Main Logo

Monday, 31 May 2021

ක්‍රිස්තියානි නූතනත්වය පැතිර වූ වයිරය හා වයිරස

 ක්‍රිස්තියානි නූතනත්වය පැතිර වූ වයිරය හා වයිරස


කොවිඩ් 19 නිසා වෙනත් බොහෝ දේ මගහැරෙනවා. නේස්බි සාමිවරයා එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලය අමතා ලංකාව ගැන කළ කතාව එසේ  මගහැරුණු එකක්. පසු දවසක හරි ඒ ගැන කතා කරන්න ඕන. විග්නේස්වරන් උතුරට හා නැගෙනහිරට  ඉන්දියාවෙන් එන්නත් ඉල්ලපු කතාවකුත් තියෙනවා. ඔහුට කොහොම වෙතත් යාපනයට චීනෙන් එන්නත් ලැබෙන පාටයි. ඒත් විග්නේස්වරන්ට තම නිජ බිම වූ තමිල්නාඩුව අමතක කරන්න බැරි කම තමයිි ඒ සියලු කතාවලින් පෙන්නුම් කරන්නෙ.  කාබනික පොහොර කතාත් තියෙනවා. කිසිම පොහොරක් නැතිව වගා කරන අයත් ඉන්නවා. ගොම ටික, කොළ රොඩු ආදිය තමයි ඔවුන්ගේ පොහොර. මියන්මාහිත් එවැන්නන් ඉන්නවා. මී හරකුන් මෙන් ම එළ හරකුන් ද බැඳ නගුලෙන් සීසාන අයත් ඉන්නවා. ඒ ගැනත් ලියන්න ඕන. ඒ ගොවිතැනෙන් එතරම් අස්වැන්නක් නැතැයි කාට හරි කියන්න පුළුවන්. ඒ ගොවිතැනට එතරම් වියදමක් යන්නෙත් නැහැ. අප කුඩා කල පාසලේ ශෂ්‍ය මාරුව කියා ගොවිතැනක් ඉගෙන ගත්තා. එයින් පස සකස්වෙන බවත් ඉගෙන ගත්තා. පාසලේ ඉගෙන ගත් දේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් දේට වඩා රටට වැඩදායකයි. 

Sunday, 30 May 2021

නූතනත්වය නිසා නැතිවුණු ආධ්‍යාත්මික ගුණය හා වයිරස ප්‍රභේද

 

නූතනත්වය නිසා නැතිවුණු ආධ්‍යාත්මික ගුණය හා වයිරස ප්‍රභේද

 

නූතනත්වය ගැන බොහෝ බටහිරයන් ලියා තියෙනවා. මෙරට පඬි නැට්ටන් ද ඒ සමහරක් පුනරුච්චාරණය කර තියෙනවා. මා ලියන්නේ බටහිර කතා නොවෙයි. බටහිර නූතනත්වය මට දැනෙන හැටියි. ඒ මගේ ඊනියා කියවීමක් නො වෙයි. මා පඬි නැට්ටන් මෙන් කියවන්නේ නැහැ. බටහිරයන් නූතනත්වය කියන දේ ම නූණත් මා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයක් ගැන කියනවා. ඒ ගැන නැවතත් ටිකක් කතා කරන්න ඕන.

Saturday, 29 May 2021

බටහිරයන්ගෙන් ඉගෙන නොගත් ඔවුන්ගේ සැලසුම් කිරීම

බටහිරයන්ගෙන් ඉගෙන නොගත් ඔවුන්ගේ සැලසුම් කිරීම

 

මේ කොවිඩ් සමයේ අපට සතුටු වීමට හැකි කරුණක් තියෙනවා. මෙකල යහපාලන ආණ්ඩුවක් නො තිබීම. එක්තරා ස්වාමින් වහන්සේ නමක් ජනාධිපති ගෝඨාභයට කියල තිබුණ අපට දීපු රට ආපහු දෙන්න කියා. උන්වහන්සේ මොන අර්ථයකින් එසේ ප්‍රකාශ කළා කියන්න දන්නෙ නැහැ. ඒත් අපට යහපාලනය අවසන් වූ තැනට නම් ආපසු යන්න ඕන නැහැ. අද වන විට යහපාලන ආණ්ඩුවක් තිබුණ නම් මෙරට ඉන්දියාවටත් වඩා රෝගී වන්න තිබුණා.

Friday, 28 May 2021

තිස්ස විතාරණ වාතය හා සමසමාජය

 

තිස්ස විතාරණ වාතය හා සමසමාජය

 

තිස්ස විතාරණගේ වාතයෙන් කොවිඩ් බෝ නොවීම ගැන කියන්න ඕන. ඊට කලින් තිස්ස විතාරණ හා සමසමාජ ව්‍යාපාරය ගැනත් යමක් කියන්න ඕන. මා පළමු වරට තිස්ස විතාරණ දුටුවේ ලෙස්ලි ගුණවර්ධන සහෝදරයාගේ රාජකීය විදුහල අසළ වූ නිවසේ දී පැවැත් වූ සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයේ රැස්විමක දි. වාමාංශිකයන්ගේ සහෝදරයා කියන එක කිසිම තේරුමකට ඇති වචනයක් නොවන බව එකල මට තේරුණේ නැහැ. තිස්ස විතාරණ එකල කණිෂ්ඨ වෛද්‍යවරයෙක් වූවා. ඔහු රැස්වීමට පැමිණ සිටියේ අපට ගුරුහරුකම් දීමට.  අප කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වූවා. එකල මා සමග සමසමාජ ව්‍යාපාරයේ බූද්ධදාස ප්‍රේමරත්න නම් ශිෂ්‍යයෙක් හිටියා. ඔහුට මිතුරන් කිවුවෙ බු කියායි. ඔහු තම නම ලිවුවේ බු ප්‍රේමරත්න කියායි. සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත නායකයකු වූයේ විජේදෝරු. මට මතක හැටියට ඔහුගෙ සම්පූර්ණ නම බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුල විජේදෝරු. ඔහු පාසලේ මට වඩා පංති හතරකට පහකට ඉහළින් හිටියෙ. බු ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ විදුහලේ ම ඉගෙන ගත් විජිතසිරි ධර්මවර්ධන මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙක්.මා හිතනවා නම හරිය කියා. විජේදෝරු හෙවත් දෝරු ක්‍රියාකාරිකයෙක්. එකල වික්‍රමබාහුත් තරමක න්‍යායාචාර්යවරයෙක් මෙන් ම ක්‍රියාකාරිකයෙක් ද වුණා. ඔහු බු සමග පාසලේ එකට ඉගෙන ගත්තෙක්.

Thursday, 27 May 2021

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්දෙ

 

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්දෙ

 

උස්වැටකෙයියාව හා මීගමුව අතර වෙරළ තීරයට ගිනිගත් නැවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය පාවෙලා ඇවිල්ලා. මිනිසුන් සංචරණ නීති බල්ලට දමා (බල්ල කීයටවත් සංචරණ නීති පිළිපදින්නෙ නැති වුවත්) ඒ ද්‍රව්‍ය අහුලන්න ගිහින්. ඇතැමුන්ට ඒක සාමාන්‍ය මිනිසුන්ගෙ සිද්ධියක් වෙන්න පුළුවන්.  අද සිංහල මිනිසුන් වැඩ කරන විධිය ගැන එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ටික කලකට පෙර ප්‍රකාශ කෙළේ නොමිළේ දෙනව නම් සිංහල මිනිසුන් තමන්ට නොතේරෙන දෙමළ පත්තරයක් ගැනීමට වුණත් හැතැප්ම ගණනක් පයින් යාවි කියා. ඒ හාමුදුරුවන් එක්තරා ආකාරයකට නූතන ධර්මසේන හිමි නමක්.

මියන්මාහි ලංකා වෙසක්

 මියන්මාහි ලංකා වෙසක් 


ඊයේ රාත්‍රී මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙසක් (මියන්මා බසින් කසොන්) සැරසිල්ලෙහි (පහන් පූජාවෙහි)  දර්ශන දෙකක් මෙහි ඇති ඡායාරූප දෙකකින් දැක්වෙනවා. තුන්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ සැරසිල්ලට (පහන් පූජාවට) සහභාගි වූ පරිශ්‍රයෙහි වාසය කරන තානාපති කාර්යාල සේවක පිරිස හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිප දෙනෙක්. ඒ සරල මිනිසුන්. පහන් පූජාවට කියා හෝ ඡායාරූපයට පෙනී සිටීමට කියා හෝ විශේෂ ඇඳුමක් ඇන්දේ නැහැ. 






Wednesday, 26 May 2021

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම

 

සසර බය නැති කිරීම හෙවත් අර්යෂ්ඨාංගික මාර්ගය කාපට් කිරීම

                                   

මා මේ ලිපිය ලියන්නෙත් බයෙන්. මා පිටස්තරයෙක් නිසා. ඒ මා මියන්මාහි ජීවත්වන නිසා නොවෙයි. ජාතිකත්ව කඳවුරෙත් මා පිටස්තරයෙක්. ජනමාධ්‍යයටත් පිටස්තරයෙක්. ඉඳහිට ඔවුන් මා පාවිච්චි කරනවා. අද සිට මා ඉනුත් ඉවත් වෙනවා. අර විවිධ පෞද්ගලික කැමරාකරුවන්ගෙනුත් ඉවත් වෙනවා. එඩ්මන්ඩ් රණසිංහගෙන් පසු හරි හමන් ජාතිකත්ව ජනමාධ්‍යයක් නැහැ. මා හිතන හැටි වෙනස්. බුදුදහම ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා දන්නේ ඔබ දන්නා බුදුහාමුදුරුවන් නොවෙයි.  ඉතිහාසය ගැනත් මගේ වෙනස් අදහස් තියෙනවා. මා බහුශ්‍රැතයෙක් නො වෙයි. ඒ නිසා මගෙන් සසුනට හරි ජාතියට හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියා හිතනවා.