Main Logo

Friday 19 November 2021

අර්හත් මහේන්ද්‍ර ග්‍රාමණි රාජ හා අග්‍රාමාත්‍ය මහේන්ද්‍ර

 

අර්හත් මහේන්ද්‍ර ග්‍රාමණි රාජ හා අග්‍රාමාත්‍ය මහේන්ද්‍ර

 

ඊයේ (නොවැ 18) සඳ හිරු සෑය සසුනට පූජා කෙරුණා. දැන් සෑය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අයත්. මට ඒ පින්කමට සහභගි වීමට ආරාධනයක් ලැබුණත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා යන්න බැරි වුණා. ඒත් අපේ ඉතිහාසයට එක්වන සිද්ධියක් අඩු තරමෙන් රූපවාහිනියෙන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණා. මට හිතෙනවා රුවන්වැලි සෑය සසුනට පූජා කෙරුණු අවස්ථාවේත් මා එහි ඉන්න ඇති කියා. එය කොහොම වුණත් මේ සෑ රජුන් අතර සමාන ලක්‍ෂණ  තියෙනවා.

 

රුවන්වැලි සෑය ඉදි කෙරුණේ ගැමුණු (ග්‍රාමණී) රජු එළාර සමග යුද්ධ කර රට එක්සේසත් කර සිංහල බුදුසසුන රැක ගැනීම සිහි වීමට. සඳ හිරු සෑය ඉදි කෙරුණේ මුල සිට එංගලන්තයෙන් හා යම් කාලයක ඉන්දියාවෙන් අනුග්‍රහය ආශිර්වාදය හා අනුබලය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව. සෑ රජුන් එක් පැත්තකින එකල හා මෙකල රණවිරුවන් සිහිකිරීමත් සඳහා.

 

ගැමුණු රජු එළාර නොපරදවන්න වැඩි කල් නොගොස් බුදු සසුන ලංකාවෙන් තුරන් වීමට තිබුණා. එළාර කොහේ සිට පැමිණියේ ද කියා නිශ්චිත ව කියන්න බැහැ. ඔහු සොළී වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. සොළීන් බලවත් වුණෙ ඊට සියවස් කිහිපයකට පසුව. ඒ කොහොම වෙතත් ඔහු දෙමළ කතා කරන දේශයකින් පැමිණි අයකු වෙන්න ඕන. ඔහු ධාර්මික බවක් පෙන්වුවත් ඔහුගේ පිරිස් බෞද්ධ සිද්ධස්ථාන කෙළසා තියෙනවා.

 

ප්‍රභාකරන්ගේ සීයලා පැමිණ ඇත්තේ කේරළයෙන්. ඔහු ක්‍රිස්තියානි නොවන්න ඇති. එහෙත් ඔහුගේ ප්‍රධාන සහායකයන් අතර ක්‍රිස්තියානින් සිටියා. ඔහු භික්‍ෂූන් වහන්සේ ඝාතනය කළා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ උපාසක උපාසිකාවන් ඝාතනය කළා. දළදා මාළිගාවට පහර දුන්නා. ඔහු අකුරැස්සට යන තෙක් සිංහල බෞද්ධයන් ඝාතනය කළා. ඔහු ක්‍රිස්තියානි / කතෝලික පළාත්වල හිරිහැරයක් කෙළේ නැහැ. මෙරට ඇතැම් බිෂොප්තුමන්ලා ෆාදර්තුමන්ලා ඔහුට සහාය දුන්නා. අවශ්‍ය උපකරණ ද ගිහින් දුන්නා. වත්මන් කාදිනල්තුමා ඒ පූජකවරුැන්ට විරුද්ධ ව කිසිවක් නොකළා පමණක් නොව ත්‍රස්තවාදීන් හමු වීමටත් ගියා. ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු පූජකතුමා ප්‍රභාකරන්ගේ මානුෂිකභාවය ගැන සහතික ලබා දුන්නා. ප්‍රභාකරන් ගෙන ගියේ සිංහල බුදුසසුනට විරුද්ධ ව සටනක්.   ප්‍රභාකරන් හා එළාර ඒ අතින් සමානයි.

 

ප්‍රභාකරන්ට බටහිරයන්ගේ නොමඳ සහාය ලැබුණා. අද යොදා ගන්නා යෙදුමක් පාවිච්චි කළහොත් දෙමළ ජාතිවාදයේත් දෙමළ ත්‍රස්තවාදයේත් මහා මොළකරු එංගලන්ත බුද්ධි අංශයි. මේ ඉතිහාසය මා වරින් වර කියා තියෙනවා. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ගෙන ගිය ප්‍රචාරයකට අනුව ප්‍රභාකරන් අනභිබවනීය වුණා.  ඊයේ අගමැති මහින්ද (මහේන්ද්‍ර)  කළ කතාවේත් ඔහු සඳහන් කළා එවකට බිරිතානි අගමැති දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ලංකා හමුදාවට නොහැකි යැයි කී බව. එංගලන්තය තමන් දෙමළ ජාතිවාදය ඇති කළ බව නොකියා දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් ගැන කියෙවුවා.

 

අප දශක ගණනාවක් ඇසූ ප්‍රශ්නය වූයේ දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන්නයි. ඒ ප්‍රශ්නයට අදත් පිළිතුරක් නැහැ. ප්‍රශ්නය දන්නේ දෙමළ ජනයා ය කියන එක ප්‍රශ්නයට පිළිතුරක් නො වෙයි. එමෙන් ම අප කියා සිටියා දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම්වලින් පරාජය කළ හැකි බව හා කළ යුතු බව. අප එය කීවේ මෙරට ඉතිහාසය අපේ ඇහැකින් බැලීමෙන්. සිංහලයන් යුද්ධයෙන් පරාජය වී නැහැ. අප පරාද වී ඇත්තේ ගිවිසුම්වලින්. අපේ මතවාද නිසා සිංහල බෞද්ධ විරෝධීන් අපට පහර දුන්නා. අදත් පහර දෙනවා. ඒත් ඔවුන්ට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. ඒ කොහොම වුණත් 2009 මැයි 19 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් පරාජය කළා. තම අනුගාමිකයන්ට සයනයිඩ් ගිලින්න උපදෙස් දුන් නිවටයා සයනයිඩ් ගිල්ලේ නැහැ.

 

අපට පහර දුන් අය අතර ඊනියා වාමාංශිකයන් ද හිටියා. අනූවේ දශකයේ මුල තිලක් කරුණාරත්න  පළ කළ ලක්මිණ පත්‍රයෙන් මා (ඒ සමග ගෙවිඳු හා රොහාන්) අස් කරනු ලැබුයේ අප දෙමළ ත්‍රස්තවාදය යුද මෙහෙයුම් මගින් පරාජය කළ යුතු යැයි කී නිසා. එසේ අස් කිරීමට අද ඇමතිවරයකු ව සිටින එකළ ජ වි පෙ සාමාජිකයකු  හා  ජ වි පෙ අනුගාමිකයන් ද ඊනියා ජාතිකවාදියකු ව සිට පසුව යමපාලනයට ගිය අවස්ථාවාදී බලලෝභියකු ද එකතු වුණා. ඒ බලලෝභියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර් ඇලෙවුවා පමණක් නොව ජාතිය මළකඳක් කියා ද කිවුවා.

 

මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රභාකරන් නොපරදවන්න මෙරටින් බුදුසසුන නැති වී යෑමට ඉඩ තිබුණා. ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම මගින් ඉන්දියාවට අවශ්‍ය දේ ලබා දුන්නා. ප්‍රේමදාස ත්‍රස්තවාදීන්ට ආයුධ දුන්නා. චන්ද්‍රිකා සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියා. රනිල් එංගලන්තයෙන් මෙහෙයවනු ලැබූ නෝර්වේට යට වී ඊනියා සටන් විරාම ගිවිසුම් අත්සන් කර දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන්ට පාලන ප්‍රදේශ ලබා දුන්නා. අගමැති මහින්ද ඊයේත් මතක් කළ රනිල්ගේ සටන් විරාම ගිවිසුම අනුව යාපනයට යෑමට දෙමළ ත්‍රස්තවාදීන්ගේ අවසර ගත යුතු ව තිබුණා. යම් හෙයකින් 2005 දී රනිල් බලයට පත් වුණා නම් අද වන විට මෙරට සිංහල බුදුසසුනක් නැහැ. ඔහු එතරම් ම බටහිර ගැත්තෙක්. සජිත්ලා කිරිඇල්ලලා ඊට දෙවැනි නැහැ.   

 

මෙරට මිහිඳු (මහා මහේන්ද්‍ර)  මහා රහතන් වහනසේ වැඩ ම කිරීමටත් පෙර බුදුදහම තිබුණා. මිහිඳු හිමියන් කෙළේ මෙරට සිංහල බුදුසසුන නිල වශයෙන් පිහිටුවීම. උන්වහන්සේ පිහිටු වූ සිංහල බුදසසුන රැක ගැනීම තමයි ගැමුණු තිස්ස විජයබා පැරකුම්බා රජවරුන් කර ඇත්තේ. අද කෙරෙන්නේත් එයයි. එය මිහිඳු හා ගොළුඅබා කරනවා. මට අවශ්‍ය සිංහල බුදුසසුන රැක ගැනීමටයි. පාසල් වියේ සිට අවුරුදු දහඅටක් පමණ හැරුණු විට මා ඒ වෙනුවෙන් පමණයි කඩේ යන්නෙ. සජිත්ලා රනිල්ලා පරාජය කළ යුත්තේ බුදුසසුන රැක ගැනීමට. මට තව ටිකෙන්  එක කාරණයක් අමතක වෙන්න ගියා. ඊයේ වැනි ඉල් මස පුර පසළොස්වක දිනයක තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුරවන්ගෙන් නියත විවරණ ලැබුවේ. නාථ දෙවියන් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සෙ. පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් ද?  

 

නන්දිකඩාල් කලපුවේ පරාජය කරනු ලැබුවේ දෙමළ ත්‍රස්තවාදීන් පමණක් නො වෙයි. එංගලන්තය ද පරාජය කෙරුණා. එංගලන්තයයි සිංහල බුදුසසුනට විරුද්ධ ව ප්‍රභාකරන් ලවා සටන් කෙරෙවුවෙ. ඒ ලත් පරාජය ඉංගිරිසින්ට අදත් විඳවා ගන්න බැහැ.  රණවිරුවන්ට විරුද්ධ ව ජෙනීවා යන්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල්. ඔවුන්ට අවශ්‍යයි තමන් ලත් පරාජය නිසා රණවිරුවන්ගෙන් හා මේ ආණ්ඩුවෙන් පළිගන්න. හිතන්න එපා අද ඇති වර්ජන උද්ඝෝෂණ මෙරට වෘත්තීය සමිතිවල පමණක් වැඩක් ලෙස. මේ ආණ්ඩුව පෙරළා දැමීමට බටහිරයන්ට අවශ්‍යයි. ඔවුන් වසංගතය අස්සෙන් ලංකා වසන්තයක් බලාපොරොත්තු වෙනවා. දෙමළ විසුරුණු ජනයා එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් විසින් මෙහෙයවනු ලබන්නන්. එහෙත් එංගලන්තය අපට කියන්න හදන්නේ එරට දෙමළ විසුරුණු ජනයා විශාල ප්‍රමාණයක් ඉන්න බැවින් ඔවුනගේ හඬට කන්දෙන්න වෙලා තියෙනවා කියා. මෙය පට්ටපල් බොරුවක්. එංගලන්තයේ විසුරුණු දෙමළ ජනයාට ඡන්ද ප්‍රතිඵල වෙනස් කරන්න හැකි නම් ඒ ලංඩනයේ ටූටින් ප්‍රදේශයේ පමණයි. අනෙක් පළාත්වල ඔවුන් විසිරී ඉන්නේ.

           

මහින්ද (මහේන්ද්‍ර) රාජපක්‍ෂ ප්‍රභාකරන් පරදවන්න දේශපාලන නායකත්වය (අප එදා දේශපාලන නායකත්වයක් අවශ්‍ය යැයි කියන විට විවිධ අය පඬි කතා කිවුවා. අපට අපහාස කළා) නොදෙන්න මෙරට සිංහල බුදුූසසුන විනාශ වෙන්න තිබුණා. ගැමුණු රජු එළාර නොපරදවන්න එය එදා ම සිදුවෙන්න තිබුණා. ගැමුණු රජු පැමිණියේ රුහුණු රටින්. මහින්ද පැමිණියේ ද රුහුණෙන්. ගැමුණු රජුගේ මල්ලි තිස්ස යුද්ධයට ආධාර කළා. ඔහු දිගාමඩුල්ලේ වගා කළා. මහින්දගෙ මල්ලි ගෝඨාභය කෙළින් ම අයියාට මානුෂික මෙහෙයුම්වල දි ආධාර කළා. ඒ ත්‍රස්තවාදීන්ට එරෙහි ව කළ මානුෂික මෙහෙයුමක් මිස යුද්ධයක් නොවෙයි. මට හිතෙනවා ගැමුණු රජු කෙළෙත් මානුෂික මෙහෙයුමක් කියල. එතුමා අවසානයේ දී එළාර සමග ද්වන්ද සටනකට ගියේ අනෙක් අයගේ ජීවිත බේරන්න. එතුමා කියා ඇති පරිදි තම ව්‍යායාමය රජ සැප සඳහා නොව බුදුසසුණේ චිරස්ථිතිය සඳහා වූවා.   

 

ගැමුණු රජු එළාර පරාද කිරීමෙන් පසු රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කළා. එහෙත් එතුමාට එය නිම කරන්න බැරි වුණා. ඒ නිම කෙළේ තිස්ස මල්ලි. ජනාධිපති මහින්ද සඳ හිරු සෑයේ වැඩ ආරම්භ කළත් ඔහුගේ ධුර කාලයේ එය නිම කරගන්න බැරි වුණා. එය නිම කෙළෙ ගෝඨාභය මල්ලිගෙ කාලයෙදි. රුහුණෙන් පැමිණි


මේ අයිය මලෝලා ඇතැම් කරුණු අතින් සමානයි. එහෙත් ගැමුණු අයියා හා තිස්ස මල්ලි දෙබෑයන් අතරට යමපාලකයන් පිරිසක් පැමිණියේ නැහැ.