Main Logo

Showing posts with label symbol for zero. Show all posts
Showing posts with label symbol for zero. Show all posts

Saturday, 21 December 2019

ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය

   සිංහල ලිත් ඉලක්කම්



 

නොම් පෙන් කෞතුකාගාරයෙ ඇති සෙල්ලිපිය. මෙහි මැද පේළියෙ මැද 605 ලියල තියෙන්නෙ 0 (තිත)  යොදා ගෙන. මෙය හත්වැනි සියවසේ. අප ශුන්‍යය සඳහා හල්කිරීම යොදා ගෙන තියෙනවා. සීගිරියෙ පස්වැනි සියවසේ ගඩොල්වල ඒ සංකේතය ඇති සංඛ්‍යා දක්වල තියෙනවා.



ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය



මේ ඊයේ ලිපියට ඌණ පූරණයක්. මහා මාධ්‍යවේදියකු කියන අන්දමට මා පස්දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් ජනමාධ්‍ය විවේචනය කරන අයකු වෙන්න පුළුවන්. මා සමග පස්දෙනකු තබා තුන්දෙනකුවත් නැහැ. මා නොමැරෙන්න උපන් අයකු නොවෙයි. ක්‍ෂීර සාගරය කැළඹූ වෙලාවෙ මට එතැන ඉන්න බැරි වෙලා. අමෘතය ටිකක් පානය කරන්න බැරි වෙලා.  මා ශරීරික ව මිය යෑමට පළමු ජනමාධ්‍ය විසින් මරා දැමුණු අයෙක්. ඒත් මට තවමත් වකුගඩු අමාරුව ගැන රුදාවක් තියෙනවා. මා සඳහන් කරන්නේ ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය නමින් බටහිර වෛද්‍යවරුන් විසින් නම් කෙරී ඇති කෘෂිරසායනික වකුගඩු රෝගය ගැනයි. 

Sunday, 14 July 2019

සීගිරිය ද සිහිගිරිය ද

සීගිරිය ද සිහිගිරිය ද



සීගිරිය ගැන මුළුමනින් ම නැවත හිතන්න කාලය එළඹිලා. ඒ වෙන කිසිවක් නිසා නොව ශූන්‍යය සඳහා සිංහලයන් ලිත් ඉලක්කම් යොදා ගනිමින් නිර්මාණය කරගත් හල් කිරීම ( ්) සීගිරියෙන් හමු වී ඇති නිසා. ඒ බව කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජයවර්ධන. ඔහු අදාළපත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ දශකයටත් වැඩි කාලයකට පෙර. මේ පත්‍රිකාව මට එකල ම නොලැබීම ගැන මා කණගාටු වෙනවා. ලිත් ඉලක්ම්වලින් සංඛ්‍යාංක ලියන්නේ මෙසේයි. එය පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න.






Monday, 8 July 2019

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද?

ප්‍රතිචාර දක්වන අයට පිළිතුරු දෙන්න බැරි නම් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරන මෙන් ඉල්ලනවා. 

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද? 


බිංදුව නැත්නම් ශූන්‍යය ලිවීම සඳහා පළමුවරට සංකේතයක් නිර්මාණය කෙළේ කවුද යන ප්‍රශ්නය බොහෝ කලක සිට මගේ සිතේ තිබුණක්. අද අප යොදා ගන්නා සංකේතය 0 යි. ඒ ගැන මා කලින් ඇක්සල් ගැන ලියූ ලිපිවල සඳහන් කර ඇති. ඔහු කාම්බෝජයේ ශූන්‍යය සඳහා . යොදා ගෙන ඇති බවත් දැනට දන්නා පැරණි ම සංකේතය එය බවත් සඳහන් කර සිටිනවා. කාම්බෝජයට එය යන්න ඇත්තේ වත්මන් ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හෝ විය යුතුයි. එහෙත් ලංකාවේවත් ඉන්දියාවේවත්  හත්වැනි සියවසට වඩා පැරණි සංකේතයක් දැන ගැනීමට නැහැ. ඇක්සල් ලංකාවට පැමිණි බවක් සඳහන් වන්නේත් නැහැ. එහෙත් ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට ලාඕසයට ගිය බව සඳහන් වෙනවා.