Main Logo

Showing posts with label Pujitha. Show all posts
Showing posts with label Pujitha. Show all posts

Wednesday, 8 January 2020

රන්ජන්ගේ සේවය

           සිංහල ලිත් ඉලක්කම්


රන්ජන්ගේ සේවය



රන්ජන් රාමනායක තරම් මෙරට දේශපාලනයට සේවයක් කළ අයකු සමහර විට ඉඳලා නැතිව ඇති. මෙරට දේශපාලනයේ නීතියේ පොලීසියේ රාජ්‍ය සේවයේ සහ තවත් තැන්වල අමන ජරාජීර්ණ අවලම් භාවය කාටත් පේන විධියට හෙළිදරවු කෙළෙ රන්ජන් රාමනායක. මෙරට ඡන්දදායකයන්ට ඒ කිසිවක් වැඩක් වේවි ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් මීළඟ මැතිවරණයේ දී කොහොම ඡන්දය දේවි ද කියන එක ප්‍රශ්නයක්. හොරු තක්කඩි නීති කඩන්නන් නීති නවන්නන් දූෂිතයන් දෙපැත්තෙ ම ඉන්නවා. මීළඟ පාර්ලිමේන්තුවට ජාතිකත්වයක් ඇති නවක පිරිසක් ඉදිරිපත් කරන්න  ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කරනවා නම් හොඳයි. 

Tuesday, 2 July 2019

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ෂණයක් කරන ලෙස නීතිපති කියා තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා තම වගකීම් පැහැර හැර ඇති බවක් කියැවෙනවා. අපට අහන්න වෙන්නෙ අර අඹගස් ප්‍රශ්නය. මේ නිලධාරීන් හැරෙන්න තම වගකීම් පැහැර හැරි තවත් අය ඉන්නවා ද? මේ නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවක් මා කියන්නේ නැහැ. මගේ ප්‍රශ්නය නීතිපති  කර ඇති ඉල්ලීම මත පදනම් වෙනවා.