Main Logo

Showing posts with label IUSF. Show all posts
Showing posts with label IUSF. Show all posts

Thursday, 9 May 2019

ඕ බ්ලේක්ගේ සංහිඳියාව වෙනුවට සහජීවනය

 ඕ බ්ලේක්ගේ සංහිඳියාව වෙනුවට සහජීවනය


ඊයේ ලිපියේ බිංදුව ගැන මා ලියූ කොටසට ඉංගිරිසි මාධ්‍යයෙන් වැඩ කරසිංහල ජනමාධ්‍යවේදියකු මට ලියා එවා තිබුණා  Amir D Aczel  නමැති යුදෙව් ගණිතඥයකු බිංදුව බෞද්ධයන්ගේ නිර්මාණයක් විය හැකි බවට තම පොතක පළ කර තිබුණා කියා. ඒ ගණිතඥයාට අනුව ශුන්‍ය (.) සංකේතවත් වන පැරණි ම වාර්තාගත සටහනක් ඇත්තේ (ථෙරවාදී)  කාම්බෝජයේ ක්හමර් යුගයේ ශිලා ලේඛනයක. මා ඒ පොත කියවා නැහැ. මා ගණිතයේ ඉතිහාසය පිළිබඳ ඇති සියලු පොත් කියවා නැහැ. ඒ පොත කියවන්න බලාපොරොත්තු වෙනවා. මා ගණිතඥයෙක් නොවෙයි. එහෙත් මා කියා ඇති දේ සනාථ කිරීමට කරුණු තියෙන බව පැහැදිලියි. ඒ ජනමාධ්‍යවේදියාට මා පින් දෙනවා ඒ තොරතුරු මට ලබා දීම පිළිබඳ ව. 

Monday, 8 April 2019

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

කලකට පෙර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ජාතික හිමිකම් සුරූකීමේ සංවිධානය නමින් එකමුතුවක් සෑදුවා. එහෙත් එයට ජනමාධ්‍යයෙන් කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ ජනමාධ්‍යවේදීන්ගේ වීරයෙකු නො වෙයි. ජනමාධ්‍යවේදීන්ගේ වීරයකු සුරතලකු වෙන එක ලෙහෙසු පහසු කටයුත්තක් නො වෙයි. උන්වහන්සේට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ජනමාධ්‍යවලට ආකර්ෂණයක් ඇති සංවිධානයක මාධ්‍ය සාකච්ඡාවකට හරි රැස්වීමකට හරි සහභාගි වුණොත් පමණයි. ඒ කොහොම වුණත් රාජ්‍ය අයිතිවාසිකම් බටහිරයන්ගෙන් ආරක්‍ෂා කර ගන්න අප කටයුතු කරන්න ඕන. බටහිරයන් අපේ රාජ්‍ය අයිතිවාසිකම්, ස්වෛරීභාවය, නැති කරන්නෙ ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය ඔවුන්ට ඕන විධියට යොදා ගනිමින්. 

Saturday, 24 June 2017

සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත  



සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත



සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ ඉල්ලීමක් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගියාට පස්සෙ. එය පැහැදිලි ව ම දේශපාලන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයත් දේශපාලනයක යෙදී ඉන්නවා. වෛද්‍ය සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණයක දී ඇමතිවරුන් ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් ඉන්නවා. එක් ප්‍රධානියකු ජනාධිපති වෙන්නත් බලාගෙන ඉන්නවා. අද ඇහුවොත් ඔවුන් කියාවි එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා.

Thursday, 23 February 2017

අධ්‍යාපනයේ නිදහස


අධ්‍යාපනයේ නිදහස



මෙරට 1870 වකවානුවේ බටහිර ක්‍රමයට වෘත්තියකයන් පුහුණු කිරීම සඳහා නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය හා කාර්මික විද්‍යාලය ආරම්භ කළා. එහෙත් ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා අද යොදා ගන්නා බසින් නම් ලංඩන් විශ්වවිද්‍යාලයේ උපාධි කඩයක් ඇරඹුණේ ඉන් අවුරුදු පනහකට පමණ පසුව 1921 දී . එය යුනිවර්සිටි කොලේජ් හෙවත් විශ්වවිද්‍යාල ආයතනය ලෙස හැඳින්වුණා. 1942 දී වෛද්‍ය විද්‍යාලයත් විශ්වවිද්‍යාල ආයතනයත් එක් කර ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළා. නීති පීඨයක් හා ඉංජිනේරු පීඨයක් පසුව ඇති කෙරුණු නමුත් නීති විද්‍යාලය හා කාර්මික විද්‍යාලය දිගට ම පවත්වා ගෙන ගියා. මේ ආයතන එකකවත් නිදහස් අධ්‍යාපනයක්වත් අධ්‍යාපනයේ නිදහසවත් තිබුණේ නැහැ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදුවුණා. එකල වෛද්‍ය විද්‍යාලයට ශාස්ත්‍ර (කලා) විෂය හැදෑරුවන් ද ඇතුල් වූනා. මා අසා ඇති අන්දමට ගුණපාල මලලසේකර මහතා ද මුලින් ඇතුළත් වී ඇත්තේ වෛද්‍ය විද්‍යාලයට. ශාස්ත්‍ර විෂය හදාරා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ අයත් වෛද්‍යවරු වූණා. කලක් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පරීක්‍ෂණයක් පවා තිබුණේ නැහැ. ලන්ඩන් මැට්රික්‍යුලේෂන් සමත් වූවනට කොළඹ ප්‍රභූ පාසල්වල ගුරුවරුන්ගේ නිර්දේශය ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

Friday, 10 February 2017

වම අන්තරේ පසුපස යෑම

වම අන්තරේ පසුපස යෑම

ඊයේ නුගේගොඩ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් කුමන නමකින් වුව ද පැවැත්වූ රැස්වීමට ඒකාබද්ධ විපක්‍ෂයේ වම යැයි කියාගන්නා අයත් සහභාගි වුනා. ශිෂ්‍ය රැළිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ඇරඹී නුගේගොඩින් අවසන් වුනා. මෙය නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා කරන සටනක් ලෙස ශිෂ්‍යයන් හඳුන්වාවි. වමත් එසේ සිතනවා විය හැකියි. මේ අය නිදහස් අධ්‍යාපනය කියන්නේ කුමක් ද කියාවත් දන්නවා ද? කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනය නැති කරන්න නො වෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්, ත්‍රිත්ව, ශාන්ත ජෝසෆ්, ශාන්ත පීතර, කාන්තා, ශාන්ත බ්‍රිජට්, බිෂොප් ආදී පාසල්වලට පැවැත්මක් තිබිය නො හැකියි.

Wednesday, 1 February 2017

සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

සයිටම් ගැන අභියාචනාධිකරණය තීන්දුවක් දීලා. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ උපාධිය පිළිගැනීමට නීත්‍යානුකූල බාධාවක් නැති බවත් අධිකරණ තීන්දුවෙන් කියැවෙනවා. සයිටම් වෛද්‍ය උපාධිය පිළිගැනීම කළ හැක්කේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පමණයි. ඉන්පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය පිළිගත් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ සියල්ල රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදු වූවා. ඒ බව ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ව කිවුවේ නැහැ. එය දේශපාලන කුහක කමක්. එකල උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායකයි.