Main Logo

Showing posts with label Dum Hattiya. Show all posts
Showing posts with label Dum Hattiya. Show all posts

Saturday, 11 July 2020

පරාජිත පක්‍ෂවලට කොවිඩ් සරණං ගච්ඡාමිත් නැහැ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9







පරාජිත පක්‍ෂවලට කොවිඩ් සරණං ගච්ඡාමිත් නැහැ  

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කඳවුරේ තුන්සියක් පමණ කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන. විවිධ පුද්ගලයන් විවිධ කතා කියනවා.  දෙවැනි රැල්ලක් ඇවිල්ල කියනවා. පරාජිත පක්‍ෂවලට කාලකන්නි සතුටක් ඇති වෙලා. ඔවුන් හිතන්නෙ තමන්ට කොවිඩ් සරණං කියා. මංගල අර දෙසරණට එය එකතු කර තුන්සරණක් හදා ගනීවි ද? තැනක් නැතිව ඉන්න රජයේ බටහිර වෙදමහතුන්ගේ සංගමයට මාධ්‍ය ප්‍රකාශ දෙන්න පොටක් පෑදිලා. පීසීආර් පරීක්‍ෂණ තව තවත් කරන්න කියන ඉල්ලීම තව තවත් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා. පීසීආර් පරීක්‍ෂණ කරන එක හොඳයි. ඊට පස්සෙ ඉතින් ප්‍රතිකාරයක්  නැතුව ඉන්න ඕන. ලෙඩේ හා ලෙඩා දෙයියන්ට භාරදෙන්න ඕන. දෙයියන්ගෙ ලෙඩ හින්ද වෙන මොනව කරන්න ද?

Wednesday, 13 May 2020

බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක්

ඊයේ එක් නිවේදකයකු පූර්ව පශ්චාත් කොවිඩ් හරි කොරෝනා හරි යුගයක් ගැන කතා කරනවා ඇහුණා. ඒ සමග ම මෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ජාසිංහත් ඒ කතාව කියනවා ඇසුණා. මා දන්නේ නැහැ මේ ප්‍රකාශයේ නිර්මාතෘවරයා කවුද කියා. ඔහු පශ්චාත්නූතනවාදියකු ද පශ්චාත්තාපවාදියකු ද වෙනත් පශ්චාත්වාදියකු ද කියා දන්නේ නැහැ. මේ රටේ විවිධ පශ්චාත්වාදීන් ඉන්නවා. ඒ කොහොම වුණත් අර නිවේදකයාට හා සෞඛ්‍ය ජෙනරාල්ට (ජෙනරාල්ලා හමුදාවෙන් පිටත් ඕන තරම් ඉන්නවා) කියන්න ඕන වුණේ කොරෝනාව (කොවිඩ්) ඉවර බවත් එසේ ඉවර වීමෙන් පසු අප එහි පළමු අදියරේ ඉන්න බවත් වෙන්න පුළුවන්. 

Wednesday, 6 May 2020

දුම් හට්ටියේ ප්‍රශ්නය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 



දුම් හට්ටියේ ප්‍රශ්නය



මා මේ ලිපි ලියන්නේ කළකිරීමෙන්. මගේ ඉලක්කය සාමාන්‍ය මිනිසුන්, නූගතුන් කියන අය. එහෙත් ඔවුන්ට මේ ලිපි කියවන්න ලැබෙනවා ද කියන එක ප්‍රශ්නයක්. උගතුන් ලිපි කියෙව්වා කියා සතපහක වැඩක් නැහැ. මේ ලිපිවලට පහර දෙන්නන්ට විරුද්ධ ව මේ උගතුන් වචනයක් ලියන්නේ නැහැ. එහෙත් නූගතුන් කියන අය නම් ලියනවා. මා කියන්නේ මුහුණු පොත ගැන ම නොවෙයි. චින්තන පර්ෂදයේ වැඩ කරන අය මෙහි දී වඩාත් සිහියට නැගෙනවා. ඔවුන් කෙතරම් උගතුන් දැයි කියනවා නම් තමන් චින්තන පර්ෂදයේ සාමාජිකයන් නොවන බව කියනවා. එක් අතකින් ගත් විට එය ඇත්තක්. පසුගිය අවුරුදු තිස්තුනක පමණ කාලයෙහි චින්තන පර්ෂදයෙහි සාමාජිකයන් කියා පිරිසක් හිටියේ නැහැ. කිසිවකු සාමාජික ගාස්තුවක් කියා එකක් ගෙවා නැහැ. අප ලිච්ඡවින් තරමට ම නොවුණත් ඉඳහිට රැස්වෙනවා. තීරණ ගන්නවා. විසිර යනවා.

Saturday, 11 April 2020

මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්

 සිංහල ලිත් ඉලක්කම් 


මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්



මා හිතනනේ ජනාධිපති ලේකම් මැතිවරණය සම්බන්ධයෙන් ලිපියක් යැවුවේ මැතිවරණ කොමිසමට කියා.  එයට හූල් ප්‍රතිචාර දක්වලා. එය සිංහල බෞද්ධ විරෝධී කඩමාල්ලක පළ කරලා. ජනාධිපති ලේකම් තම ලිපියෙන් කියා තිබුණා මැතිවරණ කොමිසම ජනාධිපතිට යැවූ ලිපිය ජනාධිපතිට ලැබීමට පෙර ජනමාධ්‍යයේ පළ වී තිබුණා කියා. දැන් මා දන්නවා මෛත්‍රිපාල සිරිසේන තමා ජනාධිපති ව සිටිය දී ජනමාධ්‍යයෙන් පුවත් ලබා ගත්තේ ඇයි ද කියා. තමන්ට නිල වශයෙන් ලිපි ලැබීමට පෙර ජනමාධ්‍යයෙහි ඒ පළ වන බව ඔහු දැන සිටින්න ඇති.