අප දෙවියන් භූතයන් ආදීන් ආරූඪවීමි ආවෙිශවීමි ගැන කතා කළේ හුදෙක් ඒ ගැන කතාකිරීමට තිබූ අවශ්‍යතාවක් නිසා නො වෙි. අපට අවශ්‍ය වූයේ අපේ මනස සක්‍රීය නොවන අවස්ථා ද ඇති බව සඳහන් කිරීමටත් ඒ අවස්ථාවල දී අපේ මනස් ක්‍රියා කරන්නේ අපේ නොවන ආකාරයටත් භූතයන්ට හා වෙනත් ප්‍රාණීන්ට අවශ්‍ය ආකාරයටත් බව පෙන්වීමට ය. එහෙත් සම්‍යක්දෘෂ්ටික දෙවිවරු එසේ නො වෙති. එතුමෝ මිනිසකුට ආවෙිශ නො වෙති. එසේත් නැතහොත් ආරූඪ නො වෙති. එතුමෝ මනුෂ්‍ය ප්‍රාණියකු සමග එවැනි අදවස්ථාවල දී සංවාදයෙහි නිරත වෙති. එය වක්‍රව මෙන් ම සෘජුව ද සිදුවිය හැකි ය.
සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට ඕනෑම මිනිසකු සමග සෘජුව සම්බන්ධ විය නො හැකි ය. ඒ සඳහා අදාළ පුද්ගලයා පාරමී දම් පුරා සිටිය යුතු අතර සසර යම් සමිබන්ධකමක් ද තිබිය යුතු ය. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට අනෙක් මිනිසුන් සමග වක්‍රව සමිබන්ධවීමට, එනමි සෘජුව සම්බන්ධවන්නකු මගින් සම්බන්ධවීමට හැකියාවක් වෙයි. සම්‍යක්දෘෂ්ටික දෙවියන් සමග සෘජුව හෝ වක්‍රව සමිබන්ධවන්නෝ සවිඥානික ව එසේ කරති. භූතයකු යමි පුද්ගලයකුට ආරූඪ වූ විට ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය භූතයා විසින් පාලනය කෙරෙයි. අදාළ පුද්ගලයාට සවිඥානික ව තමා යන හැඟීම නැති වෙයි. එසේ භූතයකු ආවෙිශ වූ විට ක්‍රියා කරන්නේ භූතයා මිස තමා නො වෙි.
ඇතැමි මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට ද මිනිසුන් සමග සෘජුව සමිබන්ධවීමෙි හැකියාවක් ඇති බව පෙනෙයි. එහි දී කිනම් අවශ්‍යතා සම්පුර්ණ විය යුතුව ඇත්දැයි කීමට නො හැකි ය. යෙහෝවා දෙවියන් ඇතැමි යුදෙවිවන් සමග ද ග්‍රීක දෙවියන් ඇතැම් ග්‍රීකයන් සමග ද වෛදික දෙවියන් ඇතැමි වෛදිකයන් සමග ද සෘජුව සම්බන්ධ වී ඇති බව පෙනී යයි. අප්‍රිකානු සංස්කෘතීන්ගේ ද දෙවියන් සමග පැවැත් වූ සෘජු සමිබන්ධකම් ගැන කියැවෙන්නේ යැයි සිතිය හැකි ය.
මෙයට අමතර ව ඇතැම් මනුෂ්‍යයන්ට භූතයන්ගෙන් හා යමි යමි දෙවිවරුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ද වෙයි. එහි දී එක්තරා ආකාරයකින් අදාළ මනුෂ්‍යයාගේ අණට භූතයා හෝ දෙවියන් හෝ යට වෙයි. යකුන් බැඳ ගෙන වැඩගත් අය ගැන අපේ සංස්කෘතියෙහි සඳහන් වෙයි. ඒ සඳහා අදාළ පුද්ගලයන්ට යමිකිසි බලයක් තිබිය යුතු බව පැහැදිලි ය. එයට ආධ්‍යාත්මික බලය මෙන් ම යන්ත්‍ර මන්ත්‍ර ඔස්සේ ලබාගන්නා බලය ද ඇතුළත් වෙයි. එහෙත් මෙහි අනතුරක් ද වෙයි. මිනිසුන් තමන්ගෙන් වැඩ ගැනීම පිළිබඳ ව යක්‍ෂයන් හා භූතයන් පසුවන්නේ යහපත් සිතින් නො වෙි. අවස්ථාව ලද කල්හි, අදාළ පුද්ගලයා යමි හේතුවක් නිසා දුර්වල වූ කල්හි, ඒ පුද්ගලයාට විණ කිරීමට භූතයෝ ඉදිරිපත් වෙති. අපේ සංස්කෘතියේ කොටසක් වූ සිංහල භාෂාව මේ සියල්ල ඉස්මතු කර දක්වයි. ආවේෂය, ආරූඪය, අණ විණ ආදී යෙදුම් ගැන සිතා බලන්න.
එසේ භූතයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ආදීන් ආවෙිෂ නොවූ අවස්ථාවල අපට අපේ මනස යනුවෙන් යමක් ඇති බව දැනෙයි. කලින් කියා ඇති ආකාරයට මගේ මනස මගේ සරමෙන් වෙනස් වෙයි. මා නොමැතිව මගේ සරම ගැන සිතන්නට හැකි වුවත්, මගේ සිරුර ගැන සිතන්නට හැකි වුවත්, මා නොමැතිව මගේ මනස ගැන සිතීමට නො හැකි ය. මගේ සරම මෙන් මගේ මනස පැත්තකින් තබා මට ඉවත්ව ගිය නො හැකි ය. මා යනු මගේ මනස මිස වෙනත් කිසිවක් නො වේ. මගේ මනස පුටුව උඩ හෝ අල්මාරියෙහි හෝ ඇත යනුවෙන් අපට කිව නො හැකි ය.
මා මිය යෑමෙන් පසු, එනමි වත්මන් භවය හැර යෑමෙන් පසු, සිරුර දිගින් දිගට ම දිරාපත් වී අවසානයේ දී නැතිවන නමුත් මගේ මනස ගැන එසේ කිව නො හැකි ය. මා මිය යෑමෙන් පසු අනෙක් භවයෙහි ලැගුම් ගන්නේ මනස ය. මා ඇති බව මා දැන ගන්නේ සිරුර නිසා නොව මනස නිසා ය. එහෙත් මනසක් යනුවෙන් කිසිවක් පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොර ව පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොරව මොහොතකටවත්, ක්‍ෂණයකටවත් පවතින්නේ ද?
මා ඇති බව මා දැනගන්නේ, අහංකාරය ආදී සියල්ල ඇතිවන්නේ මනස නිසා ය. අප ආත්මය යැයි කියන්නේ ද අපේ මනසෙහි සාරයට ම මිස වෙනත් දෙයකට නො වෙි. භවයෙන් භවයට සැරිසරන ආත්මයක් ගැන බමුණෝ විශ්වාස කළහ. එහෙත් බෞද්ධයෝ අනාත්මයක් ගැන කියති. මනස වුව ද වෙනස් වන බව තරමක් කල්පනා කළ විට ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපේ සිතුවිලි නිරන්තරයෙන් වෙනස් වෙයි. ඒ ඒ සිත ගන්නා අරමුණ වෙනස් වන බව දැන ගැනීමට බෞද්ධයකු වීමට අවශ්‍ය නැත. අපට දැන් මලක් ගැන සිතා ඊළඟ මොහොතෙහි, තරුවක් ගැන සිතිය හැකි ය.
ඒ ඒ චිත්තයෙහි අරමුණ වෙනස් වුවත් මනස යනු මේ චිත්ත පරම්පරාව, පිළිවෙළ යැයි ගත්තත් ඒ සියල්ල ඇතුළෙහි එහි සාරය නොවෙනස් ව පවතින බවත් ආත්මය යනු ඒ සාරය බවත් බමුණෝ විශ්වාස කළ හ. භවයෙන් භවයට සැරිසරන්නේ මේ සාරය වූ ආත්මය බව බමුණන්ගේ විශ්වාසය විය. අවසානයේ දී ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීමෙන් විමුක්තිය ලබාගත හැකි යැයි බමුණෝ විශ්වාස කළහ.
අද්වෛත වේදාන්තය අනුව ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරදි බව මෙහි දී සඳහන් කළ යුතු ය. එයට හේතුව අද්වෛත වේදාන්තයෙහි බ්‍රහ්මන් හැරෙන්නට වෙනත් කිසිවක් නොමැති වීම ය. බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මය යනුවෙන් යමක් ඇතැයි පැවසීම එවිට නිවැරදි නො වෙි. අද්වෛත වේදාන්තවාදීන් කියන ආකාරයට අප බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මයක් ගැන සිතන්නේ මායාව හේතුකොටගෙන ය. මායාව නැති කළ විට ඒකත්වය, එනමි බ්‍රහ්මන් වෙයි.
වෛදිකයන්ගේ, අද්වෛත වේදාන්තවාදීන්ගේ ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නො වේ බෞද්ධයන්ගේ ද ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඒ දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නොවූවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දේ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසෙන් පමණක් කෙරෙන්නෙකි. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමි ද ප්‍රත්‍යක්‍ෂයෙන් දැනෙයි. මේසයක් ඇති බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමු. එහි දී පංචෙන්ද්‍රිය ද අනෙක් ඉන්ද්‍රිය වූ මනස ද එක්ව ක්‍රියා කරයි. අපි ප්‍රත්‍යක්‍ෂයෙන් මේසයක් ඇති බව දන්නේ මේ ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්වය නිසා ය.
එහෙත් එයින් කියැවෙන්නේ මේසයක් යනුවෙන් වස්තුවක් ඇති බව නො වේ. මේසය යන්න මනස ද ඇතුළු අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ වූ දැනුමක් පමණ ය. එය මනසේ නිර්මාණයකි. මේසයක් යනුවෙන් දෙයක් නොමැති විට අපි පංචෙන්ද්‍රිය හා මනස ආධාරයෙන් මනසට හා පංචෙන්ද්‍රියට සාපේක්‍ෂ ව මේසය යනුවෙන් ඊනියා වස්තුවක් නිර්මාණය කරමු.
අපේ ඊනියා ප්‍රත්‍යක්‍ෂ දැනුම එබඳු ය. මේ ප්‍රත්‍යක්‍ෂය හුදෙක් මනසෙන් පමණක් ද කළ හැකි ය. පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කිරීම බොහෝ සංස්කෘතීන්හි තිබේ. සෘජුව දෙවියන් සමග කෙරෙන සම්බන්ධකම්වල දී පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබාගන්නේ යැයි සිතිය හැකි ය. පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ වී ලබාගත්ත ද නැත ද මනසෙන් ලැබෙන ප්‍රත්‍යක්‍ෂ දැනුම වාස්තවික වූවක්, එසේත් නැත්නමි යථාර්ථයක් යැයි නොසිතිය යුතු ය. ඒ සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. මනසට සාපේක්‍ෂ වෙයි.
ඇතැම් බෞද්ධයෝ තමන් පිළිගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් යැයි කියති. ඒ අය නොදැන සිටිය ද හුදෙක් පංචෙන්ද්‍රිය මත පමණක් ව ලැබෙන දැනුමක් නැත. පංචෙන්ද්‍රිය නැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කළ හැකි දැනුමි තිබිණි ද, මනස නොමැතිව කිසිම දැනුමක් නො මැත. ඒ කෙසේ වෙතත් මේ බෞද්ධයන් පුනබිභවය පිළිගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපට වෙයි. පුනබිභවය පංචෙන්ද්‍රිය ගෝචර නො වෙි. අප බොහෝ දෙනකුට පුනබිභවය පිළිබඳ දැනුම මනසෙන් ලබාගත හැක්කක් ද නො වේ.
අපේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නෝ කී දෙනෙක් වෙත් ද? ඒ දැනුම එක්කෝ සම්‍යක්දෘෂ්ටික දෙවි කෙනකුගෙන් ලබාගත යුතු ය. එසේත් නැතහොත් භාවනාවෙන් සිත එක් අරමුණක පිහිටුවා ඒ දැනුම ලබාගත යුතු ය. අදෘෂ්‍යමාන බලවෙිග නැතැයි කියන පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවයක් නැත. ඔවුහු භාවනාවෙන් එවැනි දැනුම් ලබාගැනීමට උත්සාහ කරන්නෝ නො වෙති. එසේ භාවනාවෙන් යම් දැනුමක් ලැබුණ ද පංචෙන්ද්‍රිය නොමැතිව එසේ ලබන දැනුම් ඔවුහු විශ්වාස කරත් ද?
අදෘශ්‍යමාන දෙවියන් නැතැයි කියන පංචෙන්ද්‍රිය මත පමණක් වූ දැනුමක් ගැන විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවය ගැන දැන ගැනීමට ක්‍රමයක් නැත. ඔවුන් ඒ පිළිගන්නේ විශ්වාසය මත පදනම් ව විය යුතු ය. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් පමණක් ම ඉල්ලන මේ බෞද්ධයන්ගේ විශ්වාසය පදනම් වන්නේ කිනම් පංචෙන්ද්‍රිය මත ද? කිසිම සංගත බවක් නොමැති මේ බෞද්ධයෝ බටහිර විද්‍යාවට බිය වී එයට දණ්ඩ නමස්කාර කරමින් පංචෙන්ද්‍රිය නොඉක්ම වූ දැනුමක් ඉල්ලති.
ඔවුන්ට පුනබිභවය නැත. එසේ නම් අපි ඔවුන්ට බෞද්ධයන් යැයි කියමු ද? බෞද්ධයන්ගේ වෑයම නිවන් අවබෝධය ය. එනම් සසරින් ගැලවීම යෂ එතෙර වීම ය. එහෙත් මේ පංචෙන්ද්‍රිය මත පමණක් පදනම් වන ඊනියා බෞද්ධයන්ට සසරක් නොමැති බැවින් ඔවුන්ට එතෙර වීමට දෙයක් නැත. එබැවින් ඔවුන්ට නිවන් අවබෝධය අවශ්‍ය නැත. එහෙත් මොවුන් තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.
මොවුන් පංචෙන්ද්‍රිය ගෝචර වීම ගැන පඬි කතා කියන්නේ බටහිර විද්‍යාව පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක් පදනම් වන්නේ ය යන බොරුව හේතුකොට ගෙන ය. එහෙත් ඔවුහු බොහෝ දේ නෙ දනිති. ඉලෙක්ට්‍රෝන පමණක් නොව ගුරුත්වාකර්ෂණය ද පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව ඔවුහු නො දනිති. බටහිර විද්‍යාවෙි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිගන්නා ඔවුහු සම්‍යක්දෘෂිටික හා වෙනත් දෙවියන් පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කරති!