Main Logo

Showing posts with label Belief. Show all posts
Showing posts with label Belief. Show all posts

Friday, 12 June 2020

යළි සිංහල බෞද්ධයකු වීම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




යළි සිංහල බෞද්ධයකු වීම


මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නො වෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ සිට තිබුණෙ. එහෙත් 1980 පමණ වන විට ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. 1970 වන විට මා දැන ගෙන හිටියා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. අවුරුදු එකහමාරෙන්  ආචාර්ය උපාධියක් ලබා ගැනීම නේචර් වැනි සඟරාවල පත්‍රිකා පළ කිරීම ඒ තරම් වැඩ නො වෙයි. අමාරු වැඩේ මේවයින් කැඩෙන එක.  එතකොට (1970) මට වයස විසිපහක් පමණ ඇති. දැන් වයස ඒ වගේ තුන් ගුණයක්. 

Sunday, 12 January 2020

අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද

    සිංහල ලිත් ඉලක්කම් 


අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද


යුදෙවුවන් තම යෙහෝවා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. කිසිම අයකුට කිසිම විශ්වාසයකින් තොරව වැඩ කරන්න බැහැ. ආගමික විශ්වාස මෙන් ම ඊනියා අනාගමික විශ්වාසත් තියෙනවා. බටහිර විද්‍යාව  දැන් ආගමක් ලෙසයි කටයුතු කෙරෙන්නේ. මෙරට හරිහමන් විද්‍යාඥයකු බිහි වී නැහැ. නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩ නගන්න, එනම් නිර්මාණය කරන්න පුළුවන් ඊනියා ශාස්ත්‍රවන්තයන් ද නැහැ. මෙරට උගතුන් දන්නේ වනපොත් කිරීමට පමණයි. විශේෂයෙන් ම පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් දැන්නේ තේරුමක් නැතිව වචන වැමෑරීම පමණයි.

Sunday, 14 April 2019

අවුරුදු සිතුවිලි කිහිපයක්

අවුරුදු සිතුවිලි කිහිපයක්

ඉර පොළොව වටේ යන බවත් ඒ ගමනේ දී මීනයේ සිට මේෂයට යන බවත් විශ්වාස කරන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරනවා. අනෙක් අයටත් එසේ කිරීමට කැමති නමුත් ඔවුන් අවුරුද්දක් උදා වෙන බවක් විශ්වාස නොකරන්නේ නම් ඉන් වැඩක් වෙන්නේ නැහැ. මේ අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද. එය නැකැත් අනුව නොනගතයක් ඇතිව සමරන්නේ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් පමණයි. මෙය සිංහල හා දෙමළ අවුරුද්දක් කළෙ ඉංගිරිසින්. ඔවුන් පළමුව එය සිංහල හා හින්දු අවුරුද්දක් කරා. ඒ දහනවවැනි සිය වසේ සිංහලයන්ට හා දෙමළ කතා කරන්නන්ට සමාන නිවාඩු සංඛ්‍යාවක් දීමට. මේ ගැන මා කලින් ලිපි කිහිපයක් ම ලියා ඇති. පසුව මෙරට පඬියන් සිංහල නම් හින්දු වෙන්න බැහැ කියල ඔවුන්ගෙ (පඬියන්ගෙ) භාෂාවෙන් දමිළ කළා. ඒත් යාපනයට යන්න බැරි නම් වැල්ලවත්තට හරි කොටහේනට හරි ගිහින් බලන්න දෙමළ හින්දු ජනයාට අද අවුරුද්දක් ලබනවා ද කියලා.