Main Logo

Thursday 18 June 2020

නැගෙනහිර පළාතෙ මොන මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි ද?

         
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





නැගෙනහිර පළාතෙ මොන මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි ද?  


මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි තියෙන්නෙ කොහෙ ද? දෙමළ සාම්ප්‍රදායික වාසභූමි තියෙන්නෙ කොහෙ ද? මේ ප්‍රශ්නය දැන් විසඳිලා ඉවරයි. ඒක විසඳුනෙ නන්දිකඩාල් කලපුවේ. මට අද ඒ ගැන කතා කරන්න හිතුණෙ නගෙනහිර පළාත හා මුස්ලිමුන් සම්බන්ධයෙන්. දෙමළ නිජභූමි කතාවට නම් ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයක් තියෙන්නෙ නිජභූමි කතාවට මිසක් ඊනියා නිජභූමියකට නො වෙයි.

දෙමළ නිජභූමි කතාවෙ ඉතිහාසය පටන් ගන්නෙ ක්ලෙග්හෝන් වාර්තාව සමග. මේ ගැන බොහෝ කලකට පෙර මා ලියා තියෙනවා. රට බෙදීම මිෂනාරීන් 1802 පටන් ගත්තෙ. නිජභූමි කතාව ඊට පස්සෙ. ක්ලෙග්හෝන් කියන්නෙ ඉංගිරිසි සිවිල් සේවකයෙක්. ඉංගිරිසින් අපේ රටේ මුහුදුබඩ පෙදෙස් බලයෙන් හා චාටුවෙන් අත්පත් කර ගන්න ඉස්සර ලන්දේසීන් මෙරට අධිකරණ කලාප තුනකට බෙදල තිබුණ. එක් කලාපයක් පුත්තලම හරියෙ ඉඳන් උතුරට ගිහින් ඉන්පසු නැගෙනහිර පැත්තෙන් පානම් පත්තුවට ඇවිත් තිබුණා. මේ අධිකරණ කලාපය තමයි ලෙග්හෝන් වෙන ම පරිපාලන කලාපයක් ලෙස හැඳින්නුවෙ. අධිකරණ කලාපයක් පරිපාලන කලාපයක් ලෙස හැඳින්වීම ම තදබල වරදක් හා කපටිකමක්. ඉංගිරිසින් මහත්වරුන් කියල කියා ගත්තෙ ඉංගිරිසින්මයි. අද ලෝකයේ ප්‍රශ්නවලින් වැඩි හරියකට වග කියන්න ඕන ඉංගිරිසින්.  

දෙමළ ජාතිවාදීන් පසු කලෙක තම ඊනියා නිජභූමිය ලෙස හැඳින්නුවෙ මේ ලන්දේසි අධිකරණ කලාපය. අධිකරණ කලාපය ගැන මූලාශ්‍ර අවශ්‍ය කෙනකුට ක්ලෙග්හෝන් වාර්තාව ම කියවල දැනගන්න පුළුවන්. ඔය මුළු කලපයෙ ම දෙමළ රාජධානියක් තිබුණ කියල තමයි දෙමළ ජාතිවාදියො කිව්වෙ. ප්‍රභාකරන්ගෙ ඊනියා ඊළම සිතියම මේ අධිකරණ කලාපයත් සමග බැඳිල තිබුණෙ. වත්මන් නැගෙනහිර පළාතෙ ඉංගිරිසින් තමයි අර පිට්ටු බම්බු ජනගහන ව්‍යාප්තිය ඇති කරමින් දහනවවැනි සියවසේ මෙරටට ගෙනා දෙමළ කුලී කරුවන් පදිංචි කෙරුවෙ. 

මේ ක්ලෙග්හෝන් වාර්තාව අනුව තමයි 1976 දී සිංහල බෞද්ධ විරෝධී චෙල්වනායගම් වඩුකොඩෙයි සම්මේනයෙ දී ඊනියා නිජභූමි යෝජනාවත් සම්මත කර ගත්තෙ. එයට තොණ්ඩමන් මෙන් ම අෂ්රොෆ් ද සහභාගි වුණා. අෂ්රොෆ්ටත් නිජභූමිගාය හැදුණෙ ඉන් පස්සෙ. ඉන් පෙර මුස්ලිම් නිජභූමිගායක් මුස්ලිමුන්ට තිබුණෙ නැහැ. ඒ තිබුණත් නැතත් වඩුකොඩෙයි යෝජනා තිම්පු සාකච්ඡාවල දී ම මේසයෙන් විසිවුණා. ඒ සම්බන්ධයෙන් එස් එල් ගුණසේකර වැදගත් කාර්යභාරයක් ඉටු කළා. කෙසේ නමුත් ප්‍රභාකරන්ටත් ඔය නිජභූමි කතාව බලපෑවා. 

1987 ඉන්ද ලංකා ගිවිසුමේ නිජභූමි කතාව ඇතුළත් වුණෙ සාම්ප්‍රදායික වාසභූමි ලෙස. ඉන්දියාව පරිප්පු දේශපාලනයෙන් අපට බලහත්කාරයෙන් නිජභූමිය පටවන්න ලැහැස්ති වුණා. ජේ ආර් ජයවර්ධන, ගාමිණී දිසානායක වැන්නන්ගෙ දේශද්‍රොහි ප්‍රතිපත්ති හමුවේත් සිංහලයන්ට නිජභූමිය පරාජය කරන්න පුළුවන් වුණා . ඔය පරණ වමේ උදවියත් ඒ අවස්ථාවෙ හිටියෙ ජේ ආර් එක්ක. සිංහල විරෝධී ප්‍රතිපත්තියක සිටින සියල්ලන් වැනසී යනවා. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. අද පරණ වමක් හරි අලුත් වමක් හරි නැහැ. ජ වි පෙ හා පෙරටුගාමීන් එක් වෙනවා නම් හොඳයි. එකට වැනසිලා ම යන්න පුළුවන්. සකර්බර්ග් වම ගැන කතා කරන එකත් කාලය කා දැමීමක්. 

ඔය සියලු යෝජනා තමයි අවසානයෙදි නන්දිකඩාල් කලපුවෙ දි පරාජය කෙරුණෙ. ඒ ගැන තවත් කතා නැහැ. නට්සි යෝජනා ගැන ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පසු කතා කරන්නෙ කවුද? මේ සටහන මුසලිමුන් ගැන. වත්මන් නැගෙනහිර පළාතෙ ජනගහන ව්‍යාප්තිය සම්පූර්ණයෙන් ම මෙන් බාහිර ව සිදු කරන ලද්දක්. එහි මුස්ලිමුන් පදිංචි කරන ලද්දෙ සෙනරත් රජු විසින්. ඉන් පෙර මුස්ලිම් පුළුටක් වත්මන් නැගෙනහිර පළාතෙ තිබුණෙ නැහැ. එහි සිටි සිංහලයන් සමූලඝාතනය කළ ඉංගිරිසින් පසුව දෙමළ කුලීකරුවන් පදිංචි කෙරුවා. මේ සියල්ල බලයෙන් කෙරුණ ඒවා. නිසගයෙන් මිනිසුන්ගෙ සංක්‍රමණයෙන් සිද්ධ වෙච්ච දේ නො වෙයි. 

අද සිංහල බෞද්ධයනට මුහුදු මහා විහාරය මගුල් මහා විහාරය ආදිය මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් රැක ගන්න සිද්ධ වෙලා. මේ සිංහල රජවරුන් (භාරකරුවන්) ශාසනයට පූජා කළ ඉඩම්. දැන් කියන්න එනවා මේ ඉඩම් මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි කියල. මේ සිංහල රජවරුන් ගිහිල්ල පදිංචි කළ පිරිසක් සාම්ප්‍රදායික වාසභූමි කතා කියන්නෙ කොහොම ද? අඩු තරමෙන් නිසග සංක්‍රමණ නිසා සියවස් කිහිපයක් පදිංචි වෙලා හිටිය නම් සාම්ප්‍රදායික වාසභූමි කතාව කියන්න පටන් ගන්න පුළුවන්. කතාව කී නිසා පිළිගන්නවා කියන එක නොවෙයි ඉන් කියන්නෙ. 

මුස්ලිමුන් හාරිස්පත්තුවෙත් ගෙන ගිහින් පදිංචි කරල තියෙන්නෙ. හාරිස්පත්තුවත් මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමියක් ද? බලෙන් ගෙන ගොස් පදිංචි කරන ලද අයගෙන් පැවත එන්නන්ට නිජභූමි හරි සාම්ප්‍රදායික වාසභූමි හරි කතා නැහැ. දැන් ඔය මුස්ලිමුන් ඔය ප්‍රදේශවල පදිංචි කරන්න ඉස්සෙල්ල පදිංචි වෙලා හිටියෙ කොහේ ද? අර කේරළ තමිල්නාඩු සීමාවේ සිටි මලයාලම් වචන මිශ්‍ර දෙමළ බසක් කතා කරන අය පෘතුගීසින් මෙරටට පැමිණීමට ටික කලකට පෙර පැමිණ පදිංචි වූයේ කොහේ ද? බටහිර වෙරළේ ප්‍රදේශ කිහිපයක. දැන් මේ ප්‍රදේශ මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමි ද? 

නැගෙනහිර පළාතෙ ගොස් පදිංචි කෙරුණෙ ඔය බස්නාහිර පළාතෙ වෙරළබඩ හිටපු මුස්ලිමුන්. ඔවුන්ට කතෝලික පෘතුගීසීන්ගෙන් හිරිහැර වන විට සිංහල රජවරු ඔවුන් වත්මන් නැගෙනහිර පළාතෙ පදිංචි කෙරුවා. නැගෙනහිර පළාත මුස්ලිම් සාම්ප්‍රදායික වාසභූමියක් කරන්න ඉස්සර බස්නාහිර පළාතෙ මුස්ලිමුන් බහුතරයක් ඉන්න ප්‍රදේශ මුස්ලිම් වාසභූමි හැටියට සලකමු ද? ඒ ප්‍රදේශ මුස්ලිම් වාසභූමි බවක් තවම රාජිත සේනාරත්නවත් කියල නැහැ. ඒ ප්‍රදේශ මුස්ලිම් වාසභූමි නොවන කල ඊට පසු මුස්ලිමුන් පදංචි කෙරුණු නැගෙනහිර පළාත මුස්ලිම් වාසභූමි වන්නේ කෙසේ ද? 

වත්මන් නැගෙනහිර පළාතෙ තියෙන බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීම සිංහල බෞද්ධයන්ගෙත් රජයේත් වගකීමක්. මේ සමහර විට තිරියාය හැරුණු විට සිංහල බෞද්ධ රජදරුවන් ශාසනයට පූජා කළ ඉඩම්. තිරියාය ගැන හීන් සීරුවෙ කතා කරමු.