Main Logo

Showing posts with label University of Ceylon. Show all posts
Showing posts with label University of Ceylon. Show all posts

Sunday, 15 September 2019

ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

      සිංහල ලිත් ඉලක්කම් 


ජීවිතයෙන් වියෝ වූ රැකියා අධ්‍යාපනය

ආසියාවේ අප්‍රිකාවේ රටවලින් බටහිර රටවලට ගොස් සිටින සියල්ලන් ම පාහේ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල උනන්දුවක් දක්වනවා. ඇතැමුන් බටහිර රටවලට යන්නේ ම තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ලංකාවේ පමණක් නොව දියුණු යැයි කියන ජපානයේ ද තත්වය එයයි. මේ දෙමවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ, බොහෝ විට කැපවෙන්නේ ඇයි? 

Monday, 2 July 2018

මෙරට වෘත්තීය අධ්‍යාපනය


මෙරට වෘත්තීය අධ්‍යාපනය



බොහෝ රටවල බටහිර වෛද්‍යවරුන්ට සමාජයේ වැදගත් කමක් ලැබෙනවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවෙ සමහර විට වෙනත් බොහෝ රටවලට වඩා වැදගත් කමක් ලැබෙනවා ඇති. ලංකාවේ බටහිර වෛද්‍යවරුන් විවිධ ක්‍රමවලින් තම ආධිපත්‍යය රැකගන්නවා. අනෙක් සෑම වෘත්තියක ම හා ශාස්ත්‍රීය කියන අධ්‍යාපනයෙහිත් පෞද්ගලික විශ්වවිද්‍යාල/අනුබද්ධ විශ්වවිද්‍යාල තිබෙන නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවන්න දෙන්නෙ නැහැ. ඒ සඳහා උපයෝගී කර ගන්නෙ බොහෝ විට ශාස්ත්‍ර පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ අතර තරුණ භික්‍ෂූන් වහන්සේ ද යොදා ගන්නවා. උන්වහන්සේලාත් ඉගෙන ගන්න විෂය සඳහා බාහිර උපාධි ආයතන හන්දියක් හන්දියක් ගානේ තියෙනවා.

Thursday, 15 March 2018

අනෙකුන්ගේ නොවන මම


අනෙකුන්ගේ නොවන මම


මා ඒකාබද්ධ විපක්‍ෂයේ හා පොදු ජන පෙරමුණේ ඇතැම් දේ ගැන එකඟ වන්නේ නැහැ. ඒ බව මා ප්‍රසිද්ධියේ කියනවා. එයින්  මා ආණ්ඩුවේ හිතවතකු සිරිසේනවාදියකු යැයි කියන්නේ ද්වෛතවල හිර වූ පඬියන් පමණයි. මහින්ද රාජපක්‍ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කළා. එහෙත් ඒ පරාජය කිරීමෙන් පසු ඔහු වෙනත් මගක ගියා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු මහින්ද වෙනත් මගක ගියේ ඇයි. ඔහු වටා ඊනියා ස්මාට් ජාතිකවාදීන් එකතු වූයේ කෙසේ ද? නන්දිකඩාල් අද අපට පරාජයක් වී තියෙනවා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු නැවතත් දෙමළ ජාතිවාදය හිස ඔසවන්න ඉඩක් තියෙන්න බැහැ. එහෙත් එය එසේ වූවා. මෙය පැහැදිලි කර ගත යුතුයි. මා අද හිතන්නේ අප නන්දිකඩාල් වෙනුවෙන් රට උගස් තියා ඇත කියා. ඒ අරුතින් නන්දිකඩාල් පරාජයක්. සාමාන්‍ය සිංහලයන් හිතන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයක් කියා. මාත් එකල හිතුවේ එසේයි.  එහෙත් මා දැන් එසේ හිතන්නේ නැහැ. අප කොටි පරාජය කළා. එහෙත් දෙමළ ජාතිවාදය පරාජය කළේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය කර ඇත්තේ අප නොව ඉන්දියාවයි. ඉන්දියාවට අවශ්‍ය වී තිබුණේ ප්‍රභාකරන් පරාජය කර දෙමළ ජාතිවාදයට අත දීමයි.

Thursday, 15 June 2017

ලංකා විශ්වවිද්‍යාලයට හැත්තෑපහයි

ලංකා විශ්වවිද්‍යාලයට හැත්තෑපහයි

ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවා මේ වසරට අවුරුදු හැත්තෑපහක් වෙනවා. 1921 දී ලන්ඩන් විශ්වවිිද්‍යාලයට අනුබද්ධිිත විද්‍යාලයක් කොළඹ කුමාරතුංග මුනිදාස (එකල තර්ස්ටන්) පාරේ පිහිටුවනු ලැබුවා. ඒ සඳහා යොදා ගත්තේ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිලි. අදත් පවතින සැම්ප්සන් බංගලාව ඒ ඉතිහාසය කියනවා. සැම්ප්සන් එවකට රාජකීය විදුහලේ වැඩ බලන විදුහල්පති. ඔහුගේ නිල නිවස සැම්ප්සන් බංගලාව ලෙස හඳුන්වනු ලැබුවා. ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යලයීය ආයතනය පිහිටුවීමත් සමග රාජකීය විද්‍යාලය අල්ලපු වැටට ගෙන ගියා. විශ්වවිද්‍යාලයීය ආයතනය ලංකා විශ්වවිද්‍යාලය බවට පත් කෙරුණේ 1942 දී.