සංකිලි සිංහල
බෞද්ධ ද?
අපේ රටේ ඉතිහාසය පිළිබඳ පූර්ව විජය සමයේ සිට අද
දක්වා මට බොහෝ දේ කීමට තියෙනවා. ඉඩ ලැබෙන හැටියට ඒ කියන්නම්. මෙය ඒ ලිපි පෙළෙහි
එක් ලිපියක් පමණයි.
යාපනයේ ස්වාධීන
රාජ්‍ය මිථ්‍යාව යන මැයෙන් පියසිරි අමරකෝන් මහතා පොතක් පළ කරලා. එයට පෙර චන්න
ජයසුමන හා සුමේධ වීරවර්ධන යාපනයේ රාජ්‍යය පිළිබඳ ව පොත පත ලියා තිබෙනවා. වෙනත්
අයගේ ලිපි ලේඛන ඇසුරෙන් මා ද යාපනයේ ඊනියා දෙමළ ස්වාධීන රාජ්‍යය සම්බන්ධ ලිපි ලියා
තියෙනවා. එහෙත් අමරකෝන් මහතා ඒ ලිපි කියවූ බවක් පෙනෙන්නට නැහැ. යාපනයේ ස්වාධීන
රාජ්‍යයක් නොතිබූ බවට, ඒ
රාජ්‍යය ගම්පොළ හරි කෝට්ටේ හරි සීතාවක හරි යම් ආකාරයක යටත් රාජ්‍යයක් ව තිබූ බවට
සාක්‍ෂි තියෙනවා.