Main Logo

Showing posts with label UNO. Show all posts
Showing posts with label UNO. Show all posts

Sunday, 28 July 2019

පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම

පොහොට්ටුව ගෝඨාභය තමන්ගේ කර ගැනීම 


ඊයේ ලිපියේ සේපාල ඒකනායකගේ නම සේපාල රත්නායක ලෙස පළ  වී තිබුණේ අතපසු වීමකින්. ඒ පිළිබඳ මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. 

අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා විශේෂ නියෝජිතයකු පැමිණ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් බටහිරයන් මුදා ගැනීමට කටයුතු කරනවා. ඔහුට මෙරට විනිසුරුවන් ද හමුවීමට විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලබා දී තිබුණා. පසුව දිනේෂ් විමල් ආදීන්ගේ මැදිහත් වීමකින් එය වැළකුණා. එහෙත් ඔහු උතුරේ සංචාරය කරලා පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. ඔහු තමා මෙරට පැවැත්වූ සාකච්ඡා සම්බන්ධ විස්තර දීමට බැඳී නැතැයි පවසනවා. එමෙන් ම ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ට වුවමනා ආකාරයකට කටයුතු කිරීමට ඉඩ සලසන්න ඔහු වෙහෙසෙන්නේ මෙරට අණ පනත්වලට ඇඟිලි ගසමින්.

Thursday, 16 May 2019

චම්පක බද්‍යුද්දීන් මංගල හා එක්සත් ජාතීන්

චම්පක බද්යුද්දීන් මංගල හා එක්සත් ජාතීන්


බද්යුද්දීන්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය ගැනීම හොඳයි. යෝජනාව දිනනව පැරදෙනව කියන එක ප්රශ්නයක් නො වෙයි. පැරදුණොත් පැරදෙන්නෙ කවුරු හින්ද කියන එක ජනතාව දැන ගනියි.  වි පෙරමුණ දෙමළ ජාතික සංධානය ජා පෙරමුණ කියන එක දැන ගත්ත අයට විරුද්ධ විශාල ප්රචාරයක් ගෙනි යන්න ඕන.       නිකම් බොරු ඇයි හොඳයිකම් පෑමෙන් වැඩක් නැහැ. විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වන්නෙ පාස්කු ප්රහාරයත් සමග යම් සම්බන්ධයක් තියෙන අය. ඔවුන් බද්යුද්දීන් මෙන් පාස්කු ප්රහාරකයන් සෘජුව හරි වක් හරි ආරක්ෂා කරන්නන්.

Thursday, 31 August 2017

ජගත් ජයසූරිය සිද්ධිය


ජගත් ජයසූරිය සිද්ධිය



බ්‍රසීලයේ තානාපති ව සිටි ජෙනරල් ජගත් ජයසූරියට විරුද්ධව එරට හා කොලොම්බියාවේ නඩු පවරලා. තවත් දකුණු ඇමෙරිකානු රටවල නඩු පැවරීමට යනවා. ඒ දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ මෙහෙයුම්වල අවසාන කාලයේ දී ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට විරුද්ධව. නඩු පැවරීමට දකුණු ඇමරිකානු රටවල් කිහිපයක් ම එකතු ව ඇතැයි වාර්තා වෙනවා. නඩු පිටුපස ඊනියා ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂ යැස්මින් සූකා ක්‍රියාත්මක වෙනවා. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධරිනියක්. ඇගේ සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී අදහස් ප්‍රසිද්ධයි.

Sunday, 30 April 2017

මහින්ද මෛත්‍රී සමගියක්


මහින්ද මෛත්‍රී සමගියක්



අනාගත මැතිවරණ දෙස පමණක් බලාගෙන දේශපාලනය කරන්න බැහැ. මැතිවරණ ලබා ගැනීම වුව ද දේශපාලන සටනක්. කම්කරුවන්ගේ නොවන කම්කරු දිනයේ දී හෙවත් දේශපාලන පක්‍ෂ තම බලය උරගා බලන දිනයේ දී මේ පිළිබඳ ව සිතා බලන එක වැදගත්. කම්කරුවන්ට මැයි දිනය අහිමි වූවා සේම බෞද්ධයනට වෙසක් දිනය අහිමි වීමට යනවා. මෙවර පවත්වන්නේ බෞද්ධයන්ගේ වෙසක් දිනයක් නොව එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයක්. එය ඊනියා සර්වාගමික කටයුත්තක් වීමට ඉඩ තිබෙනවා. කොහොමටත් එහි ප්‍රධාන අමුත්තන් හින්දූන්. ඒකට ජෙනීවාහි හුසේන්වත් ගෙන්වා ගන්ත තිබුණා. ථෙරවාදී රටකින් නායකයකු ගෙන්වා ගන්න බැරි ඇයි? එක්සත් ජාතීන්ගේ නත්තල් උත්සවයක්, තෛපොංගල් උත්සවයක්, රාමලාන් උත්සවයක් එහෙම තියෙනවා ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබිල ද?