Main Logo

Sunday 1 May 2011

දෙවියන් මිනිස් ලෝකයේ කරන මැදිහත්වීම්

දෙවියන් හා භූතයන් ගැන කීමට තවත් බොහෝ දේ ඇති නමුත් මෙහි දී ප්‍රධාන වශයෙන් ම ඔවුන් ගැන කියැවෙන්නේ අප දැනුම ලබාගන්නා එක් මාතයක් ලෙස ඔවුන් වැදගත්වන බැවිනි. මට දැනගන්නට ලැබුණු තවත් තොරතුරු අනුව එක්වර භූතයන් කිහිප දෙනකුට වුව ද මිනිසකුට ආරුඪ වීමට හැකි ය. එක් භූතයකු එක් අවයවයකට ද තවත් භූතයකු තවත් අවයවයකට ද ආදී වශයෙන් එහි දී ආරුඪ වීම සිදුවෙයි. භූතයන්ගෙන් ද අපට දැනුම ලබාගත හැකි ය. එහෙත් ඇතැමි විට මෙි දැනුමි වැරදි විය හැකි බව ද තේරුමි ගත යුතු ය.

ඇතැමි භූතයෝ හිතා මතා ම අප නොමග යවති. එමෙන් ම මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු ද අපට වැරදි තොරතුරු ලබා දෙති. එසේත් නැතහොත් ඔවුහු තමන්ගේ අධර්මයට සරිලන අන්දමට ඒ සමග එකඟ වන දැනුමි අපට ලබා දෙති. මෙි සියළු දැනුමි සමින්ධයෙන් අපට එක් පරීක්‍ෂණයක් යොදාගත හැකි ය. ඔවුන් අපට ලබා දෙන දැනුම අවසානයේ දී නිවන් දැකීම සමග, තණ්හාව තුනී කිරීම සමග, මමත්වය අහංකාරය තුනී කිරීම ආදිය සමග කෙතරමි දුරට එකඟ වන්නේ ද යන්න ඒ පරීක්‍ෂණයේ දී අප විසින් ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් වෙයි. අඩුම තරමින් ඒ සමග එකඟ වීම කෙසේ වෙතත් එයට විරුද්ධව නොයන බවට අපට සහතිකයක් තිබිය යුතු ය.

අපේ දැනුම අප පමණක් නොව වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ද එකතු කරගෙන ගොඩ නගන්නකි. මෙය සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් නොව වෙනත් සංස්කෘතීන්ට ද පොදු වූවකි. පහළොස්වැනි සියවසේ අගභාගයේ පමණ සිට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ බලවත්වීමක් සිදු වී ඇත. ඔවුන්ගේ ද ආධාරයෙන් බටහිර රටවල ගොඩ නැගුණු දැනුම හේතුවෙන් අද ලෝකය (ස්වභාව ධර්මය) සූරාකෑමට ලක් වී ඇත. මේ සූරාකෑම සිදුවන්නේ ලෝක පාලුවන්ගේ ආධාරයෙනි. බටහිරයෝ ලෝක පාලුවෝ වෙති. ඔවුහු අද ලෝකය පාලනය කරති. ඔවුන්ට පසුගිය අවුරුදු පන්සියයකට අධික කාලයක් තිස්සේ මිථ්‍යාදෘෂ්ටික දෙවියන්ගේ හා භූතයන්ගේ ආධාරය ලැබී ඇත.

අද බටහිර ලෝකය විසින් නිර්මාණය කෙරෙන දැනුම කිසිසේත්ම නිවන් අවබෝධ කිරීමට තුඩු නොදෙන්නක් බව පඬියන්ට හැරෙන්නට අනෙක් අයට අවබෝධවන කරුණකි. එය නිවන් අවබෝධය සඳහා නොව නිවනෙන් ඈත්කිරීම සඳහා වූවකි. ඉන්ද්‍රිය පිනවීම මමත්වය වර්ධනය කිරීිම සාමූහිකත්වයෙන් ඈත්කිරීම, වියුක්තය හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍ය’ක්‍ෂය ඉතා ඉහළින් සැලකීම ආදිය බටහිර දැනුමේ පදනමේ ම වෙයි. ඒ අතර මිනිසා ස්වභාව ධර්මය ගසා කෑම ද වෙයි. ස්වභාව ධර්මය ගසා කෑම මත පදනම් වූ දැනුමක් පරිසරය රැකීම සඳහා උපයෝගී කරගත නොහැකි බව බටහිර උගතුන්ට තේරුමිගත නො හැකි ය. ඒ බව මෙරට සිටින පඬියන්ට නමි කිසිසේත් ම තේරුම්ගත නො හැකි ය.

පරිසරය රැකිම, පරිසර සංරක්‍ෂණය කළමනාකරණය ආදිය බටහිරයන් තනා ඇති ව්‍යාජ වචන පමණකි. මමත්වය ඉස්මතු කරන, හැකිතාක් ඉන්ද්‍රිය පිනවීමට මිනිසුන් පොළඹවන සංස්කෘතියක, පරිසරය රැකීම යන්න ද තවත් ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම වැළැක්විය නො හැකි ය. අද පරිසරය රැකීම හා අදාළ මාතෘකා ගැන ලියැවෙන ලිපි නොලියන්නේ නමි ඒ සඳහා කඩදාසි තැනීමට කපන ගස් කිහිපයක්වත් රැකෙනු ඇත. පරිසර සම්මේලන පැවැත්වීම ඊනියා විද්‍යාඥයන්ට පමණක් නොව තරු තුනේ හතරේ හෝටල්වලට ද ආදායම් මාර්ගයක් වී ඇත. මෙරට සිටින කසිකබල් බටහිර විද්‍යාඥයන් පරිසර වැඩමුළු ආදිය පැවැත්වීමෙන් වැඩක් සිදු වී ඇත්තේ පරිසරයට ද නැත්නමි ඔවුන්ගේ බැංකු ගිනුමිවලට ද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු කරුණක් නො වෙි.

මට දෙවියන් හෝ භූතයන් හෝ ගැන සෘජු අත්දැකීමක් නැත. මා දෙවියන්ගෙන් දැනුම ලබාගෙන ඇත. එහෙත් ඒ වක්‍රව වෙනත් අයගේ මාර්ගයෙනි. මට අදෘශ්‍යමාන දෙවියන් විශ්වාස කිරීමෙි කිසිම ගැටළුවක් නැත. එයට හේතුව කිහිප දෙනකු ම දෙවියන් දැක තිබීම පමණක් නොව දෙවියන්ගේ ආධාරයෙන් රෝග විනිශ්චය කර සාර්ථක ප්‍රතිකාර ද නියම කර තිබීම ය. කෙසේ වුවත් මෙරට පඬියන්ට හුදෙක් සම්මුතියක් පමණක් වූ ද ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්පයක් වූ ද ගුරුත්වාකර්ෂණ බලය පිළිගත හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නය නමි මට ඇත. ගුරුත්වාකර්ෂණය කිසිවකුගේවත් සංයුක්ත ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වෙි. එය දුටු කෙනකු නැත. අල්ලා බැලූ අයකු නැත. එයට සවන් දුන් අයකු, එහි රස දැනගත් අයකු, එහි ගඳ සුවඳ දන්නා අයකු නැත. එය නිවිටන් විද්වතා නිර්මාණය කළ හුදු වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඇතැමුනට දෙවියන් යනු ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ එවැන්නන්ගේ මනසට යැයි සිතමි. ඔවුන් දෙවියන් දකින්නේ මසැසින් නොවන බව පැහැදිලි ය. ඒ සඳහා පෙර භවවල දියුණු කරන ලද පාරමී ශක්තීන් හා කුසල් ශක්තීන් අවශ්‍ය වෙයි. එසේත් නැතහොත් මෙි භවයේ භාවනා කර ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත යුතු වෙයි. වත්මන් බටහිරයන්ට මේ ශක්තිය කෙතරමි දුරට ඇත්දැයි නො දනිමි. ඇතැමි විට ඔවුන්ට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගෙන් දැනුම ලැබෙනවා විය හැකි ය. එහෙත් ඔවුන් සමාජයේ ඇති පොදු මතයට බියෙන් ඒ බව ප්‍රසිද්ධියේ නොකියනවා විය හැකි ය.

ඒ කෙසේ වෙතත් ඇතැමි පැරණි යුදෙව්වන්ට ඒ ශක්තිය තිබුණු බව බයිබලයෙන් පැහැදිලි වෙයි. විවිධ අනාගත වක්තෘන් වහන්සේලා පමණක් නොව යුදෙවි වර්ගයාගේ ආදිතමයන් ලෙස සැලකෙන ඒබ්‍රහම් ආදීහු දෙවියන් සමග සංවාදයෙහි යෙදී ඇති බව පරණ තෙස්තමෙින්තුවෙන් හෙළි වෙයි. එම පැරණි යුදෙවිවන්ට කතා කළ ඔවුන් සමග සංවාදයෙහි යෙදුණු ප්‍රධාන දෙවියන් වී ඇත්තේ යෙහෝවා දෙවියන් බව පරණ තෙස්තමේන්තුවෙන් පැහැදිලි වෙයි. යුදෙවිවන් මෙි යෙහෝවා දෙවියන් තමන්ගේ ගෝත්‍රයෙහි දෙවියන් ලෙස පිලිගෙන ඇත. එපමණක් නොව ඔවුහු එම දෙවියන් ලෝකය නිර්මාණය කළ දෙවියන් ලෙස ද සලකා ඇත.

බැප්ටිස්ටි නමින් හැඳින්වෙන අනාගත වක්තෘවරයා දක්වා ම විවිධ යුදෙවිවන් මෙි යෙහෝවා දෙවියන් සමග සමිබන්ධකමි පවත්වා ඇති බව පරණ තෙස්තමේන්තුවට අනුව අපට නිගමනය කළ හැකි ය. නොවා ඉන් එක් වක්තෘන් කෙනෙකි. එසේ ම මේ අනාගත වක්තෘන් යෙහෝවා දෙවියන්ගෙන් ලත් දැනුම, විශේෂයෙන් ම අනාගතය පිළිබඳ දැනුම, අනෙක් යුදෙවිවන්ට ප්‍රකාශ කර ඇත. නොවා නුදුරේ සිදුවන මහා ජල ගැලීමක් ගැන සඳහන් කර එයින් ගැලවීමට සූදානම් වී ඇත. ඔහු ඇතුළු අනෙක් අය අනාගත වක්තෘන් එසේත් නැත්නමි දිවැසිවරුන් ලෙස පිළිගැනීමට හේතු වී ඇත්තේත් ඔවුන්ට දෙවියන්ගේ ආධාරයෙන් අනාගතය කීමට යමි හැකියාවක් තිබීම බව පැහැදිලි ය. මුස්ලිමි සමිප්‍රදාය අනුවත් ඔවුහු අනාගත වක්තෘන් ලෙස පිළිගැනෙති. එපමණක් නොව ක්‍රිස්තුස් වහන්සේ ද මුස්ලිමි සම්ප්‍රදායෙහි තවත් අනාගත වක්තෘන් කෙනකු පමණ ය.

මා දැන් තේරුමි ගන්නා ආකාරයට යුදෙවිවකු වූ ක්‍රිස්තුස් වහන්සේ  අනෙක් යුදෙවි අනාගත වක්තෘන්ගෙන් වෙනස් වන්නේ යුදෙවිවන්ට පමණක් සීමා වී තිබූ යෙහෝවා දෙවියන් වහන්සේ අනෙක් ජනවර්ගවල ද දෙවියන් වහන්සේ බවට පත්කිරීමට ගත් උත්සාහය හේතුකොට ගෙන ය. එයට කලින් ද යුදෙවිවන් අනෙක් දෙවිවරුන්ගේ පිළිම විනාශ කිරීමට කටයුතු කර ඇත. ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව යෙහෝවා දෙවියන් ලෝකයේ  එකම දෙවියන් වහන්සේ බවට පත්කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබිණි. එසේ පත්කිරීම ක්‍රිස්තුස් වහන්සේට යෙහෝවා දෙවියන් නියම කර තිබූ කාර්ය්‍ය යැයි සිතිය හැකි ය. ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ (යමි දිව්‍ය ලෝකයක) සිට මිනිස් ලොවට යෙහෝවා දෙවියන් විසින් එවනු ලැබූ තවත් දෙවියකු විය හැකි ය. එසේත් නැත්නමි යෙහෝවා දෙවියන් ම මිනිස් ලෝකයට පැමිණියා විය හැකි ය. ක්‍රිස්තුස් වහන්සේ තමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත් තමන් දෙවියන් වහන්සේ බවත් යුදෙවිවන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් මිනිස් ලොව උපත ලැබූ යෙහෝවා දෙවියන් නිසා යැයි අපට සිතාගත හැකි ය.

අපට වඩාත් ඒත්තු යන කතාව (මේ සියල්ලම එක් අතකින් කතන්දර වේ) නමි යෙහෝවා නමි දෙවි කෙනකු යුදෙව් ජනවර්ගයේ දෙවියන් ලෙස සිට ඇති බවත් ඒ දෙවියන් ඇතැමි යුදෙවිවන් සමග දිගින් දිගට සමිබන්ධකමි පවත්වා ඇති බවත් ඒ දෙවියන්ගේ මාර්ගයෙන් යුදෙව්වන්ට ඇතැම් දැනුමක් ලැබී ඇති බවත් දැනට අවුරුදු දෙදහසකට පමණ පෙර යමි හේතුවක් නිසා යෙහෝවා දෙවියන් බලවත් වී ඇති බවත් එතුමා තම ආධිපත්‍යය අනෙක් ජනවර්ග සහිත මුළු ලෝකයට ම පැතිරවීම සඳහා මිනිස් වෙසක් ගෙන ක්‍රිස්තුස් වහන්සේ නමින් මරියතුමියගේ කුසින් ලොවට බිහිවී ඇති බවත් ය. මා මෙලෙස පවසන්නේ විවිධ හේතු නිසා දෙව් ලොව්න් චුත ව මිනිස් වෙස් ගෙන ලංකාවෙි උත්පත්තිය ලැබූ අය ගැන අප අසා ඇති නිසාත් බව අවධාරණය කළ යුතු ය.

මෙහි දී තවත් කරුණක් සඳහන් කළ යුතුව ඇත. බොහෝ විට දේව මණ්ඩල ඒ ඒ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් නමින් නම් කෙරෙයි. එහෙත් ඒ ප්‍රධාන දෙවියන් කාලයෙන් කාලයට වෙනස් වෙයි. උදාහරණයක් වශයෙන් ගතහොත් නාථ දේව මණ්ඩලයේ ප්‍රධානියා නාථ දෙවියන් වන අතර ඒ පදවිය කාලයෙන් කාලයට විවිධ දෙවියන්ට අයත් වෙයි. කාහට අයත් වුව ද තමන් ප්‍රධානත්වය දරණ කාලයෙහි ඒ දෙවියෝ මණ්ඩලයේ නාමයෙන් හැඳින්වෙති. අප දන්නා ආකාරයට නාථ දෙවියන් ලෙස දැනට කටයුතු කරන දෙවියන් එම ධුරයෙහි, එනමි නාථ දේව මණ්ඩලයෙහි ප්‍රධාන ධුරයෙහි, කටයුතු කිරීමට පටන්ගෙන දැනට වසර කිහිපයකි.

බොහෝ විට යෙහෝවා දේව මණ්ඩලයෙහි ප්‍රධානියා බවට දැනට වසර දෙදහසකට පමණ පෙර බලවත් මිථ්‍යාදෘෂ්ටික දෙවි කෙනකු පත්වන්නට ඇත. එසේත් නැත්නම් එවකට ප්‍රධානත්වය දැරූ අය බලවත් වන්නට ඇත. ඒ කෙසේ වෙතත් එතුමා යුදෙවිවන් පමණක් තමන්ට අවනත ජනවර්ගය වීමෙන් සෑහීමට පත් නොවී සියළු ලෝ වැස්සන්් බැරිනම් ඉතා වැඩි පිරිසක් තම ග්‍රහණයට ගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් නමින් මිනිස් වෙසක් ගෙන මරියතුමියගේ කුසින් බිහිවන්නට ඇත. එසේ බිහිවීමෙන් අවුරුදු තිහකට පමණ පසු එතුමා තම ව්‍යාපාරය දියත්කර ඇති බව පෙනෙයි. ඉතාමත් සමිප්‍රදායනුකූල ජනවර්ගයක් වූ යුදෙව්වන් ක්‍රිස්තුස් වහන්සේට අකමැති වීම පුදුමයක් නො වේ. ඔවුහු රෝම පාලකයන් සමග එකතු වී ක්‍රිස්තුස් වහන්සේ මරා දැමූහ.

එහෙත් මියගිය ක්‍රිස්තුස් වහන්සේ නැවත යෙහෝවා දේව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඉපිද මිනිසුන් ලවා නව ඉගැන්වීම පැතිරවීමට ක්‍රියාකරන්නට ඇතැයි සිතිය හැකි ය. ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ලෙස දකින්නේ මේ සිද්ධිය විය හැකි ය. පසු කලෙක කොන්ස්තන්තයින් රජු මගින් ද පසුව වෙනත් රජවරුන් හා පාප් වහන්සේලා මගින් ද යෙහෝවා දෙවියන් මිනිසුන්ගෙන් ඉතා වැඩි ප්‍රමාණයක් තමන්ගේ ග්‍රහණයට ගැනීමට සමත් වී ඇති බව පැහැදිලි ය. එහෙත් පසුව පාප් වහන්සේලා තම කාර්ය්‍ය නිසි ලෙස ඉටු නොකරන බව දුටු යෙහෝවා දෙවියන් ලූතර්, කැල්වින් ආදීන් මගින් වෙනත් ක්‍රිස්තියානි නිකායන් බිහිකර ලෝක ආධිපත්‍යය තමන් වෙතට ගෙන ඇති බව පෙනී යයි. මෙයින් අදහස් කරන්නේ සියල්ල දෙවියන් අතින් සිදුවන බව නො වෙි. එහෙත් අප සිතනවාට වඩා මිනිස් ලෝකයෙහි කටයුතුවලට දෙවියෝ මැදිහත් වෙති. පැරණි වෛදික හා ග්‍රීක සාහිත්‍යවල මෙවැනි මැදිහත්වීමි ගැන සඳහන් වෙයි.