Main Logo

Showing posts with label Vahabism. Show all posts
Showing posts with label Vahabism. Show all posts

Tuesday, 2 July 2019

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ෂණයක් කරන ලෙස නීතිපති කියා තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා තම වගකීම් පැහැර හැර ඇති බවක් කියැවෙනවා. අපට අහන්න වෙන්නෙ අර අඹගස් ප්‍රශ්නය. මේ නිලධාරීන් හැරෙන්න තම වගකීම් පැහැර හැරි තවත් අය ඉන්නවා ද? මේ නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවක් මා කියන්නේ නැහැ. මගේ ප්‍රශ්නය නීතිපති  කර ඇති ඉල්ලීම මත පදනම් වෙනවා.

Monday, 3 June 2019

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රතන හිමියන්ගේ උපවාසයෙන් පැහැදිලි වන කරුණ සිංහලයන්ට නායකත්වයක් නැති කමයි. ඒ උපවාසය බලන්න යන දේශපාලනඥයන්ට ඔවුන් මොන අරමුණෙන් එහි ගියත් කිසි දිනෙක ඒ නායකත්වයට පත් වෙන්න බැහැ.  ඒ කියන්නේ උපවාසය බලන්න නොගිය දේශපාලනඥයන්ට ඒ නායකත්වය හිමි වේය යන්න නො වෙයි. සිංහල ජනතාව ආගම් පක්‍ෂ භේදයකින් තොරව රතන හිමියන් බැලීමට ගොස් කියන්නේ එක ම එක කරුණක් පමණයි. ඒ අර ඇතැම් ත්‍රිරෝද රථයක කියවන්න ලැබෙන ආකාරයට අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ යන්නයි. දැන් කසිකබල් පඬියන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට සරණ වෙන්න බැහැ කියල. පඬියන් දන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් හිතන්නෙ ඊනියා බෞද්ධ දර්ශනයක් ගැන. නැහැ බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. සියළු දර්ශන පට්ටපල් බොරු.