Main Logo

Showing posts with label Ariyadeva Himi. Show all posts
Showing posts with label Ariyadeva Himi. Show all posts

Wednesday, 17 July 2019

ශූන්‍යයට අගයක් දුන්නේ සිංහලයන් ද?


ශූන්‍යයට අගයක් දුන්නේ සිංහලයන් ද?

ශූන්‍යය සඳහා පළමු වරට සංකේතයක් යොදා ගත්තේ සිංහලයන් බවට මට තවමත් නිගමනය කිරීමට බැහැ. එහෙත් එසේ වීමට ඇත්තේ විශාල ඉඩකඩක්. මේ සංකේත නිර්මාණය දෙවැනි සියවස හා හතරවැනි සියවස අතර සිදු වන්න ඇතැයි මා විශ්වාස කරනවා. මා කලින් ලිපිවලත් සඳහන් කර ඇති පරිදි ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීමට අවශ්‍යතා තුනක් සපුරා ලන්න ඕන. 

Monday, 8 July 2019

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද?

ප්‍රතිචාර දක්වන අයට පිළිතුරු දෙන්න බැරි නම් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරන මෙන් ඉල්ලනවා. 

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද? 


බිංදුව නැත්නම් ශූන්‍යය ලිවීම සඳහා පළමුවරට සංකේතයක් නිර්මාණය කෙළේ කවුද යන ප්‍රශ්නය බොහෝ කලක සිට මගේ සිතේ තිබුණක්. අද අප යොදා ගන්නා සංකේතය 0 යි. ඒ ගැන මා කලින් ඇක්සල් ගැන ලියූ ලිපිවල සඳහන් කර ඇති. ඔහු කාම්බෝජයේ ශූන්‍යය සඳහා . යොදා ගෙන ඇති බවත් දැනට දන්නා පැරණි ම සංකේතය එය බවත් සඳහන් කර සිටිනවා. කාම්බෝජයට එය යන්න ඇත්තේ වත්මන් ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හෝ විය යුතුයි. එහෙත් ලංකාවේවත් ඉන්දියාවේවත්  හත්වැනි සියවසට වඩා පැරණි සංකේතයක් දැන ගැනීමට නැහැ. ඇක්සල් ලංකාවට පැමිණි බවක් සඳහන් වන්නේත් නැහැ. එහෙත් ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට ලාඕසයට ගිය බව සඳහන් වෙනවා.