Main Logo

Friday 17 May 2019

ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කරන්නන් ආරක්‍ෂා කිරීම

ත්රස්තවාදීන් ආරක්ෂා කරන්නන් ආරක්ෂා කිරීම


අද මේ රට බහු සාංස්කෘතික කියල කියන අය මංගල සමරවීර පස්සෙ එල්ලෙන්න හදනව. ඒත් ඔවුන් බහු සාංස්කෘතික කතා කියන්නෙ නැහැ. වෙනුවට මංගල සමරවීර එවැනි කතා කිව්වට පරදින්නෙ නැති බව කියනවා. මංගල කියන්නෙ වන්ද්රිකාගෙ ආණඩුවෙත් මහින්දගෙ ආණ්ඩුවෙත් රනිල්ගෙ ආණ්ඩුවෙත් ඇමතිකම් දරපු, දරණ අයෙක්. ඔහු මහින්දගෙ හොඳ මිත්රයෙක්. මහින්දගෙ ආණ්ඩුවෙත් ටික කාලයක් ඔහු විදේශ ඇමති වෙලා හිටියා!


ඔහුට තියෙන්නෙ සිංහල බෞද්ධ විරෝධයක්. ඔහු අවුරුදු විසිපහකට පමණ පෙරත් ඊනියා රටවැසි පෙරමුණක් හදාගෙන සංධීය රාජ්යයක් හදන්න කටයුතු කළා. මංගල බටහිර ක්රිස්තියානි සංස්කෘතික ආධිපත්යයට යට වෙච්ච අයෙක්. මෙ රට සිංහල බෞද්ධ රටක් නො වේය කියල ඔහු කියන විට මුස්ලිම් මන්ත්රීවරු හිටපු ඇමතිවරු නීතිඥවරු පිරිසක් කියා සිටියා මේ රට සිංහල බෞද්ධ රටක් කියල. මුස්ලිම් අය එසේ කියන්නේ සිංහල ඡන්ද ගැනීමට කියල මා හිතන්නෙ නැහැ. එසේ කී අය අතර ඡන්දෙකට සූදානම් නොවන අයත් සිටිය.

ඇතැම් මුස්ලිම් මන්ත්රීවරුන් හා විද්වතුන් මුස්ලිම් ත්රස්තවාදයට ව්යාප්තවාදයට විරුද්ධව කතා කරන එක හොඳයි. ගැන අපි ඔවුන්ට ප්රශංසා කරන්න ඕන. වි පෙ ත්රස්තවාදයට විරුද්ධව ඇතැම් සිංහලයන් කටයුතු කළා. මා කියන්නෙ ප්රා කාරයන් වැන්නන් ගැන නො වෙයි. ඔවුනුත් ත්රස්තවාදියො.  වි පෙ විරුද්ධවාදීන් සිටිමින් ප්රචණ්ඩත්වයට යොමු වූ අය අද විවිධ තැන්වල ඉන්නවා. මෛත්රිපාල ළඟ වගේ වියත්මගෙත් ඉන්නවා.

එදා වි පෙ සමග සාකච්ඡා කරන්න කියල සිංහලයන් ඉල්ලා සිටියේ නැහැ. බටහිරයන් කිව්වෙත් නැහැ. සාම සාකච්ඡා ගැන කතා ඇහුණෙ නැහැ. ඕන නම් ප්රින්ස් ගුණසේකර වගේ අයකු දෙන්නකු සානුකම්පාවෙන් කතා කරන්න ඇති. ඒත් දෙමළ ත්රස්තවාදීන් සමග සාකච්ඡා කරන්න ඕන කියන එක තමයි මුල ඉඳල ඇහුණෙ. ඒක විලාසිතාවක් වෙලා තිබුණ.

බටහිරයන් එහි දී සසෙක්ස් විශ්වවිද්යාලය හා උප්සලා විශ්වවිද්යාලය ඊනියා පරයේෂණ සඳහා යොදා ගත්තා. සසෙක්ස් විශ්වවිද්යාලයෙ මික් මුවර් හා උප්සලා විශ්වවිිද්යාලයෙ පීටර් ෂෝක් අතර ප්රධාන තැනක් ගත්තා. එදා ඔවුන්ට උත්තර දෙන්න වැඩි පිරිසක් හිටියෙ නැහැ. මා එදා ලියූ ලිපි සමහරක් දි අයිලන්ඩ් පිටු අස්සෙ සැඟවිලා ඇති. අද කිසිවකුටවත් ගැන හාංකවිසියක්වත් නැහැ. නන්දිකඩාල් ජයග්රහණයට අවුරුදු දහයක් පිරෙන මේ මොහොතේ මට වාද සිහි වුණා. අද ලංකාවේ බොහෝ ජාතිකවාදීන්ට මා සිරිජාතිකවදියකු පමණයි. ජාතිකවාදී යැයි කියා ගන්නා ජනමාධ්යවේදීන් මා ලියන ලිපි සතපහකට ගණන් ගන්නේ නැහැ.

සිංහල බෞද්ධ විරෝධීන්ගේ විරෝධය මැද එදා මෙරට සිංහල බෞද්ධ රටක් බවත් ප්රභාකරන් පරාද කළ හැකිය හා යුතුය කියා ප්රසිද්ධියේ කීම වරදක් දන්නේ නැහැ. තවමත් පිටරට ඉන්න කිහිප දෙනකු නම් මා ලියන දේ වැදගත් කියා හිතනවා. මා ලියන්නේ ඔවුන් සඳහා. ඔවුන් අතර ස්මාට් ජාතිකවාදීන් එතරම් නැහැ. සමහරවිට ඔවුන්ගෙන් ඇතැම් අදහසක් ලංකාවේ ජාතිකවාදීනට ලැබෙනවා වෙන්න පුළුවන්.
 
ඩග්ලස් දේවානන්දා වැනි කිහිප දෙනකු හැරෙන්න දෙමළ මන්ත්රීවරුන් වියතුන් ප්රභාකරන් ආරක්ෂා කළා. බටහිරයන් හා පඬියන් ඔවුන් ආරක්ෂා කළා.  පසුබිමේ අද මුස්ලිම් මන්ත්රීවරුන් හා විද්වතුන් මුස්ලිම් සමාජය ගැන ස්වයංවිවේචනයක් සමග ආපසු බැලීමට ඉදිරිපත් වීම අගය කළ යුතුයි. මුස්ලිම් සංස්කෘතිය වෙනස් කිරීම සිංහල බෞද්ධයන්ගෙ වැඩක් නො වෙයි. වගේ වෙනස් කිරීම් කෙරෙන්නෙ බටහිර නූතනත්වය විසින්. මෙරට මුස්ලිම් සංස්කෘතිය වෙනස් කරන්න ඕන මුස්ලිම් අයමයි. අප නූතනත්වයෙ දාසයන් වෙන්න ඕන නැහැ. මුස්ලිම් වියතුන් සමහර දෙනකු හරි දන්නවා ඇති බටහිරයන් වහාබ්වාදය කොහොමද පාවිච්චි කරන්නෙ කියල.

අද සියලු දෙනා කරන්න ඕන පාස්කු ප්රහාරය ගැන සොයන්න. එය නැති කරන්න බටහිරයන් සුපුරුදු විධියට මෙරට ඔවුන්ගේ පක්ෂය වූ ජා පක්ෂය යොදා ගෙන තැන තැන කලබල ඇති කරලා ප්රධාන ප්රශ්නය අමතක කිරීමටත් රනිල්ට පූර්ණ බලතල දීමටත් කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් දැනටමත් මැදිහත් වෙලා.

මෙරට මුස්ලිම් ජනයාට මුස්ලිම් රටක රටවැසිකම ලබා ගන්න පුළුවන් ? ඔවුන්ටත් බටහිර රටක ගියෙ නැත්තන් ජීවත් වෙන්න පුළුවන් මේ රටේ. දෙමළ කතාකරන සාමාන් ජනයාටත් එහෙමයි. ඉන්දියාවෙන් මේ රටට දෙමළ ජනයා ඇවිත් පදිංචි වෙලා තිබුණට කී දෙනකු මෙරටින් ඉන්දියාවට ගිහිල්ල එහෙ රටවැසියන් වෙලා තියෙනවා ?

අද අපට තියෙන ප්රධාන ප්රශ්නය ජාත්යන්තර මුස්ලිම් ත්රස්තවාදයෙන් මෙරට මුස්ලිම් ජනයා බේරා ගැනීමත් අප සියලු දෙනා ආරක්ෂා වීමත්. මිසක් අපට ජාත්යන්තර මුස්ලිම් ත්රස්තවාදය පරාජය කරන්න බැහැ. මෙරට ඇතැම් මුස්ලිමුන් ජාත්යන්තර මුස්ලිම් ත්රස්තවාදයට ගොදුරු වෙලා. සිංහල බෞද්ධයන්ගේ වරදක් නිසා නො වෙයි. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් බටහිර මොන ප්රවාද යොදා ගත්තත් සිංහල බෞද්ධයන්ට විරුද්ධ චෝදනා කරන්න බැහැ. මුස්ලිම් ව්යාප්තවාදයත් වහාබ්වාදයට සම්බන්ධයි.

ඇතැම් මුස්ලිමුන්ට ඉස්ලාම් ආගමේ මුලට යන්න ඕන නම් එහි ප්රශ්නයක් නැහැ එහෙත් එසේ යෑමට අනෙක් ආගම්වලට ප්රචණ්ඩත්වය යොදවන එක වැරදියි. ඉස්ලාම් ආගමේ මුලට ගියාට කිසිවකුට එකල තිබූ ලෝකයට ආපසු යන්න බැහැ.  ජාතික චින්තනය කියන්නෙ ආපසු මුලට යෑමක් නො වෙයි. ජාතික චින්තනය කියන්නේ බරකරත්තයෙන් අනුරාධපුරයට යෑම කියල කිව්වෙ කොළඹ විශ්වවිද්යාලෙ සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් දන්න ඉටිගෙඩියක් නැහැ.

අද අරාබිය කාන්තාරයක් ලෙස හිතන්න බැහැ. අද කඩුවලට තැනක් නැහැ. මුස්ලිම් ත්රස්තවාදයත් අද බෝම්බ යොදා ගන්නවා. මා කියන්නේ ගෙවල්වල බෝම්බ තියාගන්න නො වෙයි. එහෙත් පල්ලිවල හා ගෙවල්වල කඩු හා බෝම්බ තියෙනව නම් ඒව හොයන්න ඕන. අද පන්සල්වල බෝම්බ හොයන්න ඕන නැහැ. වි පෙ ත්රස්තවාදය තියෙන කාලෙ මුස්ලිම් පල්ලිවල බෝම්බ හෙව්වෙ නැහැ. පන්සල්වල නම් හෙව්ව. අසාද් සාලි සපත්තු ප්රශ්නයක් අරගෙන පල්ලි පරීක්ෂා කිරීම නවත්වන්න හදනවා ?

ඇතැම් මුස්ලිම් මන්ත්රීවරුන් ස්වයංවිවේචනයක යෙදීමට සූදානම් නමුත් තවත් සමහරු ව්යාජ තර්ක ගෙන එමින් පල්ලි සෝදිසි කරන එක නවත්වන්න හදනවා. අසාද් සාලි කටයුතු කර ඇති ආකාරය බද්යුද්දීන් ක්රියා කර ඇති ආකාරය පිළිබඳ ප්රශ්න තියෙනවා. මෛත්රිපාල තවමත් ඔවුන් ආරක්ෂා කරන බව පැහැදිලියි. රනිල් ගැන කතා කරල වැඩක් නැහැ. ඔහු අමාත් මණ්ඩල අනුමැතිය නැතිව රට බටහිරයන්ට භාර දෙනවා.

ත්රස්තවාදීන් ආරක්ෂා කරන්නන් වැරදිකරුවන් වෙනව වගේ ආරක්ෂා කරන්නන් ආරක්ෂා කිරීමත් වරදක්. බද්යුද්දීන්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ අය පොහොට්ටුවෙත් ශ්රී නි පක්ෂයෙත් ඉන්නචා. ඔවුන්  බොරු තර්ක ගේනව. විශ්වාසභංගය දිනන්න පුළුවන් කියල අහනවා. අතර ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගේන්න කියනවා දිනන්න පුළුවන් වගේ. අඩු තරමෙන් ඔවුන් හෙළිදරවු කිරීමටවත් විශ්වාසභංග යෝජනාව ප්රයෝජනවත් වේවි. ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යෑමට අකමැති අය තමයි දේශපාලනඥයන් අතර වැඩි. ඊනියා ප්රජාතන්ත්රවාදය ඡන්දය මත යැපෙනව. නමුත් ඡන්දය වෙනුවෙන් රට නැති කරන එකට කිසිම සමාවක් දෙන්න බැහැ.

මෙවර වෙසක් උත්සවය ගැනත් යමක් කියන්න ඕන. නන්දිකඩාල් ජයග්රහණයෙ දසවසර සමරන්න වෙලා තියෙන්නෙත් වෙසක් දවසෙ. බටහිරයන්ට ඕන වෙසක් උත්සවයත් නැති කරන්න. මෙවර වෙසක් උත්සවයෙ දි වෙනදාටත් වඩා මොහිදීන් බෙග්ගේ ගීතවලට තැනක් දෙමු.