මා හා දේශපාලනඥයන්
මා මහින්දවාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ (ව්‍යාජ සමාජවාදීන්ගේ) තරම්
වෙනත් කිසිවකුගේ වෛරයට පාත්‍ර වී නැහැ. ඒ කියන්නේ දේශපාලනඥයන් මා කෙරෙහි යහපත්
ආකල්පයක් දක්වා ඇති බව නො වෙයි. 1987-88
සමයේ දී එ ජා ප ආණ්ඩුවේ මෙන් ම ජ වි පෙරමුණේ ද මරණීය තර්ජන මට තිබුණා. මට රට හැර
යෑමට පවා සිදු වුණා. ව්‍යාජ සමාජවාදීන් මට වෛර කෙළේ මා මාක්ස්වාදය පට්ට ගැසූ
නිසයි. අද මාක්ස්වාදයට මෙරට කිසිම තැනක් නැහැ. ඔවුන්ගෙන් ඇතැමකු තවමත් කම්කරු
පංතිය හොයනවා.
දෙමළ ජාතිවාදීන් ද මට වෛර කළා. මට විරුද්ධව පෝස්ටර් අලවා ඇත්තේ ජ වි
පෙ හා කොටි සංවිධානය පමණයි. කොටි සංවිධානය යාපනයේ මට විරුද්ධව පෝස්ටර ඇලවු බව
යාපනය විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් කිහිප දෙනකු මට කීවේ පරෙස්සම් වන ලෙස කියමින්.
එහෙත් කොටින්ගෙන් මට ජීවිත තර්ජන තිබුණේ නැහැ. ඇතැමුන් නිගමනවලට එළඹෙන ආකාරයට මට
කොටි සමග ඩීල් එකක් තිබී තියෙනවා.
මහින්ද මට කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය සඳහා දිගුවක් ලබා දුන්නා. ඒ
ප්‍රියන්තා සේනානායක මහත්මියගේ මැදිහත් වීමෙන්. ප්‍රියන්තා සේනානායක කියන්නේ නාථ
දෙවියන් සමග සන්නිවේදනය කළ මහත්මිය. එකල ආසනික් පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයේ
ආරම්භ කර තිබුණා. මා එවකට විද්‍යා පීඨාධිපති. මා පීඨාධිපති ධුරයෙන් ඉවත් විණි නම්
පර්යේෂණ කඩා වැටෙනවා. ප්‍රියන්තා සේනානායක මැදිහත් වෙලා මට අවුරුදු තුනක දිගුවක්
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් ලබා දුන්නා. එහෙත් පර්යේෂණ අවසන් වීමත් සමග මගේ
පීඨාධිපති ධුර කාලය අවසන් වූ විගස මා සේවයෙන් ඉකුත් වුණා. ඒ මට තව අවුරුදු දෙකකට
සේවා දිගුවක් තිබිය දී. ඉන් අවුරුදු තුනකට පමණ පසු මහින්ද මට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසමේ සාමාජකත්වයක් ලබා දුන්නා. එහි ලිපිය මා අතට පත්වීමට පෙර එය මට ලැබීම
වැළැක්වීමට මා උත්සාහ ගත්තා. ඒ බවට මට සාක්‍ෂි තියෙනවා. එහෙත් මගේ උත්සාහය සාර්ථක
වුණේ නැහැ. මට ලිපිය ලැබුණා. මහින්දට ගරු කිරීමක් ලෙස මා පත්වීම භාර ගත්තා. ඉන්
මාස හයකින් පමණ පසු 2015 ජනවාරි නවවැනි දින මෛත්‍රිපාල
ජනාධිපති වූ විගස ඔහු වැන්නකු යටතේ සේවය කිරීමට මගේ අකමැත්ත ප්‍රකාශ කරමින් මා
සාමාජිකත්වයෙන් අස්වුණා.
මා අවුරුදු පනහකට වැඩි කාලයක් තිස්සේ දේශපාලනඥයන් ආශ්‍රය කර ඇති
නමුත් යම් කරුණකට මගෙන් සෘජු හෝ වක්‍ර හෝ සේවයක් ලබා ගෙන ඇත්තේ ප්‍රේමදාස පමණයි. 1993-2002 කාලයෙහි මා රැකියාවක් නැති ව සිටි නමුත් මා
කිසිම දේශපාලනඥයකුගෙන් රැකියාවක් ඉල්ලා නැහැ. ඔවුන් මට රැකියාවක් දීත් නැහැ. එකල
තිබූ චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිවරුන් ගණනාවක් මා දැන සිටියා. එකල උසස් අධ්‍යාපන ඇමති
ව සිටියේ මා සමග එකම විවාද කණ්ඩායමේ සිටි ඉන්දික ගුණවර්ධනයි. මා ඔහුගෙන් උදවුවක්
ඉල්ලාවත් ඔහු මට උදවුවක් කරවත් නැහැ. මා කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල
තනතුරු ලබා ගත්තේ ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්ඩලයෙහි අවුරුදු දහයකට ආසන්න
කාලයක් තිස්සේ විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ වින්ශ්චයකරුවන් ඉදිරියේ නීතිඤයකුගේ
සහායක් නොමැති ව නඩු කීමෙන් පසුවයි. නඩු අවසානයේ දී ප්‍රතිපාදන කොමිසම මට කැලණිය
විශ්වවිද්‍යාලයේ පත්වීම අනුමත නොකර සිටි විට දිනේෂ් ගුණවර්ධන එය පාර්ලිමේන්තුවේ
මතු කළා. එවකට උසස් අධ්‍යාපන ඇමති ව සිටි කබීර් හෂිම් වහාම තීරණයක් ගැනීමට (පත්
කිරීමට නොව) ප්‍රතිපාදන කොමිසමට බල කළා. මට 2003 අවුරුද්දේ කැලණියට යා හැකි වූයේ එලෙසයි.
ප්‍රේමදාස එයට වඩා වෙනස්. 1989 දී පමණ විශ්වවිද්‍යාල විවෘත කර ගැනීමට නොහැකි ව සිටි කාලයේ දී ඔහු
මා සුචරිතයට කැඳවා ඒ සඳහා පිළියම් විමසුවා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය කැලණිය
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්වුයේ මගේ උපදෙස් අනුවයි. එ හා තවත් විසඳුම්
සම්බන්ධ ලිය කියවිලි මා කලින් ඉදිරිපත් කර ඇති. පසුව ප්‍රේමදාසගේ අවශ්‍යාතාවට අද
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය නමින්
හැඳින්වෙන ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරග පැවැත්වීම සඳහා විදුලි බල්බ සහිත කණු සවි
කිරීම මගේ මිතුරකු වූ ඉංජිනේරු ගැමුණු සිල්වාට පැවරුණා. එකල ඒ කණු තිබුණේ මට මතක
හැටියට මෙල්බන් හෝ සිඩ්නි හෝ ක්‍රිඩාංණයේ පමණයි. ඒ සඳහා පරිගණක ආශ්‍රයෙන් ලබාගත්
සූත්‍රයක් තිබුණේ නැහැ. ඕස්ත්‍රේලියාවට සාපේක්‍ෂව හිරු ගමන් කරන්නේ අපට සාපේක්‍ෂව
හිරු ගමන් කරන විධියට නො වෙයි. අර ජ්‍යොතිෂ විරෝධීන්ට හිරුට සාපේක්‍ෂව ගණනය කර කණු
හිටුවන්න පුළුවන් ද? ඔවුන්ට පුළුවන් කණු තියන්න පමණයි. ඒ
කණු සවිකිරීම දෛනික ව සිදුවන හිරුගේ ගමන් මාර්ගයේ වෙනසත් සැලකිල්ලට ගනිමින් කළ
යුත්තක්. ඒ සවිකරන තැන් අවම බාධාවක් වන සේ ගණනය කිරීමට ගැමුණු මට කිව්වා. මා ඔහුගේ
ඉල්ලීම ඉටු කළා. ඒ අතින් බලන විට මා සේවය කර ඇත්තේ ප්‍රේමදාසට පමණයි.
ඉහත සඳහන් වන්නේ දේශපාලනඥයන් සමග මගේ තිබූ ගණුදෙනුයි. මා
මහින්දවාදියකු නො වෙයි. 1994 මහා මැතිවරණයට ම එ පෙරමුණෙන් කළුතර
දිස්ත්‍රික්කයට තරග කළත් මා කිසි දිනෙක ඒ පක්‍ෂයේ සාමාජිකයකුව සිටියේ නැහැ. මා
කොහොමටවත් දිනේෂ්වාදියකු නො වෙයි. එහෙත් අද මහින්දවාදීන් ඉතා ද්වේෂ සහගත ව මා ගැන
කතා කරන බව මා දන්නවා. මට කිසි දිනෙක පෞද්ගලික ව මෛත්‍රිපාල හමු වී නැහැ. මට රාජිත
හමු වී ඇත්තේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව කටයුතු කරන අවධියේ. වසර පහකට පමණ පෙර පේරදෙණියේ දී මට ඔහු මුණ
ගැසුණු නමුත් අප එකිනෙකා සමග කතා කෙළේ නැහැ. සයිටම් මගින් නිදහස් අධ්‍යාපනය නැති
නොවන බව මගේ විභ්වාසයයි. එපමණකින් මා හා රාජිත අතර සම්බන්ධයක් ඇති වන්නේ නැහැ.
මා මෛත්‍රිපාල ලවා රනිල් ඉවත් කළ යුතු බව කියන්නේ 2015 මාර්තුවේ තරම සිට. එය පසුගිය පළාත් පාලන ආයතන
මැතිවරණ සමග කිසිම සම්බන්ධයක් නැහැ. මා කිසි විටෙකත් මැතිවරණයට මෛත්‍රිපාල හා
පොහොට්ටුව එක්ව තරග කළ යුතු යැයි කියා නැහැ. එහෙත් මැතිවරණයෙන් පසුව මා කියනවා
පොදුජන පෙරමුණ හා මෛත්‍රිපාලගේ කණ්ඩායම් එකතු වී එ ජා ප වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක්
ලබා ගෙන ඇති ආයතනවල බලය පිහිටුවිය යුතු ය කියා. හම්බන්තොට මහා නගර සභාව එයට උදාහරණයක්.
ඒ එකතුව සඳහා විරුද්ධ කිසිවකුටවත් කිසිම ඉඩක් දිය යුතු නැහැ. ඒ සභාවෙහි සභාපතිකම එ
ජා ප බලය නැති කිරීම සඳහා ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.
මහින්දවාදීන් හිතන තරම් ජයග්‍රහණයක් පළාත් පාලන ආයතන මැතිවරණයෙන්
ලැබී නැහැ. ඒ ජයග්‍රහණය පනස්හය සමග සන්සන්දනය කරන්නේ පනස්හයේ වැදගත්කම අඩු තක්සේරු
කිරීමට උත්සාහ කරන ස්මාට් ජාතිකවාදීන්. මා මෙසේ කියනවාට මහින්දවාදීන් විරුද්ධයි.
පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවට ලැබුණේ 45% ක ඡන්දයක් පමණයි. එය මහින්ද 2015 ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට අඩුයි. මැතිවරණ ප්‍රතිඵල
විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන කරුණ මෛත්‍රිපාලගේ ඡන්ද හා මහින්දගේ ඡන්ද එකතු කළ විට
යම් රටාවක් දැකිය හැකි බවයි. ඒ විස්තර පසුව ඉදිරිපත් කරන්නම්.
අද කළ යුත්ත නම් 2020
ගැන කේන්දර බැලීමවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටීමත් නො වෙයි. හැකි
නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිට කියන්න. බැරි නම් කළ
යුත්තේ රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට සහාය දීමයි. ප්‍රධාන සතුරා මෛත්‍රිපාල නොව
රනිල් බව මහින්දවාදීන් තේරුම් ගත යුතුයි. රනිල් ඉවත් කිරීමට සහාය දීම යන්නෙන්
අලුත් ආණ්ඩුවක ඇමතිකම් ලබා ගැනීමක් ගම්‍ය වන්නේ නැහැ. මහින්ද අගමැති වෙනවා නම් මා
කැමතියි. එහෙත් එය නොකෙරෙන පාටයි. ඒ මහින්දගේ අකමැත්ත නිසා බව දැන් පැහැදිලියි. අද
කළ යුත්තේ අලුත් ආණ්ඩුවක ඇමතිකම් භාර නොගත්තත් ඒ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව බලයෙන්
පහකිරීම සඳහා පමණක් ගෙන ආ හැකි විශ්වාසභංග යෝජනාවකට පක්‍ෂපාත නොවී සිටීමයි.
________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-13