බොරු සහ පට්ටපල් බොරු
දැන් නොනගත කාලයයි. දේශපාලනය ගැන ලියන එක හරි නැහැ. මැතිවරණ නීතිය පැහැදිලි නැති වුවත් අවශ්‍ය නම් නීතියේ කණෙන් රිංගලා යන්න පුළුවන් වුනත් ජනාධිපතිවරණය ගැන ලියන්න අවශ්‍ය යැයි කියල හිතෙන්නෙ නැහැ. ඊනියා උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට සමහර විට තවමත් හිත හදාගන්න බැරි වෙලා ඇති. අද ජනමාධ්‍ය වැඩ කරන්නෙත් මේ තරුණ තරුණියන්ට බයෙන්. ඔවුන්ගෙ ඡන්දෙ දිනා ගන්න ඕන ය කියලා සමහර ජනමාධ්‍ය යම් යම් දේ ප්‍රචාරය කරන්නෙ නැහැ. තරුණ තරුණියන් මා ගැන දන්නෙ නැහැ. දන්න අය දන්නෙ මිථ්‍යා මතධාරියකු ලෙස. ඒ නිසාත් ජනමාධ්‍ය මට තැනක් දෙන්නෙ නැහැ.