Main Logo

Showing posts with label Maha Bharatha. Show all posts
Showing posts with label Maha Bharatha. Show all posts

Saturday, 21 December 2019

ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය

   සිංහල ලිත් ඉලක්කම්



 

නොම් පෙන් කෞතුකාගාරයෙ ඇති සෙල්ලිපිය. මෙහි මැද පේළියෙ මැද 605 ලියල තියෙන්නෙ 0 (තිත)  යොදා ගෙන. මෙය හත්වැනි සියවසේ. අප ශුන්‍යය සඳහා හල්කිරීම යොදා ගෙන තියෙනවා. සීගිරියෙ පස්වැනි සියවසේ ගඩොල්වල ඒ සංකේතය ඇති සංඛ්‍යා දක්වල තියෙනවා.



ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය



මේ ඊයේ ලිපියට ඌණ පූරණයක්. මහා මාධ්‍යවේදියකු කියන අන්දමට මා පස්දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් ජනමාධ්‍ය විවේචනය කරන අයකු වෙන්න පුළුවන්. මා සමග පස්දෙනකු තබා තුන්දෙනකුවත් නැහැ. මා නොමැරෙන්න උපන් අයකු නොවෙයි. ක්‍ෂීර සාගරය කැළඹූ වෙලාවෙ මට එතැන ඉන්න බැරි වෙලා. අමෘතය ටිකක් පානය කරන්න බැරි වෙලා.  මා ශරීරික ව මිය යෑමට පළමු ජනමාධ්‍ය විසින් මරා දැමුණු අයෙක්. ඒත් මට තවමත් වකුගඩු අමාරුව ගැන රුදාවක් තියෙනවා. මා සඳහන් කරන්නේ ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය නමින් බටහිර වෛද්‍යවරුන් විසින් නම් කෙරී ඇති කෘෂිරසායනික වකුගඩු රෝගය ගැනයි.