Main Logo

Monday, 24 February 2014

උපාධිදාරීන් රකින සංස්කෘතිය


මා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලුවූ අවධියේ එහි විද්‍යාපීඨයේ වසරක් පසා පැවැත්වුනු නවකයින් පිලිගැනීමේ උත්සවය සුරා පැන් බාල්නැටුම් ඇසුරින් පැවැත්වුනු රාත්‍රී සංගීත සාදයක් විය. එක් වසරකදී මේඋත්සවයට දේශීය මුහුණු වරක් ලබාදිය යුතුයැයි එහි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයවිසින් තීරණය කෙරිනි. උත්සවයෙන් සුරා පැන් ඉවත් කෙරුනු අතර රාත්‍රී භෝජනසංග්‍රහය ශාලාවක වෙනුවට එළිමහනේ පැවැත්වීමට යෙදිනි. ඊලඟට ප්‍රශ්ණය වූයේවිනෝදාස්වාදය සඳහා කුමක් කල යුතුද යන්නය. බොහෝ කල්පණා කලද අවස්ථාවට උචිතබාල් නැටීමට විකල්පයක්වූ නමුත් දේශීයත්වයක් ඇති ක්‍රියාකාරකමක් සිතා ගතනොහැකි විනි. අවසානයේ ගිණි කෙලි නැටුම් සංදර්ශණයක් පවත්වමු යැයි තීරණය වූයේකුමක් හෝ කල යුතුවුනු බැවිනි. ගිණි කෙලි නැටුමට ශිල්පියා කැඳවාගෙන ඒමටභාරදී තිබුනේ මටත් මගේ මිතුරෙකුටත්ය. එදා ඒ ශිල්පියා කොළඹට නුදුරු ගමකතොවිලයක් කිරීමට යොදාගෙන තිබුනු බැවින් ඔහුගේ වැඩ අවසන් වන තෙක් තොවිලයනරඹා අවසන්වූ විගස අපි කපු මහත්තයාත් බෙර කරුත් කැටුව කොළඹ විශ්වවිද්‍යාලයට ගියෙමු. ගිණි කෙලි නැටුම ඉමහත් ප්‍රතිචාර මැද ජයට සිදු කෙරුනුමුත් ඔහුගේ හැසිරීම් විලාසයෙන් අපි දුටුවේ තොවිල්පලේ හුන් පෞඪ මිනිසා නොවබයාදු කුලියට නටන නැට්ටුවෙකි. ඔහුට වේදිකාවල සංදර්ශණය සඳහා කුලියට නටාපුරුද්දක් නොතිබුනු බව පෙනිනි. අප ඉදිරියේ නටන්නට සලස්සවා අපි ඔහුගේගරුත්වය කෙලෙසූ බව අපට එවෙලේ වැටහුනි.

තොවිල් පලේදී වැදගත් කමක් ලැබෙන්නේ කරන තොවිලයට හෝ ආතුරයාටමිස නරඹන්නන්ට නොවේ. තොවිල් පලේදී ලොක්කා කපු මහත්තයාය. කොළඹ විශ්වවිද්‍යාලයේදී ඔහුගේ ලෝකය කණපිට හරවා අපි ඔහුව සොක්කෙක් කෙරුවෙමු. අපි බටහිරසංස්කෘතියේ දේවස්ථානයක් තුල සිංහල සංස්කෘතිය බාල්දු කෙරුවෙමු. කණගාටුදායකඑය වූයේ දේශීයත්වය අගය කිරීමට ගොස්වීමය. ඉන් පෙන්නුම් කෙරුනේ වෙන කිසිවක්නොව අපේ නොහැකියාවය.


අපට අපේ සංස්කෘතිය තුල නිර්මාණ කිරීමට නිපුණත්වයක් නැත. අපිදෙමව්පියන්ගෙනුත් සමාජ අශ්‍රයෙනුත් සංස්කෘතික අභාශය ලබන බව සැබෑය. නමුත්විධිමත් අධ්‍යාපනයෙන් ලබාදෙන සංස්කෘතික අභාෂය ඒ සියල්ල අභිබවා යයි.අවාසනාවකට දේශීය ශිල්පීය හෝ ශාස්ත්‍රීය පුහුණවක් ලබනු වෙනුවට බටහිරඅධ්‍යාපනයක් ගිරවා දමන උපාධිදාරීන්ට දේශීය දැනුම සම්බන්ධයෙන් අත්වෙන්නේ සෘණඅගයකි. ඔවුන්ට කල හැක්කේ එක්කෝ සිංහල බෞද්ධ සංස්කෘතිකාංග ගෙඩි පිටින් බදාගැනීමය එසේ නැත්නම් ඒවා බටහිර සංස්කෘතියට අවශෝෂණය කර දීමටය. මේ දෙකින්මසිදුවන්නේ අවැඩකි.


තේ පානය මෙන්ම පීරිසි කෝප්පද අපට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණුදායාදය. අද කෙසේ වෙතත් කලකට ඉහතදී තේ බීමේ පිලිවෙත ඉංග්‍රීසීන්ට වැදගත්සංස්කෘතිකාංගයක් විය. නමුත් අපේ ගැමියෝ ඉංග්‍රීසීන්ගේ ගාම්භීරත්වය නොසලකාපීරිසිය තේ නිවීම සඳහා යොදාගනිමින් තේ බීම අපේ කරගත්හ. නමුත් අපි අද කරන්නේතේ කෝප්පයේ අපේ සංස්කෘතික ලාංඡන ඇලවීමය. මෙයින් කෙරෙන්නේ ඉංග්‍රීසීන්ගේ තේබොන සංස්කෘතියට තව මුක්කුවක් ගසා එය සවිමත් කිරීම මිස අපේ කමක් රැකීමනොවේ. ඊළාම් යුධය දිනීමෙන් පසු දෝරේ ගලා හැලුනු අදටත් හැලෙන ව්‍යාජජාතිකත්වයෙන් සම්පුර්ණයෙන්ම පාහේ කෙරන්නේ බටහිර සංස්කෘතියට සිංහල බෞද්ධකමඅවශෝෂණය කර දීමය. එසේකරමින් අපි බටහිරත්වයේ ගාම්භීරකම ආරුඪ කර ගැනීමටව්‍යවර්ත උත්සාහයක යෙදෙන්නෙමු. මේ කාර්යයට විශේෂ උවමණාවක් ඇත්තේ මෙරට උගත්මධ්‍යම පංතියටය. නමුත් දේශීය දැනුම උගත් ගැමියන්ට බටහිරුන්ගේ මොනකෙහෙම්මලක්වත් අවශ්‍ය නැත. ඔවුන්ට අපේ දේ රැක ගැනීමටත් අපේ නොවෙන දේ අපේ කරගැනීමටත් ස්වාධීනත්වයකුත් හැකියාවකුත් ඇත. ඒ නිසා සිංහල බෞද්ධ සංස්කෘතියගැන කැක්කුමක් ඇති බටහිර උගතුන් සංස්කෘතිය රැකීම සඳහා වැඩ කරද්දී තමන් කරනදේ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කල යුතුවේ.


හෙළ ගොවිතැන රැකෙන්නේ ගොවිකම දන්නා ගොවිකම ජීවන ක්‍රමයකරගත් මිනිසුන් නිසාය. වෙදකමද එසේය. දේශීය කලා සහ අනිකුත් ශිල්ප ගැනද එයසත්‍යයකි. බුදු සසුණ රැකෙන්නේද උගත් භික්‍ෂූණ් වහන්සේලා නිසා මිස ගිහියන්නිසා නොවේ. ජීවත්වීම සඳහා බටහිර රැකියාවල් කරන නූගත් උපාධිදාරීන් මේ විවිධක්‍ෂේත්‍ර කළමණාකරණය කිරීමට යාම සුදුසු නොවේ. ඉන් නොසිතාම අවැඩක් වීමට බොහෝඉඩ කඩ ඇතැයි මම සිතමි.


විවිධ ක්‍ෂේත්‍රතුල දේශීය දැනුම උගත් වැඩිහිටි පරම්පරාවක්තවම අප අතර ජීවත් වෙති. වැඩක් ඇති වැඩක් කල හැක්කේ ඔවුන්ටය. තව වසරවිස්සකින් තිහකින් ඒ පරම්පරාවත් ඒ දැනුමත් අපෙන් ගිලිහීමට පෙර ඔවුන්ට තමදැනුම ව්‍යාප්ත කිරීමටත් නව නිර්මාණ කිරීමටත් අවශ්‍යය ඉඩ කඩ සලසාදිය යුතුය.උදාහරණයක් වශයෙන් අද රජරට ප්‍රදේශවල වකුගඩු රෝගයෙන් මිදී පාරම්පරිකක්‍රමයට ගොවිතැන් කිරීමට උත්සාහ කරන ගොවිමහතුන්ට තමන්ගේ කාරිය කරගෙන යාමටදේශපාලන රැකවරණයක් අවශ්‍යය. ඔවුන්ට ඒ දේශපාලන ශක්තිය නැත. නමුත් ගොවීන්ටවෙදුන්ට භික්‍ෂූන්ට නැති යම් දේශපාලන හයියක් මෙරට බටහිර අධ්‍යාපනයේ ඉහලටගිය අයට හිමිය. කැක්කුමක් ඇති උපාධිදාරීන් (අපේක්‍ෂකයින් නොවේ) කල යුත්තේතමන් සතු දේශපාලන බලය දේශීය උගතුන්ගේ අවශ්‍යතාවයට අනුව මෙහෙයවීමය.


උපාධිදාරීන්ට කරනවා නම් ඊටත් වඩා වැදගත් වැඩක් ඇත. ඒහැකිනම් අර අපේ ගැමියන් සුද්දාගේ තේ බීමේ චර්යාවට පයින් ගසා තේ නිවන්නපීරිසි යොදා ගත්තා සේ තම තමන් කුලියට වැඩ කරන වානිජ, මාධ්‍ය, අධ්‍යාපන, පරිගණක, තාක්‍ෂණික වැනි ක්‍ෂේත්‍රවලින් සුද්දා එලවීමය. නැත්නම් ඒ ඒක්‍ෂේත්‍රයේ බටහිර සංස්කෘතියට ඇති ආධිපත්‍යය බිඳ දැමීමය. සුද්දා එලවීම යනුතේ කෝපයේ සිංහල බෞද්ධ ලාංඡනයක් අලවා දෙපැත්තම බේර ගැනීම වැනි වැඩක් නොවේ.අප රටේ ඇති බටහිර ආයතන වලින් කෙරෙන වැඩ සහ වැඩ කරන ආකාරය අපේ කර ගැනීමය.අපේ කර ගන්ට බැරි නම් අඩුතරමින් එහි බටහිර සංස්කෘතියේ ආධිපත්‍යයවත් බිඳදැමිය යුතුය. මේ රටේ සිංහල දෙමළ කථාකරන මිනිසුන්ට පාරිභෝගික භාණ්ඩ විකුණනආයතනයක් තුල සම්පූර්ණයෙන් සිංහලෙන් හෝ එසේ නොහැකි තැනක දෙමළෙන් පමණක් වැඩකටයුතු කිරීමට ක්‍රියාකල නොහැකිද? ඒ සඳහා ඒ ආයතනවල ඉහල තනතුරු දරනකැක්කුමක් ඇති උපාධිදාරීන්ට යමක් කල නොහැකිද?



බටහිර සංස්කෘතිය එහි උගතුන් ආරක්‍ෂා කරයි. උපාධිදාරීන්ටපැවැත්මක් ඇත්තේ මේ ආයතන වල ඇති බටහිර සංස්කෘතිය නිසා බව කිව යුතු නැත.නමුත් මේ ආයතනවලින් සුද්දා එලවිය හැක්කේද උපාධිදාරීන්ට මිස ගොවීන්ට වෙදුන්ටහෝ භික්‍ෂූන්ට නොවේ. උපාධිදාරීන් ඒ සඳහා ඉදිරිපත් වෙනවාද?



ජානක වංශපුර

2014-02-24