Main Logo

Saturday 25 January 2014

බලු වෙන සමාජය



ඇමෙරිකාවට පැමිණි මුල් දිනවලදී මා මවිතයට පත් කල කරුණු දෙකක් විය. එකක්එහි භූමියේ විශාලත්වයය. රටේ දිග පළල ගැන මා කලින් දැන සිටියත් ඇසින් නොදැකඑවැනි විශාල භූමියක් ගැන හිතා ගැනීමට මට නොහැකිවිනි. දෙවෙනි කරුණ වූයේඇමෙරිකානුවන් කෙතරම් සමාජයෙන් චෙන්වී සිටීද යන්නය. රටේ විවිධ ප්‍රදේශවලජීවත්වීමට ලැබීමත් සමඟ කාලයාගේ ඇවෑමෙන් භූමියේ විශාලත්වය මා තව දුරටත් මවිතනොකරන සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති මුත් දෙවෙනි කරුණ පිලිබඳ මම අදටත්විටින් විට මවිත වෙමි. මේ සමාජය අත්නොදැක සිටියානම් වෙන්වී ජීවත්වීමේස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමට මට නොහැකිවනු ඇත. පැහැදිලිවම බටහිරසමාජයේ පුද්ගලයා වෙන් කෙරීම පිලිබඳව මා අනුමාන කලදෙයයි මා එය අත්දකිනඅයුරයි අතර වෙනසක් ඇත. මා මවිත කරවන්නේ ඒ වෙනසයි.

සමාජයෙන්වෙන්වීම යනු හුදෙකලාවීමම නොවේ.  එකමුතු බවක් නැතිවීමද නොචේ. එයආත්මාර්ථකාමයද නොවේ. ආත්මාභිමානයද නොවේ. මේ එකකුදු නොවුනද වෙන්වීම තුල මේදෑ නැතුවාද නොවේ. වෙන්වීම තුල සමාජය හා පුද්ගලයා අතර සම්බන්ධයට වඩා යමක්ඇතැයි මම සිතමි.

ලංකාවේ කුඩා දරුවෙකුට තමා ගැන විස්තරයක්කීමට කිවහොත් පැකිලෙමන් බොහෝවිට තමන්ගේ දෙමව්පියන් යහළුවන් තමන් ජීවත්වෙනගම ආදිය ගැන කථාවක කියනු ඇති නමුත් ඇමෙරිකාවේ දරුවකු කිසිදු පැකිලීමකින්තොරව කරන තමාගැන විස්තරයේ වැඩි අවධානයක් දෙනු ඇත්තේ තමන් කුමන ආකාරයේපුද්ගයෙක්ද, තමන් කැමති අකමැති දෑ මොනවාද යන්නටය. මේ වෙනස තුල මම බටහිරසමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි.

ලංකාවේ ක්‍රීඩාගාරයකක්‍රිකට් තරඟයක් නැරඹන රසිකයෝ ක්‍රීඩා තරඟය රස විඳින අතරම නටමින් ගයමින්ඔවුනොවුන්ගේ සංගමයද විඳිති. නමුත් ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ එවැනිඅවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ ඒ පුද්ගලයා තරඟය නරඹමින් පුද්ගලිකවින්දනයක් ලැබීමය. පිරිසක් සමඟ සිටියත් එහි ඇත්තේ පුද්ගලික අත්දැකීමකි.ඇමෙරිකාවේ වැඩිහිටියන් එකතුවෙන තැන පමණක් නොවේ කුඩා දරුවන්ගේ උපන්දින සාදවලපවා වැඩිමනත් සිදුවන්නේ ඒ ඒ දරුවා තම තමන්ගේ පුද්ගලික වින්දනයක් ලැබීමය.මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි. මා සිතන අන්දමට අදඅප රටේ ජීවත්වෙන ඉහලම ඝනයේ ලිබරල්වාදීන්ටවත් ඇමෙරිකානුවන් තරම් වෙන්වීපවතින්නට හැකියාවක් නැත. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ ඔවුන් වෙලා සිටිනසිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ට වෙන් වෙන්නට ඉඩ නොදෙන නිසයි.

කෙසේවෙතත් පුද්ගලයා සමාජයෙන් වෙන්වීම බටහිර සංස්කෘතිය තුල පැවැත්ම පිළිබඳ දරනආකල්ප වල ප්‍රතිඵලයක් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ මමපවතින්නේ සෙසු ලෝකයෙන් ස්වායත්තවය. බටහිර නොවන සමාජතුල මමපවතින්නේ මමනොවන අන් සියලු දෑ සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතිවය.

ටැන්සානියාවේහස්ඩා ගෝත්‍රිකයින් ඔවුන් සතු දෑ අන් සතු කිරීමට ඇති කැමත්ත අකමැත්තවිමසීම සඳහා මෑතකදී ඇමරිකානු සමාජ විද්‍යාඥයින් පිරිසක් විසින් පර්යේෂණයක්සිදුකෙරිනි. එහි නිරීක්‍ෂණය වූයේ ධනවාදී ආර්ථිකය සමඟ යම් තරමක් ගනුදෙනුපැවැත්වූ හස්ඩා වරුන් තමන්සතු දේ පිළිබඳ දැඩි ඇල්මක් දැක්වූමුත් දඩයමින්දිවි ගෙවූ සෙසු හස්ඩාවරුන් එසේ නොවුනු බවය. ඔවුන් තමන් සතුදේ අන්සතු කිරීමටබෙදා ගැනීමට හෝ හුවමාරු කර ගැනීමට අර තරම් අකමැත්තක් නොදැක්වූහ. දැන් මේකථාව ඊනියා පර්යේෂණයක් නොකර වුවද මේ ලිපිය කියවන ඔබට අනුමාන කර ගැනීමටහැකිවේයැයි මම සිතමි. කෙසේ වෙතත් බලාපොරොත්තු විය හැකි පරිදි ඇමරිකානු සමාජවිද්‍යාඥයින් නිගමණය කලේ දඩයමින් දිවි ගෙවූ හස්ඩා වරුන්ට ස්වභාවයෙන්මසම්පත් හිඟ බැවින් බෙදා හදාගෙන ජීවත්වන්ට සමාජයෙන් ඔවුන් පොලඹවන බවත් එසේනැති විට ඔවුන්ට සමාජයෙන්ම දඬුවම් ලැබිය හැකි බවත් ඒ නිසා ඔවුන් තමන් සතුදේ පිළිබඳ ලිහිල් ආකල්ප දරනවා විය හැකි බවත්ය. ඔවුන්ගේ ඊනියා පර්යේෂණයෙන්මේ බව ඔප්පුනොවේ. මෙය හුදු උපකල්පණයක් පමණි. කෙසේ වෙතත් ඒ උපකල්පණය මමපිලි නොගනිමි. මගේ උපකල්පණය නම් මේ මිනිසුන් තමන් සතු දේට එතරම් බැඳීමක්නොදක්වන්නේ ඔවුන් සෙසු ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධවී පවතිනනිසාය. ඇමෙරිකානුවන්ගේ පැවැත්ම එසේ නොවේ. ඔවුන්ගේ පැවැත්ම සෙසු ලෝකයෙන්ස්වායත්තය. සමාජයෙන් වෙන්වීමට භෞතික දේට ඇලීමට ඇමෙරිකානුවන් හුරු වන්නේ ඒපැවැත්ම නිසාය.

ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පවතින්නටයම් ආකාරයක දියුනු මනසක් තිබිය යුතුයැයි මම සිතමි. ඒ අනුව දඩයමින් දිවිගෙවන හස්ඩාවරුන්ට අනිත් හස්ඩාවරුන්ට වඩා යම් ආකාරයක දියුනු මනසක් ඇතැයි කිවහැකිය. හෙළයින්ටද ඒ දියුනු මනස තිබෙන්නට ඇති. අද වන විට සිංහලුන්ගේ ඒ මනසපිරිහී ඇති මුත් අපි තවමත් බටහිරුන් තරමට පහලට වැටී නැත.


වෘකයින්ටඉතා සංකීර්ණ සමාජ රටාවක් ඇතැයි කියැවේ. උන් ජීවත් වන්නේ කන්ඩායමක් වශයෙනි.දඩයම් කිරීම, පැටවුන් බලා කියා ගැනීම, සතුරු උවදුරුවලට මුහුණ දීම, තමවැයික්කිය ආරක්‍ෂා කර ගැනීම වැනි සංකීර්ණ ක්‍රියා උන් කණ්ඩායමක් වශයෙන් ඉටුකර ගනිති. නමුත් වෘකයින්ගෙන් පැවත ඒ යැයි සැලකෙන දඩාවතේ යන බල්ලන්ගැවසෙන්නේ තනියෙනි. ඔවුන් එකතු වුනත් එසේ වෙන්නේ බොහෝවිට බැල්ලියක් පසුපසයාම සඳහා පමණි.  සංකීර්ණ සමාජයක් පවත්වාගෙන යාමට වෘකයින්ට තිබූ යම් දියුණුමනසක් බල්ලන්ගෙන් ගිලිහී ඇතැයි කිව හැකිද? ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් පවත්වාගෙන යාමට අපට පෙර තිබූ යම් හැකියාවක් අපෙන් ගිලිහී ඇත්තේ මේආකාරයටම නොවේද? ජංගම දුරකථනවලට අන්තර් ජාලයට මිනිස් සම්බන්ධතා සුලු කරදමමින් අපි තවත් බලු වෙමින් සිටින්නෙමුද?


ජානක වංශපුර

2014-01-25