීම හා ඥානසාර හාමුදුරුවෝ


තේරුම් ගැනීම විස්තර කිරීම අනාවැකි කීම හා ඥානසාර හාමුදුරුවෝ



මා පසුගිය කාලයේ දිනපතා ම මෙන් කාලයට ලිව්වා. එයට එක් හේතුවක් වූයේ ජනමාධ්‍ය මගේ ලිපි පළ නොකිරීමයි. එමෙන් ම විද්‍යුත් මාධ්‍ය ද මා නොසලකා හැරීමයි. ඊනියා ජාතිකවාදී යැයි කියා ගන්නා ජනමාධ්‍යට ද මා නොවැදගත් අනම් මනම් කියවන්නකු පමණක් වුණා. මේ සති දෙකේ නම් මට දිනපතා ලියන්න ලැබෙන එකක් නැහැ. ඒ මා තැනින් තැන යන සංචාරක   ජීවිතයක් ගත කරන නිසා. 

Wednesday, 22 May 2019

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්


මේ රට සිංහල බෞද්ධ යැයි කීමට දිව නොනැමෙන පිරිස් දෙකොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධ දේශපාලනඥයන් හා සිංහල බෞද්ධ පවුල්වල උපත ලබා යම් යම් හේතූන් නිසා සිංහල බෞද්ධකමට වෛර කරන පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. දෙවැනි කොටස ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඔවුන්ගේ කාලය දැන් අවසන්. ඔවුන් බටහිරයන්ගේ ඒජන්තයන්. ඔවුන් බටහිර මතවාද මෙරට ප්‍රචලිත කරන ඩ්‍රීම් ස්ටාර්ලා පමණයි. ඔවුන්ට ඇත්තේ හීනමානයක්. තමන් ඊනියා අඩු කුලයක ඉපදීම, දෙමව්පියන් ඉංගිරිසි නොදැනීම, තාත්තලා කලිසම නොඇඳීම ආදී කරුණු හේතු කොට ගෙන උපන් හීම මානයක් ඔවුන්ට තියෙනවා. ඔවුන්ගේ හීනමානය ඇති කර ඇත්තේත් බටහිරයන්. 

Tuesday, 21 May 2019

කෝ මේ දේශපාලන නායකත්වය

කෝ මේ දේශපාලන නායකත්වය



අද ආණ්ඩු පක්‍ෂය මෙන් ම විපක්‍ෂය ද කරන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම දැයි ප්‍රශ්න කරන්න වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ආණ්ඩුව පරීක්‍ෂණ පවත්වන එක නවත්වල ද කියන ප්‍රශ්නය අහන්න සිද්ධ වෙනවා. අද වඩාත් කතාබහට ලක්වන්නේ මිනුවන්ගොඩ නැත්නම් වෙනත් තැන ප්‍රහාර. ඒ ගැනත් පරීක්‍ෂණ පවත්වන්න ඕන. එහෙත් එයත් නිසි පරීක්‍ෂණයකට ලක්වන බවක් පෙනෙන්න නැහැ. අද සිද්ධ  වන්නේ ඒ ප්‍රහාර පිළිබඳ ව විපක්‍ෂයට වරද පැටවීමට කරන උත්සාහයක් පමණයි. මේ ආණ්ඩුව තියෙනතාක් මේ එක පරීක්‍ෂණයක්වත් නිසි අයුරෙන් සිද්ධ වෙන එකක් නැහැ. පරීක්‍ෂණ නිසි අයුරෙන් කරන්නත් ආණ්ඩුව වෙනස් කරන්න ඕන.