Main Logo

Showing posts with label Lalith Weeratunga. Show all posts
Showing posts with label Lalith Weeratunga. Show all posts

Sunday, 30 September 2018

දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම


දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම



කොටි පැරදවිය හැකි ය හා පැරදවිය යුතු ය යන්න මා කීවේ අවුරුදු විසිපහකටත් එහා. ඒ ගැන බොහෝ දෙනා කතා නොකිරීම වෙන ම ප්‍රශ්නයක්. අද නම් බොහෝ දෙනා කියන්නේ තමන් එදත් කොටි පැරදවිය හැකි බව කී බවයි.  මා ඒ නිගමනයට පැමිණියේ සිංහලයන්ගේ ඉතිහාසයත් කොටින්ගේ ක්‍රියාකලාපයත් පමණක් නොව ඉන්දියාවේ මැදිහත්වීම් ද සැලකිල්ලට ගෙන. 1987 පරිප්පු අත්දැකීම මෙන් ම ඉන්දු ලංකා ගිවිසුම හා ඊනියා සාම සාධක හමුදාවේ නොහැකියාව ද අපට හේතු වුණා. ඊනියා සාම සාධක හමුදාවට මෙරට සාමයක් ඇති කිරීමට පවත්වාගෙන යැමට හැකි කමක් තිබුණේ නැහැ. අනෙක් අතට ප්‍රේමදාස යන්න කී විට ඊනියා සාම සාධක හමුදාවට යන්න වුණා. ඊනියා සාම සාධක හමුදාව ආවේ ඉන්දු ලංකා ගිිවිසුම අනුවයි. ඉන්දු ලංකා ගිවිසුම වැන්නක් නැතිව ඉන්දියාවට තම හමුදා ලංකාවට එවන්න බැහැ.

Monday, 24 September 2018

මහින්දගේ පොරොන්දුව



අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.


මහින්දගේ පොරොන්දුව



ඊයේ ලිපියෙන් ලලිත් වීරතුංග ට්‍රොයිකාව ගැන කළ විස්තරයක් සඳහන් කළා. ඒ ලිපියෙන් පසු දයාන් ජයතිලක දි අයිලන්ඩ් පුවත්පතේ 2018 ජූනි මස 11 පමණ ලිපියක් ලියා තිබුණා ලලිත්ගේ ලිපියේ සඳහන් නොවූ කරුණු කිහිපයක් කියන්න. දයාන්ගේ ඒ ලිපියෙහි දහතුන්වැනි සංශෝධනය ගැන ද කෙටි විස්තරයක් තිබුණා. ස්මාට් ජාතිකවාදීන් දයාන් එතැන සිටියේ දැයි අහන එකක් නැහැ. ඒ සමාට් ජාතිකවාදීන්ගේ ස්මාට්කම. මේ දයාන්ගේ ලිපියෙන්. “The Troika was brilliantly managing the relationship with Delhi, but they were representing and operating on the pragmatic policy decided on by President Rajapaksa, namely the promise to his Indian counterpart, to proceed with the implementation of the 13th amendment. The Troika’s managerial excellence was building on the policy equation and axis with Delhi decided upon by President Mahinda Rajapaksa 

Sunday, 23 September 2018

ස්වාමිගේ හෙළිදරවුව


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

ස්වාමිගේ හෙළිදරවුව



ආචාර්ය ස්වාමි තම බ්ලොග් අඩවියෙ පණිවුඩයක් නිකුත් කරලා කියලා දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයෙහි ඊයේ ප්‍රචාරය වුණා. ස්වාමි දැන් ලංකාවෙ ම දේශපාලනඥයෙක් වෙලා වගේ. නරක ද ඉන්දියාවට ගිහිල්ල ඔහුගෙන් වොයිස් කට් එකක් ගත්තනන්. ස්වාමි හොඳ කතාවක් කියලා තියෙන්නෙ. ඔහුගේ පණිවුඩයෙ තියෙන්නෙ හමුදා මෙහෙයුම්වල අවසන් කාලෙ දි ඉන්දීය ආණ්ඩුව (එවකට කොංග්‍රස්)  ප්‍රභාකරන් බේරගන්න නැවක් එවන්න ඉඳලා. එහෙත් නැව එවන්න බැරි වෙලා. ඒ පණිවුඩය ප්‍රභාකරන්ට යැවීමේ දී ප්‍රශ්නයක් ඇති වෙලා. කොහොම හරි ප්‍රභාකරන් නැව නැති බව නොදැන යන්න එනකොට හමුදා ව වෙඩි තියලා.

Friday, 8 September 2017

ලලිත් හිරබත් කන්නේ කා වෙනුවෙන් ද?


ලලිත් හිරබත් කන්නේ කා වෙනුවෙන් ද?



මා මෙහි කියන දේට මේ ලිපි කියවන බොහෝ දෙනා එකඟ නොවන්න පුළුවන්. මේ ලිපි කියවන සුළු පිරිසෙන් බහුතරය ඒකාබද්ධ විපක්‍ෂයට පක්‍ෂ අය. එහෙත් ඔවුන් අකමැති වුවත් ඒ සාකච්ඡා නොකර බැහැ. ලබන මැතිවරණයේ දී මට තරග කිරීමේ ආශාවක්වත් ඊනියා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමේ අවශ්‍යතාවක්වත් නැහැ. ඡන්දය හෝ නායකයන්ගේ කැමැත්ත හෝ මගේ ප්‍රශ්නයක් නො වෙයි.