Main Logo

Thursday 25 August 2016

බෙදා පාලනය කිරීම

 බෙදා පාලනය කිරීම

  • සමහරුන් හිතන්නෙ මා බටහිර දැනුම සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරනවා කියලා. ඒ වගේ මත ප්‍රචාරය කරන්නෙ එක්කෝ මා කියන දේ හරියට තේරුම් නොගෙන. එහෙම නැත්නම් සමාජයට වැරදි චිත්‍රයක් දෙන්න. ඒක මා ජාතිවාදියකු යැයි කියනවා වගේ. මේ කතා දෙක අතරෙ සම්බන්ධයක් තියෙනවා. මේ කතා ප්‍රචාරය කිරීමෙන් වාසි වෙන්නෙ කාට ද? වාසිය වෙන කාහටවත් නොවෙයි බටහිරයන්ට. මා උත්සාහ ගන්නෙ අද ලෝකය පුරා ම ඇති බටහිර යටත්විජිතවාදයේ සංස්කෘතික, දේශපාලන හා ආර්ථික සංරචක පෙන්වීමටයි. ඒ මිසක් බටහිර ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවෙයි. බටහිර දැනුමත් මා යොදා ගන්නවා. එසේ නොමැතිව මේ ලිපිය මුහුණු පොතට එක් කරන්නේ කොහොම ද?

අප මත බටහිර ආධිපත්‍යය ඔය සංරචක තුන මගින් ම ක්‍රියාත්මක වෙනවා. මා වැඩියෙන් ම අවධානය යොමුකරන්නේ සංස්කෘතික සංරචකයට. එකක් ඒ ගැන වැඩි දෙනකු කතා නොකරන නිසා. දෙවැනි කරුණ තමයි අද බටහිරයන් අප පාලනය කරන්නේ සංස්කෘතික සංරචකය යොදාගනිමින් ය කියන එක. මෙහි දී වඩාත් ම බලපාන්නෙ දැනුම. එය පාසල් විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය  මගින් කෙරෙනවා. බටහිර ඇංග්ලො ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) සංස්කෘතිය හා එහි කොටසක් වූ දැනුම අප මත පටවන්නේ අධිපතිවාදී ආකාරයකට ඒක ආධිපත්‍යයක් පමණක් නොවෙයි. උසස්කමක් මුසු වෙච්ච ආධිපත්‍යයක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් සිතන්නේ ඔවුන්ගේ සෑම දෙයක් ම අනෙක් අයගේ දේට වඩා උසස් කියලා. අපි එයට උච්චාධිපත්‍යය කියලා කියමු.

ඒත් බටහිරයන් කියන්නෙ සිංහල බෞද්ධ උච්චාධිපත්‍යයක් තියෙනවා කියලා. මේ බටහිර උච්චාධිපත්‍යයෙහි එක් උපායක් පමණයි. අප කියන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය ලැබිය යුතු ය කියන එක පමණයි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි උච්චාධිපත්‍යයට අවශ්‍ය අනෙක් සංස්කෘතීන් නැති කිරීමට. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට සිංහල බෞද්ධ නොවන ජනයාත් සිංහල බෞද්ධ පවුල්වල උපන් පඬියනුත් යොදා ගන්නවා. ඔවුන් යුරෝපීය  කතෝලික සංස්කෘතිය අඩපණ කරලා ඉවරයි. අද එය ඉතාලියේවත් දැකගන්න අමාරුයි. ඉතාලිය ස්පාඤ්ඤය වගේ රටවල් අද ආර්ථික වශයෙන් දුර්වලයි. ලංකාවේ කතෝලිකයන්, අඩුම තරමෙන් සිංහල කතෝලිකයන්, ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට විරුද්ධව සිංහල බෞද්ධයන් සමග එක්විය යුතුයි.  දෙමළ ජනයා ද එසේ එක්විය යුතුයි. මුස්ලිම් අය කියා විශේෂයක් නැහැ.

එහෙත් අද සිද්ධ වන්නේ වෙනත් දෙයක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සමත් වෙලා තියෙනවා සිංහල බෞද්ධ නොවන්නන් සිංහල බෞද්ධයන්ට එරෙහිව සටන්කරන්නට පොළඹවන්නට. බෙදා පාලනය කිරීම ඉහළට ම ප්‍රගුණ කළ අය ඉන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඔවුන් ඇමරිකානු ස්වදේශිකයන් එකිනෙකාට විරුද්ධව යොදා ගෙන තිබෙනවා. ඇමරිකානු ස්වදේශිකයන් ඉතා වර්ධනය වූ සංස්කෘතීන්ට අයත්ව සිටියා. ඔවුන් ම්ලේච්ඡයන් නොවෙයි. ඔවුන් අතර දඩයම් කරමින් පල නෙළමින් ජීවත් වූ අය මෙන්ම මසුන් මැරීමෙන් ජීවත් වූ අයත් සිටියා. මකා ජනතාව තල්මසුන් මැරීමේ අති දක්‍ෂයන්.  එහෙත් ඇමරිකානු ස්වදේශිකයන්ගේ් සංස්කෘතිය ප්‍රධාන වශයෙන් ම ඉරිඟු වගාව හා සම්බන්ධ කෘෂිකාර්මික සංස්කෘතියක්. ඔවුන් හැතැප්ම විස්ස විසිපහ දිග ඇල මාර්ග මගින් වතුර ගෙන ගොස් ඇත්තේ අදින් අවුරුදු හාරදාහකට පමණ ඉහත. මායා ශිෂ්ටාචාරයේ ගණිතය හා තාරකාවිද්‍යාව ගැන ඔවුන්ගේ දිනදර්ශනය ගැන බොහෝ දෙනා දන්නවා. ඊනියා මහා සම්ප්‍රදාය කියන කසිකබල් සංකල්පය නිර්මාණය කෙරුණේ මේ සංස්කෘතිය ආධාරයෙන් රෙඩ්ෆීල්ඩ් විසින්. සරච්චන්ද්‍ර ඒ සංකල්පය සිංහල පඬියන් අතර ප්‍රචලිත කළා. මහා සම්ප්‍රදායත් බටහිර සංකල්පයක්. ඒ්ත් අද මෙරට නැති මහා සම්ප්‍රදායක් හා චුල සම්ප්‍රදායක් ගැන කතා කරලා අපේ කලා ශිල්ප අවතක්සේරු කරලා. බටහිර දැනුමත් එහි කොටසක් වූ බටහිර විද්‍යාවත් එකම දැනුමවත් සත්‍යයට ළඟාවන දැනුමවත් නොවෙයි. එය තවත් දැනුමක් පමණයි. එයිනුත් බටහිර විද්‍යාව නම් පට්ටපල් බොරු. බටහිරයන් පෙන්නන්න හදන්නෙ අපේ දැනුම් මිථ්‍යා කියලා.

ස්පාඤ්ඤයන් හා ඊටත් වඩා ඉංගිරිසින් මේ ඇමරිකානු ස්වදේශික ජනතාව එකිනෙකාට විරුද්ධව යොදා ගත්තා. ව්‍යාජ ගිවිසුම් අත්සන් කළා. ඩොයිලි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව සිංහලේ ප්‍රධානීන් යොදවාගත් පරිදි ම ඉංගිරිසින් ඇමරිකාවේ දී ද ක්‍රියා කර තිබෙනවා. අද මුස්ලිමුන්ට විරුද්ධව මුස්ලිමුන් ව ම යොදාගන්නවා. අයිසිස් ඇති කෙරුණේ බටහිරයන් විසින්. හිලරි ක්ලින්ටන්ගේ නම මෙහි දී වඩාත් කීියැවෙනවා. ඒ මදිවාට අද ථෙරවාද බෞද්ධයන්ට විරුද්ධ මුස්ලිමුන් ලංකාවේත් මියන්මාරයේත් තායිලන්තයේත් යොදා ගැනෙනවා. අසාද් අලි කවුද කියන එක පසුකාලයක දැනගන්නට ලැබේවි. අසාද් සාලිගෙ සිංහල බෞද්ධ ප්‍රතිබිම්බයත් අප හඳුනාගන්න ඕන. නැත්නම් චම්පකව හඳුනාගන්න බැරි වීමෙන් වුනු දේ ම වෙන්න පුළුවන්. මේ සියල්ල සිදුවන්නේ බටහිරයන් තම රටවල මුස්ලිමුන්ට විරුද්ධව කටයුතු කරන අතරෙ. මෙය තමයි අප ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ හොඳීන් ම හඳුනාගත යුතු පැත්ත. බෙදා පාලනය කිරීම එදත් අදත් ඉංගිරිසින්ගේ ප්‍රධාන ම උපාය. මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ම කොටසක් යොදා ගැනීම ඉන්දියාවේ රෝ සංවිධානයේ මැදිහත්වීීමෙන් සිදුවුවත් එය පිටුපස සිටියේ ඉංගිරිසින්. අද ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂය භේදකිරීමට උත්සාහ ගන්නවා. අපේ ඇතැමුන් මේවාට අහුවෙනවා. මේ ලිපිවලට කැමැත්ත දීමේ දී ද (ලයික් දැමීමේදීත්) මේ භේදය ක්‍රියාත්මක වන බව මා දන්නවා.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 අගෝස්තු 25

   2016 අගෝස්තු 25නලින් ද සිල්වාhttps://www1.kalaya.orghttps://www.facebook.com/Nalin-de-Silva-188511888194878/මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි. ස්පාඤ්ඤයන් හා ඊටත් වඩා ඉංගිරිසින් මේ ඇමරිකානු ස්වදේශික ජනතාව එකිනෙකාට විරුද්ධව යොදා ගත්තා. ව්‍යාජ ගිවිසුම් අත්සන් කළා. ඩොයිලි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව සිංහලේ ප්‍රධානීන් යොදවාගත් පරිදි ම ඉංගිරිසින් ඇමරිකාවේ දී ද ක්‍රියා කර තිබෙනවා. අද මුස්ලිමුන්ට විරුද්ධව මුස්ලිමුන් ව ම යොදාගන්නවා. අයිසිස් ඇති කෙරුණේ බටහිරයන් විසින්. හිලරි ක්ලින්ටන්ගේ නම මෙහි දී වඩාත් කීියැවෙනවා. ඒ මදිවාට අද ථෙරවාද බෞද්ධයන්ට විරුද්ධ මුස්ලිමුන් ලංකාවේත් මියන්මාරයේත් තායිලන්තයේත් යොදා ගැනෙනවා. අසාද් අලි කවුද කියන එක පසුකාලයක දැනගන්නට ලැබේවි. අසාද් සාලිගෙ සිංහල බෞද්ධ ප්‍රතිබිම්බයත් අප හඳුනාගන්න ඕන. නැත්නම් චම්පකව හඳුනාගන්න බැරි වීමෙන් වුනු දේ ම වෙන්න පුළුවන්. මේ සියල්ල සිදුවන්නේ බටහිරයන් තම රටවල මුස්ලිමුන්ට විරුද්ධව කටයුතු කරන අතරෙ. මෙය තමයි අප ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ හොඳීන් ම හඳුනාගත යුතු පැත්ත. බෙදා පාලනය කිරීම එදත් අදත් ඉංගිරිසින්ගේ ප්‍රධාන ම උපාය. මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ම කොටසක් යොදා ගැනීම ඉන්දියාවේ රෝ සංවිධානයේ මැදිහත්වීීමෙන් සිදුවුවත් එය පිටුපස සිටියේ ඉංගිරිසින්. අද ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂය භේදකිරීමට උත්සාහ ගන්නවා. අපේ ඇතැමුන් මේවාට අහුවෙනවා. මේ ලිපිවලට කැමැත්ත දීමේ දී ද (ලයික් දැමීමේදීත්) මේ භේදය ක්‍රියාත්මක වන බව මා දන්නවා. එහෙත් අද සිද්ධ වන්නේ වෙනත් දෙයක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සමත් වෙලා තියෙනවා සිංහල බෞද්ධ නොවන්නන් සිංහල බෞද්ධයන්ට එරෙහිව සටන්කරන්නට පොළඹවන්නට. බෙදා පාලනය කිරීම ඉහළට ම ප්‍රගුණ කළ අය ඉන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඔවුන් ඇමරිකානු ස්වදේශිකයන් එකිනෙකාට විරුද්ධව යොදා ගෙන තිබෙනවා. ඇමරිකානු ස්වදේශිකයන් ඉතා වර්ධනය වූ සංස්කෘතීන්ට අයත්ව සිටියා. ඔවුන් ම්ලේච්ඡයන් නොවෙයි. ඔවුන් අතර දඩයම් කරමින් පල නෙළමින් ජීවත් වූ අය මෙන්ම මසුන් මැරීමෙන් ජීවත් වූ අයත් සිටියා. මකා ජනතාව තල්මසුන් මැරීමේ අති දක්‍ෂයන්.  එහෙත් ඇමරිකානු ස්වදේශිකයන්ගේ් සංස්කෘතිය ප්‍රධාන වශයෙන් ම ඉරිඟු වගාව හා සම්බන්ධ කෘෂිකාර්මික සංස්කෘතියක්. ඔවුන් හැතැප්ම විස්ස විසිපහ දිග ඇල මාර්ග මගින් වතුර ගෙන ගොස් ඇත්තේ අදින් අවුරුදු හාරදාහකට පමණ ඉහත. මායා ශිෂ්ටාචාරයේ ගණිතය හා තාරකාවිද්‍යාව ගැන ඔවුන්ගේ දිනදර්ශනය ගැන බොහෝ දෙනා දන්නවා. ඊනියා මහා සම්ප්‍රදාය කියන කසිකබල් සංකල්පය නිර්මාණය කෙරුණේ මේ සංස්කෘතිය ආධාරයෙන් රෙඩ්ෆීල්ඩ් විසින්. සරච්චන්ද්‍ර ඒ සංකල්පය සිංහල පඬියන් අතර ප්‍රචලිත කළා. මහා සම්ප්‍රදායත් බටහිර සංකල්පයක්. ඒ්ත් අද මෙරට නැති මහා සම්ප්‍රදායක් හා චුල සම්ප්‍රදායක් ගැන කතා කරලා අපේ කලා ශිල්ප අවතක්සේරු කරලා. බටහිර දැනුමත් එහි කොටසක් වූ බටහිර විද්‍යාවත් එකම දැනුමවත් සත්‍යයට ළඟාවන දැනුමවත් නොවෙයි. එය තවත් දැනුමක් පමණයි. එයිනුත් බටහිර විද්‍යාව නම් පට්ටපල් බොරු. බටහිරයන් පෙන්නන්න හදන්නෙ අපේ දැනුම් මිථ්‍යා කියලා.ඒත් බටහිරයන් කියන්නෙ සිංහල බෞද්ධ උච්චාධිපත්‍යයක් තියෙනවා කියලා. මේ බටහිර උච්චාධිපත්‍යයෙහි එක් උපායක් පමණයි. අප කියන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය ලැබිය යුතු ය කියන එක පමණයි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි උච්චාධිපත්‍යයට අවශ්‍ය අනෙක් සංස්කෘතීන් නැති කිරීමට. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට සිංහල බෞද්ධ නොවන ජනයාත් සිංහල බෞද්ධ පවුල්වල උපන් පඬියනුත් යොදා ගන්නවා. ඔවුන් යුරෝපීය  කතෝලික සංස්කෘතිය අඩපණ කරලා ඉවරයි. අද එය ඉතාලියේවත් දැකගන්න අමාරුයි. ඉතාලිය ස්පාඤ්ඤය වගේ රටවල් අද ආර්ථික වශයෙන් දුර්වලයි. ලංකාවේ කතෝලිකයන්, අඩුම තරමෙන් සිංහල කතෝලිකයන්, ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට විරුද්ධව සිංහල බෞද්ධයන් සමග එක්විය යුතුයි.  දෙමළ ජනයා ද එසේ එක්විය යුතුයි. මුස්ලිම් අය කියා විශේෂයක් නැහැ. අප මත බටහිර ආධිපත්‍යය ඔය සංරචක තුන මගින් ම ක්‍රියාත්මක වෙනවා. මා වැඩියෙන් ම අවධානය යොමුකරන්නේ සංස්කෘතික සංරචකයට. එකක් ඒ ගැන වැඩි දෙනකු කතා නොකරන නිසා. දෙවැනි කරුණ තමයි අද බටහිරයන් අප පාලනය කරන්නේ සංස්කෘතික සංරචකය යොදාගනිමින් ය කියන එක. මෙහි දී වඩාත් ම බලපාන්නෙ දැනුම. එය පාසල් විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය  මගින් කෙරෙනවා. බටහිර ඇංග්ලො ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) සංස්කෘතිය හා එහි කොටසක් වූ දැනුම අප මත පටවන්නේ අධිපතිවාදී ආකාරයකට ඒක ආධිපත්‍යයක් පමණක් නොවෙයි. උසස්කමක් මුසු වෙච්ච ආධිපත්‍යයක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් සිතන්නේ ඔවුන්ගේ සෑම දෙයක් ම අනෙක් අයගේ දේට වඩා උසස් කියලා. අපි එයට උච්චාධිපත්‍යය කියලා කියමු. සමහරුන් හිතන්නෙ මා බටහිර දැනුම සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරනවා කියලා. ඒ වගේ මත ප්‍රචාරය කරන්නෙ එක්කෝ මා කියන දේ හරියට තේරුම් නොගෙන. එහෙම නැත්නම් සමාජයට වැරදි චිත්‍රයක් දෙන්න. ඒක මා ජාතිවාදියකු යැයි කියනවා වගේ. මේ කතා දෙක අතරෙ සම්බන්ධයක් තියෙනවා. මේ කතා ප්‍රචාරය කිරීමෙන් වාසි වෙන්නෙ කාට ද? වාසිය වෙන කාහටවත් නොවෙයි බටහිරයන්ට. මා උත්සාහ ගන්නෙ අද ලෝකය පුරා ම ඇති බටහිර යටත්විජිතවාදයේ සංස්කෘතික, දේශපාලන හා ආර්ථික සංරචක පෙන්වීමටයි. ඒ මිසක් බටහිර ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවෙයි. බටහිර දැනුමත් මා යොදා ගන්නවා. එසේ නොමැතිව මේ ලිපිය මුහුණු පොතට එක් කරන්නේ කොහොම ද?