Main Logo

Sunday 1 May 2011

සමිබුද්ධත්ව ජයන්තිය හා ධර්මය

තවමත් එතරමි උද්‍යොගයක් නැතත් මෙි සමිබුද්ධත්වයේ දෙදහස් හයසිය වැනි ජයන්තිය වෙයි. පනස්හයේ බුද්ධ ජයන්තිය සමිබන්ධයෙන් ජනතාව දැක්වූ උනන්දුව හා උද්‍යොගය මෙවර දක්නට නැත්තේ අප ගෞතම බුදුන්වහන්සේගේ බුද්ධ සාසනය අවරට ගොස් ඇති බැවින් ද? එසේත් නැත්නමි පනස්හයේ නොතිබූ ජාතිකත්වයක් දැන් ඇති වී තිබෙන හෙයින් සම්බුද්ධත්ව ජයන්තියට අළුතෙන් ඇතිකිරීමට තරම් දෙයක් දැනට නැති නිසා ද? ඒ එසේ වන්නට හැකි ය. එහෙත් වෙනත් බලවේග ද මෙරට ක්‍රියාත්මක වන බව අමතක නොකළ යුතු ය. සම්බුද්ධත්ව ජයන්තියේ උද්‍යොගය මැකීමට ඉදිරිපත්වන බලවෙිග රටෙි එමට ඇත. මේ බලවේග විවිධාකාරයෙන් මෙි වන විට ක්‍රියාත්මක වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තම කඩාවැටීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බැවින් ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ආධ්‍යාත්මික ව ඇති එකම අභියෝගය ථෙරවාද බුදුසසුන වෙයි. පසුගිය දශක කිහිපයෙහි ඇමරිකාව ප්‍රමුඛ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ රටවල් මියන්මාරය, තායිලන්තය හෙවත් සියම, ලාඔිසය, කමිපූචියාව ආදී රටවල් විනාශ කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ බව රහසක් නො වෙි. මුස්ලිමි රටවල ආර්ථික බලය හා හමුදා බලය තිබිණි ද, ඒ රටවලට නොමැති ආධ්‍යාත්මික ශක්ති විභවයක් ථෙරවාදී රටවලට ඇත. මෙරට ථෙරවාදී ශක්තිය නැතිකිරීමට බටහිරයන් දෙමළ ජාතිවාදය යොදාගත් අන්දමත් එහි දී බටහිරින් ආධාර ලබන රාජ්‍ය නොවන ආයතනවල ආධාරය ලබාගත්  අන්දමත් තවමත් එසේ ම කරන බවත් අපි දනිමු. බෑන් කි මූන් පත්කරන ලද ඊනියා මණ්ඩලයේ වාර්තාව ද මෙරට ශක්තිය දුර්වල කිරීමට ගන්නා තවත් උත්සාහයක් පමණකි. 

එහෙත් ඒ සියල්ලටත් වඩා යටින් ගෙනගිය ව්‍යාපාර මෙරට වෙයි. හැමතැනම දැල්වෙන්නේ එකම පහනය යන සංකල්පය, ඊනියා සර්වාගමික වැඩ සටහන්, විවිධ ආගමික සංධාන, පල්ලි නිකාය, ඊනියා පැවිදි සංවිධාන ඉවක් බවක් නැතිව මෙරට ජනයා ඇද ගැනීමට සමත් විය. ඒ අතර මෙි ගෞතම බුද්ධ රාජ්‍යය යැයි කියමින් තරුණ තරුණියන් මෙි ආත්මයේ දී ම නිවන් දැක්කවීමට කරන උත්සාහ ද වෙයි. මොවුන් තරුණ තරුණියන් දක්කන්නේ කොහාට ද යන්න ප්‍රශ්නයක් වෙයි. බෞද්ධ විරෝධී සංවිධාන පනහේ දශකයේ ස්‍යජුව ම බෞද්ධ විරෝධී ක්‍රියාවල නිරත විය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හැටෙි දශකයෙන් පමණ පසු ලෝකයේ ක්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයකට ය. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවනු ලැබුයේ ද ඉන්පසුව ය. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වසර හාරසිය හැත්තෑවක පමණ ක්‍රියා කළ ආකාරයට ම අවශ්‍ය තැන්වල දී ඔවුන් සමග එකඟ නොවන  සංස්කෘතීන්ට විරුද්ධව සෘජුව ම ක්‍රියාකරන අතර අනෙක් තැන්වල දී අඟේ සිට කණ කෑමෙි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය 1492 සිට 1960 පමණ දක්වා සෘජු ක්‍රියා මාර්ගය අනුගමනය කළ අතර එතැන් සිට එයට අමතර ව වක්‍ර ක්‍රියා මාර්ගයක් ද අනුගමනය කරයි. 

ඊනියා පැවිදි සංවිධානවල නියමුවන් වන පස්ගව මහනුන්ට (පස්වග මහණුන් නොව) පැවිදි යන සංකල්පය පිළිබඳවත් හැඟීමක් නැතිවා සේ ය. පූජ්‍ය හා පූජක අතර වෙනස නොදන්නාක් මෙන් මෙි මහනුන් වහන්සේලා කටයුතු කරති. භික්‍ෂු සමාජයේ යොදාගන්නා ගෞරවනීය වචන, උන්වහන්සේලාගේ වටාපත් ආදිය ඉතාමත් ලෞකික කරුණක්් වූ සංගීත සන්දර්ශන සඳහා යොදාගැනීම ආදිය මෙන් ම මහානායක, අනුනායක ආදී තනතුරු නාම බෞද්ධ නොවන පූජකවරුන් සඳහා ද යොදාගැනීමෙන් කෙරෙන්නේ භික්‍ෂූත්වය කෙළෙසීමක් බව ඊනියා බුද්ධිමතුන් නොදන්නවා නො වෙි. ඔවුහු දැනුවත් ව භික්‍ෂූත්වය කෙළෙසීම සඳහා එවැනි වාග් ප්‍රයෝග යොදා ගනිති. ක්‍රිස්තියානි හා කතෝලික ආගමිකයන් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවත්වනු දැකීමට අපි දු ප්‍රිය කරමු. කතෝලික යුවළක් පෝරුවට නැග සිංහල බෞද්ධ සංස්කෘතික සිරිත් අනුගමනය කිරීමෙි කිසිම වරදක් නැත. මුස්ලිමි ජනයා වුව ද අවුරුදු සිරිත් විර්ිත් පවත්වන්නේ නමි අපි අගය කරමු. එහෙත් මෞලවීවරුන් මහානායකවරුන් ලෙස හැඳින්වෙන්නේ නමි ඒ ගැන අපේ කිසිදු ප්‍රසාදයක් නැත.

අගමැතිතුමාට සමිබුද්ධත්ව ජයන්තිය ඊනියා සර්ව ආගමික උත්සවයක් බවට පත්කිරීමට උපදෙස් දුන්නේ කවුදැයි අපි නො දනිමු. ඒ උත්සාහය පිටුපස සිටියේ කවුදැයි දැනගැනීම වැදගත් වනු ඇත. එහෙත් වාසනාවකට අගමැතිතුමාට තමා නොමග යැවීම පසුව අවබෝධ විය. ඉන්පසු සම්බුද්ධත්ව ජයන්තිය ඊනියා සර්ව ආගමික මංගල්‍යයක් බවට පත්කිරීම වැළකී ගියේ ය. ආගම් අතර සුහදත්වයක් තිබීම වරදක් නො වේ. බුදුන් වහන්සේ අනෙක් ආගමිකයන් බෞද්ධයන් බවට පත්කිරීමට උත්සාහ නොගත්හ. උපාලි ගෘහපතියා පිළිබඳ කතාව එයට හොඳ ම නිදර්ශනය වෙයි. බුදුදහම තරමි අන්‍ය ආගමි සමග සන්හිඳියාවක් අගය කරන තවත් ආගමක් නැත. එහෙත් ඇතැමිහු එය බෞද්ධයන්ගේ නිවටකමක් ලෙස සලකති. මෙරට සිටින තමන්ට ආගමක් නැතැයි කියන එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නිවට දාසයන් වූ කසිකබල් බුද්ධිමතුන්ට මෙි කියන දේ නොතේරෙනවා නො වෙි. එහෙත් ඉහවහා ගිය හීනමානයෙන් පෙළෙන මොවුහු ඊනියා සමාජ තත්වයක් ලබාගැනීම සඳහා ථෙරවාදී බෞද්ධ ශාසනයට හැකිතරමි පහර දෙති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් බිහි වී ඇති දැනුමෙි පිටපොත්ත පමණක් ලබාගෙන ඇති මෙි හීනමාන බුද්ධිහීනයෝ ඒ නූතනත්වයේ පොරවල් වීම සඳහා ථෙරවාදයට පහර දෙති. අර තමිබයියා වැනි සමාජ විද්‍යාඥයන් ගැන දැන් එතරමි අසන්නට නැත්තේ ඇයි? ඒ වෙනුවට අද ඇත්තේ සිංහල පුවත්පත්වල සාහිත්‍ය අතිරේක බදුගත් ජාතික මතවාදයකට කිසිදු ඉඩක් නොදෙන තමන් මහා උගතුන් ලෙස සිතන නිවටයන් රැළකි. මෙි සියල්ලන් ම අනුකාරකයන් වුවත් තමිබයියලාගේ සිට නිවටයන් දක්වා කඩාවැටීම ක්‍රිස්තියානි නූතනත්වයේ පරාජයකි.

පසුගිය දා කාදිනල්තුමා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කතෝලිකයන්ගෙන් ද මස් කෑමෙන් හා මත්පැන් පානය කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේ ය. වතිකානු රාජ්‍යයෙන් ලැබූ පත්වීමක් ඇති කාදිනල්තුමා මෙරට සංස්කෘතිය ගැන සැලකිල්ලක් දැක්වීම යහපත් කරුණකි. එතුමා ඒ ඉල්ලීම කිරීමෙන් නැවතිණි නමි අපට එය අගය කිරීමට ද තිබිණි. එහෙත් එතුමාගේ ලෝගුව යට තවත් දේ තිබූ බව මොහොතකින් අපට අවබෝධ විය. මෙරට ආගමි කිහිපයක් ම තිබෙන බව පැවසූ එතුමා ඒ සියළු ආගමිවලට උඩින් ධර්මය පවතින බව කියා සිටියේ ය. ඉතා පැහැදිලිව ම එය බෞද්ධයන් නොමග යැවීමට කරන ලද ප්‍රකාශයක් විය. කාදිනල්තුමා සඳහන් කරන මෙි ධර්මය කුමක් ද? බුද්ධ ධර්මයට උඩින් බෞද්ධයන්ට ඇති ධර්මය කුමක් ද? බුදුදහම අනෙක් සියළු ඉගැන්වීමිවලින් වෙනස් වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතුකොටගෙන ය. ඒ සියල්ල රාගය ද්වෙිෂය හා මෝහය සමග බැඳී ඇත. මෙයින් විමුක්තවීම නිවන ය. නිවන යනු ස්වර්ගය වැනි තවත් තැනක් නො වෙි. බෞද්ධයන් උත්සාහ කර්නේ යළි නූපදීමට ය. අනෙක් සෑම ආගමක ම විමුක්තිය ඇත්තේ ඊනියා අමරණීයත්වයෙහි ය. අමරණීයත්වය ද දුකක් යැයි බෞද්ධයෝ සලකති. බුදුදහමෙි ඉගැන්වෙන ධර්මයට ඉහළින් ඇති තවත් ධර්මයක් ගැන බෞද්ධයෝ නො දනිති. කාදිනල්තුමා කියන මෙි ඉහළ ධර්මය කුමක් දැයි දැනගැනීමට මම පුළ පුළා බලා සිටිමි. 

අද ලංකාවෙි ඉහළින් ම ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම ය. ඊනියා විද්‍යාවන් නාමයෙන් තාක්‍ෂණය ඔස්සේ බටහිරයන් අපට උගන්වන්නේ ඉන්ද්‍රිය පිනවීම, පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම, පරිසරය ගසා කෑම, දෙවියන් වහන්සේගේ ප්‍රතිබිමිබය ලෙස දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇති මිනිසාට ස්වභාව ධර්මයේ ස්වාමීත්වය හිමිකිරීම, අමරණීයත්වය පසුබිමි කරගත් බටහිර වෙදකම ආදී මමත්වය, අහංකාරය උලුප්පන දැනුමකි. මේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ “ධර්මය” නම් අද ලංකාවෙි ද සෙසු ලෝකයෙහි ද ඉහළින් ම ඇත. එය හුදෙක් දේශපාලන ආර්ථික හා සංස්කෘතික බලය නිසා ඇතිකර ගනු ලැබූ ආධිපත්‍යයකිි. ඒ ධර්මය අද ලෝක ආධිපත්‍යය දැරුව ද කඩාවැටෙන ධර්මයකි. මෙි කඩා වැටෙන ධර්මය අධර්මයකි. ඒ අධර්මයට හෝ වෙනත් අධර්මයකට හෝ යටවීමට සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ දී සිංහල බෞද්ධයන් සූදානමි නැත. ධර්මයට දරාගැනීමෙි ශක්තිය තිබිය යුතු ය. කඩාවැටෙන කිසිම ශක්තිමත් පදනමක් නැති දැනුමක ඇත්තේ අධර්මය මිස ධර්මය නො වෙි. කාදිනල්තුමාට ඒ සමිබන්ධයෙන් වෙනත් අදහසක් ඇත්නමි ඒ ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි.

අවුරුදු පන්සියයක් යටත්විජ්තවාදීන්ගේ මර්දනයට හසුවීත් වෙනත් ඊනියා ධර්මයකට යට නොවුණු  බෞද්ධයන් කාදිනල්තුමා නොව වෙනත් කිසිවකු කීවත් බෞද්ධ ධර්මයට ඉහළින් වෙනත් ධර්මයක් ඇතැයි නොපිළිගනු ඇත. බෞද්ධයන් ඒ වෙනුවට ඉදිරි අවුරුදු කිහිපයෙහි දී සිංහල බෞද්ධ චින්තනය මත පදනමි ව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුමට විකල්ප දැනුමක් ගොඩනගනු ඇත. මේ ලෝකය විනාශ වීමෙන් ගලවාගත හැක්කේ දරාගැනීමෙි හැකියාවක් ඇති ධර්මයක් මත ගොඩනැගෙන දැනුමකට මිස ලෝක පාලුවන්ගේ දැනුමකට නො වෙි. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයෙහි බටහිරයන් ක්‍රියාකර ඇත්තේ ලෝක පාලුවන් වශයෙනි. ලෝක පාලුවන් ලෝක පාලකයන් ද වීම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි ලක්‍ෂණයකි. ලෝක පාලුවන් ලෝක පාලනයෙන් ඉවත්කිරීමට සමිබුද්ධත්ව ජයන්ති වසරේ දී ඉටාගනිමු.(2011/04/17)