Main Logo

Showing posts with label Aczel. Show all posts
Showing posts with label Aczel. Show all posts

Monday, 8 July 2019

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද?

ප්‍රතිචාර දක්වන අයට පිළිතුරු දෙන්න බැරි නම් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරන මෙන් ඉල්ලනවා. 

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද? 


බිංදුව නැත්නම් ශූන්‍යය ලිවීම සඳහා පළමුවරට සංකේතයක් නිර්මාණය කෙළේ කවුද යන ප්‍රශ්නය බොහෝ කලක සිට මගේ සිතේ තිබුණක්. අද අප යොදා ගන්නා සංකේතය 0 යි. ඒ ගැන මා කලින් ඇක්සල් ගැන ලියූ ලිපිවල සඳහන් කර ඇති. ඔහු කාම්බෝජයේ ශූන්‍යය සඳහා . යොදා ගෙන ඇති බවත් දැනට දන්නා පැරණි ම සංකේතය එය බවත් සඳහන් කර සිටිනවා. කාම්බෝජයට එය යන්න ඇත්තේ වත්මන් ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හෝ විය යුතුයි. එහෙත් ලංකාවේවත් ඉන්දියාවේවත්  හත්වැනි සියවසට වඩා පැරණි සංකේතයක් දැන ගැනීමට නැහැ. ඇක්සල් ලංකාවට පැමිණි බවක් සඳහන් වන්නේත් නැහැ. එහෙත් ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට ලාඕසයට ගිය බව සඳහන් වෙනවා.

Monday, 10 June 2019

බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ


බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ



පහුගිය මැයි මාසෙ අටවැනි දා ලිව්ව බෞද්ධයනට බිංදුවවත් නැහැ කියන ලිපිය කියවල මෙරට ඉංගිරිසියෙන් ලියන ජනමාධ්‍යවේදියකු මට දැන්වුව අමීර් ඩී ඇක්සල් (Aczel) නමැත්තකු ශූන්‍යය සොයා ගැනීම (Finding Zero) මැයෙන් ලියා ඇති පොතක් ගැන. මා ඒ පොත කියවා තිබුණේ නැහැ. එබැවින් එහි පිටපතක් ගෙන්වා ගෙන කියෙව්වා. එතෙර වසන මගේ මිතුරකු ඒ පොතෙහි පීඩීඑෆ් (PDF) පිටපතක් ද එවා තිබුණා.