Main Logo

Showing posts with label Sinhala Politicians. Show all posts
Showing posts with label Sinhala Politicians. Show all posts

Tuesday, 24 September 2019

ගුරුකන්ද හා ඡන්ද කුට්ටි දේශපාලනය

           සිංහල ලිත් ඉලක්කම්





ගුරුකන්ද හා ඡන්ද කුට්ටි දේශපාලනය





ඊයේ මුලතිව්හි ගුරුකන්ද විහාරභූමියේ සිදු වූ දෙයින් පෙනෙනවා මෙරට සිංහල බුද්ධාමට ඇති තැන. ඊනියා නීතිය අනුව විහාරස්ථානයේ විහාරාධිපතින්වහන්සේගේ දේහය ආදාහනය කරන්න තිබුණේ විහාරස්ථානයට එපිටින් වැල්ලේ. එහෙත් උන්වහන්සේ අයත් සංඝ සභාවේ තීරණයක් අනුව දේහය විහාරස්ථාන භූමියේ ම ආදාහනය කෙරුණා. අපේ ගෞරවය හා ප්‍රණාමය සංඝ සභාවට. අප අධිකරණ තීන්දුව නොසලකා හරිනවා නො වෙයි. අධිකරණය තීන්දු දෙන්නේ රෝම ලන්දේසි නීතියට අනුව ඉදිරිපත් කෙරෙන පොලිස් වාරතා හා චෝදනා අනුව.

Tuesday, 18 June 2019

නිවට සිංහල දේශපාලනඥයන්ගේ ව්‍යාජ සිංහ සෙය්‍යාව

නිවට සිංහල දේශපාලනඥයන්ගේ ව්‍යාජ සිංහ සෙය්‍යාව 


ජනාධිපතිවරණය කල් දැමීමේ වුවමනාවක් ඇතැමුනට තිබෙන බව පේනවා. ජනාධිපතිත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමක් ගැන කතා කර තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකින් කෙරෙන යෝජනා සම්මුතියකින් පසුව හෝ වසර හතරහාමාරක් ගෙවුණු තැන ජනාධිපතිගේ නියෝගයක් මත හෝ යැයි පැහැදිලි ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස.