ඉතිහාසයේ දේශපාලනය (සාපේක්ෂතාව)
Main Logo
Monday, 15 May 2023
රනිල්ගේ ඉතිහාසය
රනිල්ගේ ඉතිහාසය
මෙහි සඳහන් කරන්නේ රනිල්ගේ වික්‍රමසිංහ පරම්පරාවේ ඉතිහාසය නො වෙයි. බද්දේගම ඇංග්ලිකන් ක්‍රිස්තියානිය වැලඳ ගත් පවුලකින් පැවත එන ඔවුන්ගේ මුල් අය අධ්‍යාපනය ලබා ඇත්තේ රිච්මන්ඩ් විදුහලේ. බද්දේගම, ඉංගිරිසි ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය මුලින් ම පැතුරුණු නගරවලින් එකක්. පළමුව ඇති වුයේ මෙතෝදිස්ත බලපෑම වුව ද (රිච්මන්ඩ් විදුහල ද ආරම්භයේ දී මෙතෝදිස්ත විදුහලක්) ඉංගිරිසි ආණඩුවේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලපෑම ඉදිරියේ මෙතෝදිස්ත පල්ලිය තරමක් පසුබැස තියෙනවා. ඒ කෙසේ වෙතත් රනිල්ගේ බාප්පා කෙනකු ඇංග්ලිකන් සභාවේ බිෂොප්වරයකු ද වුණා.
Sunday, 14 May 2023
රනිල්ගේ පෙරහුරුව හා කොළඹ විශ්වවිද්‍යාලය
- රනිල්ගේ පෙරහුරුව හා කොළඹ විශ්වවිද්‍යාලය
කොළඹ විශ්වවිද්‍යාලයේ රනිල් එළවන්න කුමන්ත්‍රණයක් දියත් වෙලා කියා කතාවක් පැතිර යනවා. ඔය කුමන්ත්‍රණ කතා ගැන මා කියන්න යන්නේ නැහැ. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයට පුළුවන් සිසුන් හා ගුරුවරුන් සමග එක් වී මා වැන්නකු සේවයෙන් එළවන්න මිසක් රනිල් වැන්නකු බලයෙන් පහකිරීමට නො වෙයි. එහෙත් අන්තරේ කියන්නේ ඔවුන් ලංකාව පුරා ම ස්ථානගත වී ඇති බැවින් හමුදාව කොළඹ විශ්වවිද්‍යාලය පමණක් වටලා හරියන්නෙ නැති බවයි. ඔවුන් කියන්නේ මුළු රට ම වටලන්න වෙයි කියා.
Saturday, 13 May 2023
එන්ලයිට්න්ඩ් බෝන් අගේන් - මෝහාන්ධකාරය දුරු වේවා!
එන්ලයිට්න්ඩ් බෝන් අගේන් - මෝහන්ධකාරය දුරු වේවා!
මා ඊයේ ඇමුණු සබැඳිය අද ලිපියේ ම සඳහන් කරනවා. එය මිනිත්තු එකොළහක පමණ රුහඬ පටයක්. දේශකයා බුදදහම පමණක් නොව මුස්ලිම් හින්දු කතෝලික ආගම් ද විකෘති කරනවා. ඔහු එතරම් දෙයක් දන්න පුද්ගලයකු නොවන බව පැහැදිලියි. බුදුහාමුදුරුවන් ආලෝකය ඇතිවීමක් ගැන කියා ඇත්තේ විදුලි පන්දමක් හරි වෙනත් පන්දමක් හරි දකින ආකාරයක තේරුමකින් නො වෙයි. එය පන්දම් පෙළපාලියකුත් නො වෙයි. මෝහන්ධකාරය දුරලීමක් ගැනයි කියැවෙන්නේ.
Friday, 12 May 2023
මා දුරුත්තේ කැලණි ගිය හැටි
මා
දුරුත්තේ කැලණි ගිය හැටි
මට
උපකාර කළ බොහෝ දෙනකු ඉන්නවා. ඔවුන්ට ප්‍රතිඋපකාර කිරීමට නොහැකි වීම ගැන මා කණගාටුවෙනවා. කොහොමටත් මගෙන් එච්චර උපකාරයක් කෙරෙන්නේ නැහැ. මට උපකාර කර ඇති සමහරකු ප්‍රතිවාදී අදහස් දරණ අය. මා සමග එකඟ වන අය ඉන්නේ ඉතා සුළු පිරිසක්. යමකු මා සමග එකඟ වෙනවා කියන්නේ ඔහු දරණ මතවාද සමග මගේ මතවාදය ඒ මොහොතේ එකඟ වීමටයි. එහෙත් ඔහු දරණ මතවාදයෙන් මගේ මතවාද වෙනස වූ ගමන් ඔහු පහර දීමට පටන් ගන්නවා. යමකුට මතවාදයක් ලැබෙන්නේ සංස්කෘතියෙන්. වැඩිහිටියන්ගෙන්
ගුරුවරුන්ගෙන් මිතුරන්ගෙන් පොතපතින් ආදී වශයෙන්. තම තමන් ම මතවාදයක් සකස් කර ගන්නා අය විරලයි. ලංකාවේ නම් ඇත්තේ ම නැති තරම්.
Thursday, 11 May 2023
නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන
නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන
ඊයේ පළ කළ මැයි 9 ආපසු බැලීමක් ලිපියේ මූලික වශයෙන් තිබුණේ 2022 මැයි 9 වකවානුවේ මා ලියූ ලිපි තුනක කොටස් කිහිපයක්. එයට ප්‍රතිචාර දැක් වූ එක් අයකු කියා තිබුණේ එහි ජුලි නෝනා ගැන කිසිවක් සඳහන් කර නැති බවයි. මා බොහෝ වෙලාවට ලිපි ලියන්නේ තොරතුරු මත නොව සිද්ධි විශ්ලේෂණයෙන් මගේ හිතට එන අදහස් මත පදනම් වෙලා. මා ඒ ලිපිවල කියා ඇත්තේ ගෝඨාභය එළවීමට බටහිර සැලසුමක් තිබුණ බවත් එයට යම් අවස්ථාවක දී මහින්ද එළවීමත් එකතු වූ බවත් එයට ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායමුත් වග කිව යුතු බවත්.
Wednesday, 10 May 2023
මැයි 9 ආපසු බැලීමක්
මැයි
9 ආපසු බැලීමක්
මෙහි
ඇත්තේ මා පසුගිය වසරේ මැයි 8, 11, 13 දිනවල
ලියු ලිපිවල කොටස්. අපට මැයි 19 අමතක කරලා. ඒ අප මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන් ගෝඨාභයගේ මනා කළමනාකාරිත්වයෙන්
සරත් ෆොන්සේකාගේ හමුදා නායකත්වයෙන් කොටි පැරදවූ දිනය. අද මහින්දත් ගෝඨාභයත් දේශපාලනයේ නැහැ. සරත් දේශපාලන අනාථයෙක්. ඔහුට නම් තවම බටහිරට යෑමට වීසා තියෙනවා. එහෙත් ජනාධිපති මන්දිරයට යෑමට වීසා නැහැ.