Main Logo

Thursday, 28 February 2019

ඉන්දියාව පකිස්තානය හා අපි


ඉන්දියාව පකිස්තානය හා අපි



කාශ්මීර ප්‍රශ්නය විසදෙන එකක් නො වෙයි. නරක ද පඬියන්ට කියන්න ඉන්දියාවට හා පකිස්තානයට සංහිඳියාවක් ඇති කර ගන්න කියලා. ප්‍රශ්නෙට අවුරුදු හැත්තෑඑකක් වෙනවා. අද ඉන්දියාවෙත් පකිස්තානයෙත් ඉන්න බහුතරය ප්‍රශ්නය ඇති වෙනකොට ඉපදිලත් නැහැ. ප්‍රශ්නය ඇති කෙළෙ සුපුරුදු පරිදි ඉංගිරිසින්. ඒත් අද යුද්ධ කරන්නෙ ඉන්දියාවයි පකිස්තානයයි. මේක නම් යුද්ධයක්. අපේ වගේ නො වෙයි. යුද්ධාපරාධ වෙනවා. රටවල් දෙක ම න්‍යෂ්ටික අවි යොදා ගන්න පුළුවන් මට්ටමක ඉන්නචා. එහෙත් එහෙම වෙන එකක් නැහැ. යුද්ධෙත් ටික කාලයක් පැවතිලා විද්‍යුත් නාලිකා වගේ විරාමයකට යාවි. කවුද වෙළෙඳ දැන්වීම් දෙන්නෙ.

Wednesday, 27 February 2019

කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය


කොල්ලුපිටියෙ රනිල් හා බරණැස චේතිය





රනිල් චේතිය රජ්ජුරුවන්ගෙ කවුරුවත් වෙන්න බැහැ. චේතිය රජ්ජුරුවො එක බොරුවක් කිව්වයි කියල නෙ අපි දන්නෙ. රනිල් කිසි දා බොරුවක් කියන්නෙ නැහැ. අහසින් යන්න පුළුවන් වුණු චේතිය රජ්ජුරුවො එක බොරුවක් කියල ඒ බලය නැති කර ගත්තලු. රනිල්ට එහෙම බලයක් නැහැ. ඔහු අහසෙන් යන්නෙ ගුවන් යානාවලින් පමණයි. ඒව කඩන් වැටෙන්නෙ නැහැ. ඒවායෙ වෙන මිනිස්සුත් යනවා. රනිල්ට තනියම ගුවන් යානා පදවන්න පුළුවන් ද? ඔහුට ඒ සඳහා බලපත්‍රයක් තියෙනවා ද? කාගෙන් ද ඒක දැන ගන්න පුළුවන්. චේතිය රජ්ජුරුවන්ගෙන් ද? 

Tuesday, 26 February 2019

අඹ දන් ජෙනීවා



අඹ දන් ජෙනීවා



තවත් ජෙනීවා වාරයක් ඇවිල්ලා. අඹ වාරත් අවුරුද්දකට දෙසැරයක් එනවා. නොවැම්බර් දෙසැම්බර් වාරෙ එතරම් සාර්ථක නැහැ. ජෙනීවා වාර දෙක මාර්තු සැප්තැම්බර් මාසවල. වඩා සාර්ථක කොයි එක ද කියල එහෙ නිතර යන ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න ඕන. මා කියන්නෙ ජනමාධ්‍යවේදියට ම නො වෙයි. මානව අයිතිවාසිකම් කොමසාරිස්ට.

Monday, 25 February 2019

විධායකය අහෝසි කර තමන් රැකීම


විධායකය අහෝසි කර තමන් රැකීම

                       



ලෝකයේ මමත්වය වැඩි ම පුද්ගලයන් සිංහල බෞද්ධයන් ද කියල බොහෝ වෙලාවට හිතෙනවා. වරක් සිංහල කතෝලිකයකු මගෙන් ඇහුවෙ පන්සල්වල හැම තැනක ම අහවල් ආසනය පූජා කෙළෙ අහවලා, අහවල් පිඟාන, කෝප්පය පූජා කෙළේ අහවලා ආදී වශයෙන් ලියා ඇත්තේ ඇයි ද කියා. එය පාඨලීපුත්‍රයේ අශෝක රජුගේ ටැම් ලිපි හා වෙනත් ලිපිවලින් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. අප සිතනවාට වඩා වෙනත් ආකාරයක බලපෑමක් අශෝක බුද්ධාගමෙන් වෙලා තියෙනවා. 

Sunday, 24 February 2019

ඇතුළෙත් ගැට පිටත් ගැට


ඇතුළෙත් ගැට පිටත් ගැට



දැන් ඒ ගමන බොහෝ දෙනකු ව්‍යවස්ථා සභාවෙ ඉතිහාසය ගැන කියන්න පටන් අරගෙන. ව්‍යවස්ථා සභාව පටන් ගත්තෙ දහහත්වැනි සංශෝධනයෙන් බව මතක් වෙලා. දහහත්වැනි සංශෝධනයට අනුව බහුතරයක් පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්ථා සභාවට පත් කරන්න හිටියත් දිනේෂ් හා වාසු මැදිහත් වෙලා වැඩි නියෝජනත්වය පාර්ලිමේන්තුවට ගත්ත කියන එක චෝදනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. පිටින් යෝජනා කරන අය අපක්‍ෂපාත වෙන්න පුළුවන් කියන එක ද මේ අය කියන්නෙ. පිටින් ගන්න අය වග කියන්නෙ කාට ද? ඔවුන්ගෙ නම් යෝජනා කරපු අයට ද?

Saturday, 23 February 2019

මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ


මහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ



මහින්ද පැරදුණේ 2015 ජනවාරි 8 වැනි දා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ ඊට පසු දා ජනවාරි 9 වැනි දා. මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් මහින්ද අත්හැරල යන්න පටන් ගත්ත. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂෙ සභාපතිකම මෛත්‍රිපාලට පවරල මැදමූලන ගියා. බැසිල් එක්සත් රාජ්‍යවලට ගියා. කවුදෝ කටුනායක දී ඔහුගේ පින්තුරයක් අරගෙන තිබුණා. මහින්ද පැරදුණෙ බැසිල් ජනාධිපතිවරණයෙ ප්‍රධාන සංවිධායකය ලෙස ඉන්න කාලෙමයි. බැසිල් නැති නිසා මහින්ද පැරදුණා නො වෙයි.  ශ්‍රී ල නි ප සමහරු යහපාලන ආණ්ඩුවෙ ඇමතිවරු වුණා. මිනිසුන් මහින්ද බලන්න පෙරහැරෙ මැදමූලන ගියා. ඒ කවුරුන්වත් සංවිධානය කරල නොවෙයි. මේ ඉතා කලාතුරකින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවන දෙයක්.

Friday, 22 February 2019

මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා


මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා



බැසිල් රාජපක්‍ෂගේ උද්ධච්චකම් හා රට අරාජිකත්වයට තල්ලු කිරීම් ගැන කීමට සිටියත් මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ කතාව හා පැවති විවාදය ගැන යමක් ඉක්මණින් කිව යුතුයි. ඊයේ පැවති විවාදය තවත් පාර්ලිමේන්තු විවාදයක් පමණක් වුණා. මෛත්‍රිපාල තකහනියක් ම පාර්ලිමේන්තුවට ඇවිල්ල කතාවක් කරල යන්න ගියා. ව්‍යවස්ථා සභාව එහෙම ම තියෙනවා. ජයන්ත ධනපාලලා සෙල්වකුමාරන්ලා ඉල්ලා අස්වෙන පාටක් නැහැ.