Main Logo

Thursday 13 December 2018

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හා මහින්ද



ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව හා මහින්ද

ශ්‍රෙෂ්ඨාධිකරණ  තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදි යැයි තීරණය වුවත් එයින් මහින්දගේ අගමැති ධුරයට ප්‍රශ්නයක නැහැ. ඔහු තවදුරටත් අගමැති. එමෙන් ම ඇමති මණ්ඩලය ද තවදුරටත් ඇමතිවරු. එබැවින් මහින්ද හෝ ඇමතිවරුන් හෝ අස්වීම පිලිබඳ ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. 


මහින්ද අගමැති ලෙස පත්කෙරුණේ රට රනිල්ගේ විජාතික ප්‍රතිපත්තිවලින් ගලවා ගැනීමට. එය රටේ යහපත සඳහා කෙරුණක්. එය පෞද්ගලික කටයුත්තක් නො වේ. එහෙත් අද නූතන මොල්ලිගොඩලා මහින්ද අස්විය යුතු යැයි බලපෑම් කරනවා. මොල්ලිගොඩලා වැඩ කරන්නේ රටේ යහපතට නො වෙයි. අප මොල්ලිගොඩ ව්‍යාපෘතිය පරාජය කළ යුතුයි. 

මහින්ද අද පොහොට්ටුවේ සාමාජිකයකු වුවත් ඔහු රටට ම අයත් පුද්ගලයෙක්. ඔහු අගමැති වූයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ සාමාජිකයකු ලෙස. මහින්ද අගමැති ලෙස කටයුතු කරන්නේ මොල්ලිගොඩලා වෙනුවෙන් නොව සංධානය හා රට වෙනුවෙන්.
රනිල්ගේ විජාතික බලවේගය හා මතවාද පරාජය කළ හැක්කේ මහින්දට පමණයි. මහින්ද මෛත්‍රිපාල සුසංයෝගය මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍යයි. එය කඩා මහින්ද අගමැති ධුරයෙන් අස්කරවීමට උත්සාහ දරන්නන් නැවතත් 1818ක් ඇති කිරීමට කටයුතු කරන්නන් පමණයි.