Main Logo

Thursday 5 August 2021

මහාරාජාගේ හා මහා ගුරු බොරුවන්ගේ සිංහල විරෝධය

 

මහාරාජාගේ හා මහා ගුරු බොරුවන්ගේ සිංහල විරෝධය

 

මා  කිලි මහරාජා කළු ද සුදු ද දන්නේ නැහැ. ඊනියා ගුරු දෙවි වෘත්තීය සමිති නායකයන් ගැන කීමට ඇත්තේ ද එයමයි. ලංකාවේ දී ද සමාජයෙන් ඈත් ව ජීවත්වන මට ඔවුන් ගැන පෞද්ගලික දැනුමක් නැහැ. ඒත් ඔවුන් සියල්ලන් ම මේ ආණ්ඩුවට විරුද්ධ බව මා දන්නවා. ඔවුන් පමණක් නොව විවිධ ක්‍ෂෙත්‍රවල වෘත්තීය සමිති නායකයන් මේ ආණ්ඩුවට විරුද්ධයි. මේ රටේ ජේ ආර් ජයවර්ධනගෙන් පසු එ ජා පක්‍ෂයටත් අනුබද්ධ වෘත්තීය සමිති තියෙනවා. සුනිල් රත්නප්‍රියගෙන් අහන්න. ඊනියා සමාජවාදීන්ටත් එ ජා පක්‍ෂයටත් අණ්ඩු විරෝධීන් ලෙස එකතු වීමට හැකි කම තියෙනවා. ඔවුන් එකතු වෙනවා. ඔවුන් එකතු වන්නේ ඇයි? කිලි මහාරාජාටත් ඊනියා වෘත්තීය සමිති නායකයන්ටත් ඇති පොදු එකමුතුව කුමක් ද?

 

මේ ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් නොදැන සිටියාට ආණ්ඩුව පත්කර ගත්තේ සිංහල ජනතාව හා සිංහල ජනතාව මිස වෙන කවුරුන්වත් නොවෙයි. සිංහල ඡන්දයෙන් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති විය හැකි බව මා කී විට අපේ කඳවුරේ ද බොහෝ අය මගේ සිහි බුද්ධිය ගැන ප්‍රශ්න කළා. ඔවුන්ට අනුව කොවිඩ් හැදෙන්න පෙර ම මගේ සිහි විකල් වෙලා.

 

සිංහල ඡන්දයෙන් පත්වුණත් මේ ආණ්ඩුවෙන් තවමත් සිංහලයන් අපේක්‍ෂා කළ දේ ඉටු  වී නැහැ. ආණ්ඩුවේ ප්‍රධාන උපදේශකයන් කවුරුන් වුවත් ඔවුන් සිංහල ජාතිකත්වයක් ඇතියවුන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් සිංහල ජාතිකත්වය අමතක කරල හුඟක් කල්. එකල සුවාදීන ශිෂ්‍ය සංවිධානයේ හා වෙනත් සිංහල විරෝධී ආයතනවල හිටි අය මේ ආණ්ඩුවේ ප්‍රධාන තැන්වල  ඉන්නවා. අද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පඬියන් ප්‍රබුද්ධයන් ලෙස පෙනී හිටියත් තමන්ට සිංහල නොවන ඡන්ද කීයක් ලැබී තියෙනවා කියා හිතනවා ද? නිකමට හිතල බලන්න.

 

ආණ්ඩුවෙන් සිංහලයන් අපේක්‍ෂා කළ දේ ඉටු නොවුණත් ජීවත් ව සිටි මහාරාජාලා හා ඊනියා වෘත්තීය සමිති නායකයන් දන්නවා ආණ්ඩුව කොහොම හරි පෙරළන්න ඕන කියලා. ඒ ඔවුන්ගේ සිංහල විරෝධී වුවමනාවන් ඉටු කර ගැනීමට. ඇතැම් සිංහලයන් ද මේ වන විට ආණ්ඩුවට විරුද්ධ ව සිටින නිසා අර සිංහල විරෝධීන්ගේ වුවමනාව ඉටු කර ගැනීමේ පසුබිමක් ගොඩ නැගී තියෙනවා. මහාරාජාලාට හා ඊනියා වෘත්තීය සමිති නායක බොරු සමාජවාදීන්ට ඇති පොදු එකමුතුව සිංහල විරෝධය මිස අනෙකක් නො වෙයි. මේ ලෝකයේ කිසිම තැනක ඊනියා සමාජවාදයක් තබා එහි පුළුටක්වත් නැති විටෙක බොරු සමාජවාදයක් ගැන කතා කරන්නේ සිංහල විරෝධයෙන්. ඔවුන් මූලික වශයෙන් දෙමළ ජාතිවාදීන්.

 

මාක්ස්ගේ බොරුව ගැන මා තේරුම් ගෙන අවුරුදු හතළිහකට වැඩියි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්. මාක්ස්වාදය පට්ට ම පට්ටපල් බොරුවක්. මාක්ස්ගේ නමින් කළ හැක්කේ මිනිස් ඝාතන පමණයි. ඒ බව එකල හිටි ජෝසෆ් ස්ටැලින්ගෙන් විතරක් නොවෙයි ලියොන් ට්‍රොට්ස්කිගෙන් ඇහුවත් දැන ගන්න පුළුවන්. පනස්තුනේ හර්තාලයේ සිට අද දක්වා ලංකාවේ ම කී දෙනකු මරා දමා තියෙනවා ද? අනුර දිසානායකගෙන් අහන්න. බැරි ම නම් ඩිව් ගුණසේකරගෙන් හරි තිස්ස විතාරණගෙන් හරි අහන්න.          

 

මා දැනගෙන සිටි විධියට නම් මහාරාජා මෙරට රටවැසියකු නො වෙයි. එසේ නොවන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔහුට අසීමිත සිවිල් හා දේශපාලන බලයක් තිබුණා. ඔහු මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක අයිතිකාරයා. ඒ මාධ්‍ය ජාලයේ ඔහු වෙනුවෙන් වැඩ කළ අය හිටියා. දැනුත් ඉන්නවා. ඔවුන් පඬි කතා කියාවි. මොන කතා කිව්වත් ඔවුන් වැඩ කෙළෙ මහාරාජා වෙනුවෙන්. මාධ්‍ය ජාලයට නම දීල තියෙන්නෙත් ඔහු වෙනුවෙන් වැඩ කළ අයෙක්. මහාරාජාට මේ රටේ ජනාධිපති වීමේ හැකියාව තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ ඔහුට පාලනය කළ හැකි ජනාධිපතිවරයකු බිහි කිරීම.

 

එහෙත් එය පහසු කාර්යයක් නො වෙයි. ඔහු හිතා හිටියාට රනිල් පාලනය කරන්න ඒ බැරි බව පසුව තේරුම් ගත්තා. රනිල් මහාරාජගෙ මළගෙදර යන්න ඇති. මහින්ද රාජපක්‍ෂත් ශෝක ප්‍රකාශයක් නිකුත් කළ එකේ ඒක මොකක් ද? මහාරාජා වත්මන් ජනාධිපති කැඳ වූ මාධ්‍ය අයිතිකාරයන්ගේ රැස්වීම්වලටවත් ගිහින් නැහැ. මහාරාජාට අවශ්‍ය වූයේ පාන්කඩයක් ජනාධිපති කරන්න. සජිත් පාන්කඩයක් ද පාන් කඩයක් ද කියා මා දන්නේ නැහැ. කොහොම වුණත් පහුගිය ජනාධිපතිවරණයේ දී සජිත් පරාද වුණා. ඒත් තාමත් සජිත්ට විකල්පයක් විපක්‍ෂයේ නැහැ. ඔහු දැන් එන්නතත් අරගෙන. මහාරාජා හැමදාමත් ආධාර කර තියෙන්නෙ සිංහල විරෝධීන්ට. ඔහුට අවශ්‍ය වෙලා තිබුණෙ සිංහල බෞද්ධ සංස්කෘතියෙ අවසානය දකින්න. ඒත් අපි ඊට කලින් ඔහුගෙ අවසානය දැක්ක.

 

රනිල් විතරක් නොවෙයි බල්ලකුත් මහාරාජගෙ මළ ගෙදර ගිහිල්ල. ගිහිල්ල කිවුවට එක්ක ගිහිල්ල, එකී බල්ලා හැරෙන්න තවත් බල්ලන් ඒ මළ ගෙදර හිටිය ද? දැන ගැනීම සඳහායි අහන්නෙ. අර කසිකබල් වෘත්තීය සමිති නායකයන්ගෙ අරගලයට මහාරාජගෙ මාධ්‍ය ජාලයට ප්‍රචාරය දෙන්න වෙනවා. ඒ ආණ්ඩුව පෙරළන්න තියෙන වුවමනාවට. දැන් ඔය ඊනියා ගුරු දෙවිවරුන්ගේ හෙවත් ගුරු බොරුවන්ගෙ අරගලයට කොච්චර කල් ද? බලාගෙන යන කොට අවුරුදු විසිහතරක් වෙනවා. අවුරුදු විසිහතරක ප්‍රශ්නයක් පැය විසිහතරෙන් විසඳන්න කියන්නෙ කාගෙ වුවමනාවට ද?

 

මේ සම්බන්ධ වැදගත් ලිපියක් පසුගිය අගෝස්තු තුන්වැනි දා දි අයිලන්ඩ් පුවත්පතේ පළ වුණා. ලිපිය ලියා තිබුණෙ කේ එල් එල් විජේරත්න මහතා. ඔහු 2006 සිට 2009 දක්වා වැටුප් හා සේවක ගණ කොමිසමේ ලේකම් ලෙස ද 2016 සිට 2019 දක්වා එකී කොමිසමේ සභාපති ලෙස ද කටයුතු කර තිබෙනවා. ඔහු තම ලිපියෙන් ගුරු බොරුව හෙළිිදරවු කර තිබුණා. ගුරු බොරුව හැකිනම් ආණ්ඩුව පෙරළීමට මිස අන් කාරියකට නො වෙයි.

 

අද ආණ්ඩුවට සල්ලි නැහැ. ඩොලර් නැහැ. ඒ ආණ්ඩුවේ වරදක් නො වෙයි. අපි සංචාරකයන් මත පදනම් වුණා. ඔවුන් දැන් එන්නෙ නැහැ. විදේශ විනිමය ලබා ගන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඒ අතර කොහොම හරි එන්නත් ව්‍යාපාරයත් කෙරී ගෙන යනවා. එයටත් මුදල් ඕන.  විපක්‍ෂයට පුළුවන් නම් ඩොලර් ලබා ගන්න පිළිවෙළක් කියන්න. ඔවුන් කියාවි ඔවුන් රජය නම් දන්නවා කියා. අප ඒ හරිය 2015 සිට 2019 දක්වා දැක්කා. රනිල් අන්තිම අදක්‍ෂ පාලකයකු බව ඔප්පු කළා. සජිත් ගැන මොනව කියන්න ද? මේ සිංහල විරෝධී අදක්‍ෂයන් අද සිංහල විරෝධී වෘත්තීය සමිති යොදා ගෙන ඊනියා අරගලවල යෙදෙනවා. අර මළගෙදර ගිය බල්ලාටත් වෙනත් අයටත් අරක දෙන්න මේක දෙන්න කියා ඉල්ලන්න පුළුවන්.

 

අපි අවුරුදු විසිහතරක් හිටියෙ චන්ද්‍රිකා, මහින්ද, රනිල්, සිරිසේන ආදීන්ගෙ නායකත්වය යටතෙ. එකල මෙතරම් අමාරු ඩොලර් අර්බුදයක් තිබුණෙ නැහැ. යහපාලන කාලෙ මේ ගුරු බොරුවන්ට වැටුප් විෂමතාව අමතක වුණා ද?  ඔවුන් නිදාගෙන හිටිය ද? ගුරු බොරුවන්ට තියෙන හදිස්සිය සිංහල විරෝධී හදිස්සිය. ඒක මහාරාජාගේ සිංහල  විරෝධයේ ම තවත් පැත්තක්. සජිත් මොකද කියන්නෙ. අර එන්නත සජිත්ට නොමිළේ පිටරටකින් ලැබුණු එකක් ද