Main Logo

Wednesday 25 May 2011

ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීම

අවුරුදු දෙකකට ඉහත දී බොහෝ පඬියන් කළ නොහැකි යැයි කී දෙයක් අපට කළ හැකි විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම, රණවිරුවන්ගේ කැපවීම හා සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ආධාරය හේතුකොටගෙන අවුරුදු තිහක් පමණ කාලයක් තිස්සේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් ආධාරයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි විණි. එහෙත් දෙමළ ජාතිවාදය තවමත් බටහිර හා ඉන්දියාවේ අනුග්‍රහය යටතේ නොනැසී පවතියි. දෙමළ ජාතිවාදය අද පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසිනි. ඔවුන් නොවන්නට මේ වන විටත් දෙමළ ජාතිවාදය ද තුරන් වී අවසන් ය.

දෙමළ ත්‍රස්තවාදය දෙමළ ජාතිවාදය විසින් බිහිකෙරුණු අතර එහි මතවාද ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුග්‍රහයෙන් දහනවවැනි සියවසේ සිට ම නිර්මාණය කෙරිණි. මෙි සියල්ල විටින් විට පසුගිය අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ විස්තර කෙරී ඇති බැවින් මෙහි දී නැවතත් සඳහන්කිරීම අනවශ්‍ය යැයි සිතමි. අප අද වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ නුදුරු අනාගතයේ දී සිදුවිය හැකි දේ පිළිබඳ ව ය. එයට පළමුව කොටි ත්‍රස්තවාදය පැරදවීමෙි දෙවැනි සංවත්සරය ගැන ද සුළුවෙන් වුව ද සඳහන් කළ යුතු ය.

කොටි පැරදවීමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සව දිනවල ම ය. මෙරට සිංහල බෞද්ධ ජනතාව ද ඇතැමි අන්‍යයෝ ද කළයුතු පරිදි ම සම්බුද්ධත්ව ජයන්තියට මුල් තැන දුන්හ. ජනාධිපතිතුමා හැරෙන්නට සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ ව යමක් සඳහන් කරන්නට ඇමතිවරුන් අතර සිටියේ  අතළොස්සක් පමණ ය. අනෙක් බොහෝ ඇමතිවරුන්ට සම්බුද්ධත්ව ජයන්තියක් නොතිබුණා සේ ය. එහෙත් ජනතාවට ඒ කිසිසේත් අමතක වී තිබුණේ නැත. ඇමතිවරුන්ගේ හා වෙනත් දේශපාලනඥයන්ගේ මගපෙන්වීමක් ඊනියා උපදේශයක් (මෙරට සෑම දෙයක් ම කෙරෙන්නේ දේශපාලනඥයන්ගේ උපදෙස් මත බව දේශපාලනඥයෝ දනිති) නොමැතිව ජනතාව ඉතා මැනවින් සංවිධානය වී සම්බුද්ධත්ව ජයන්තිය සෑමරූහ.

එය ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. රජයේ මැදිහත්වීමක් නොමැතිව ද ඔවුන්ට තම කටයුතු සාමූහික ව සංවිධානය කළ හැකි ය. පසුගිය සුනාමි අවස්ථාවේ දී ඒ බව කාහටත් ඉතා මැනවින් දැකගත හැකි විය. සිංහල බෞද්ධ ජනතාවගේ සාමූහික කටයුතු අදත් මෙහෙයවෙන්නේ සිංහල බෞද්ධ සම්ප්‍රදායෙහි ය. එය ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුත්තක් නො වේ. පන්සලේ පින්කම් කටයුතුවල දී ශාන්තිකර්ම හා වෙනත් සාමූහික ක්‍රියාකාරකම්වල දී අවශ්‍ය පුහුණුව ඔවුන්ට ලැබේ. ඊනියා සංවිධානවීම පිළිබඳ විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය පවත්වාත් සිංහලයන්ට බටහිර සංවිධාන ක්‍රමය ඉගැන්වීමට නොහැකි වී ඇත. එය අප ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය.

සම්බුද්ධත්ව ජයන්තියත් සමග කොටි පැරදවීම යටගියේ ය. කොටි පැරදවීම දැන් ජනතාවට අමතක වී ඇතැයි පෙන්වා දීමට කසිකබල් පඬියන් ඇතැම් විට ඉදිරිපත්වනු ඇත. එහෙත් ඔවුන් ඒ සමග ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථක ව පැවැත්වූ බව නො කියනු ඇත. සිංහලයන් කොටි පැරදවූයේ ප්‍රධාන වශයෙන් ම බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා ය. ඒ ගැමුණු රජු දවස සිට එන සම්ප්‍රදායකි. කොටි සංවිධානයත් එයට පදනම් වූ දෙමළ ජාතිවාදයත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවශ්‍යතා පරිදි බිහිවූ දෑ ය. සිංහල බෞද්ධයන් ක්‍රියාකරන්නේ කෙසේ දැයි පඬියන්ට තබා ඔවුන්ගේ ස්වාමිවරුන්ටවත් නො තේරෙයි. ඒ තේරුම් කර දීමට ද අප අද සූදානම් නැත. කොටි පැරදවීම කිසිසේත් ම සිංහල බෞද්ධයනට අමතක නැත. එහෙත් ඔවුහු ඒ ඒ අවස්ථාවෙහි දී ප්‍රධාන තැන දිය යුත්තේ කුමකට දැයි දනිති.

දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන බටහිරයන් හා ඉන්දියානුවන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල හා ඉඩම් බලතලත් දහතුන ද ඉක්මවා යන තවත් බලතලත් පළාත් සභාවලට දිය යුතු යැයි කියා සිටිති. ඉන්දියානුවන්ට එහා යන බටහිරයෝ එමගින් ඊනියා යුද්ධාපරාධිකරණ චෝදනා නගමින් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දරුණු යුධ අපරාධකරුවන් ලෙස හඳුන්වා මරණ දඩුවම දීමට කැූස කවති. ලංකාවේ පළාත් සභාවලට දිය යුතු බලතල තීරණය කිරීමට බටහිරට හා ඉන්දියාවට ඇති අයිතිය කුමක් ද? උතුරු අයර්ලන්තයට, ස්කොට්ලන්තයට දිය යුතු බලතල කවරේ දැයි ලංකාණ්ඩුව කිසි දවසක කියා තිබේ ද?  ඉන්දියාවේ  බෞද්ධයන්ට හිමිවිය යුතු බලතල කවරේ දැ්‍රයි ලංකාණ්ඩුඬ ඉන්දියාවට සැළකර ඇත් ද?

ඉන්දියාවේ දෙමළ ජනයා සිටි පමණින් ලංකාවේ දෙමළ ජනයා ගැන කතාකිරීමට පෙළපාලි යෑමට උද්ඝෝෂණය කිරීමට තමිල්නාඩුවේ දෙමළ ජනයාට ඇති අයිතිය කුමක් ද? ඒ අයිතිය ගලා එන්නේ යාපනයේ දෙමළ ජනයාගේ ආධිපත්‍යය උසුලන වෙල්ලාලයන් මැතක දී 1650න් පසුව ලංකාවට ගෙනෙු ලැබූ නිසා ද? ඒ එසේ නම් ඉන්දියාවේ අනුග්‍රහය ලබන ඊනියා නිජභූමි හෙවත් සාම්ප්‍රදායික වාසභූමි කතාව යුක්තියුක්ත කරන්නේ කෙසේ ද? ඉන්දියාවෙි සිටින බෞද්ධයන් ගැන සිංහල බෞද්ධයන් පෙළපාලි පැවැත්වීමට උද්ඝෝෂණය කිරීමට ගියහොත් ලංකාණ්ඩුව ගතයුතු පියවර කුමක් ද? ඉන්දියාවට ලංකාවේ දෙමළ ජනයා ගැන උද්ඝෝෂණය කිරීමටවත් ඉන්දීය ආණ්ඩුවට ලංකාවට ඒ පිළිබඳව කොන්දේසි පැනවීමටවත් ඇති අයිතිය ගලා එන්නේ කිනම් සම්ප්‍රදායකින් ද? තමිල්නාඩුවේ අවස්ථාවාදී දේශපාලනය පරාජය කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ඇති නොහැකියාවට ලංකාව වගකිව යුූතු නැත. තිස්ස විතාරණ මහතා පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට පැවරිය යුතු යැයි කියන්නේ නම් එය ඒ මහතාගේ හා ල ස ස පයේ අදහස මිස රජයේ අදහස නො වේ.  එය අඩු තරමින් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවට සහභාගි වූ සියළු පක්‍ෂවලවත් අදහස නො වේ. 

බටහිරයන්ගේ ව්‍යාජ ඊනියා ජාත්‍යන්තර නීති රීති පදනම් කරගනිමින් බටහිරයන් සූදානම් වන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන කාලයේ ඊනියා මානව අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා විවිධ කොමිසම් හා උප්පරවැට්ටි මගින් ලංකාව ආක්‍රමණය කිරීමට ය. එහි දී අප ඔවුන් පරාජය කරන්නේ කෙසේ ද? එයට ද ඇත්තේ ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනේ දී අනුගමනය කළ ප්‍රතිපත්තිම ය. බටහිරයන් ඊනියා ආර්ථික සම්බාධක ද  පැනවිය හැකි බැවින් අප ඒ සියල්ලට සූදානම් විය යුතු ය. අද කෙරීගෙන යන ගෙවතු වගාව එහි දී ඉතා වැඩදායක බව අමුතුවෙන් කිවයුතු නො වෙි. අප ආහාරයෙන් ස්වයංපොෂිත වීම ප්‍රධාන කටයුත්තක් වෙයි. කෙතරම් සම්බාධක පැනෙව්ව ද මියන්මාරය වැට්ටවීමට බටහිරයන්ට නොහැකි වී ඇත.  

දෙවනුව අපේ හමුදා ශක්තිය මෙන් ම ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කරගත යුතු ය. ගැමුණු කුමරු යුද්ධය ජයගත්තේ රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කිරීමෙන් පසුව ය. හමුදා ශක්තිය වර්ධනය කිරීම ගැන ආරක්‍ෂක ලේකම්තුමාට අමුතුවෙන් කිවයුතු නො වේ. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමෙහිලා ජනාධිපතිතුමා දැනටමත් කටයුතුකර තිබීම සතුටට කරුණකි. පන්සිල් රකින සමාජයක් අපට වහා අවභ්‍ය වෙයි. පසුගිය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පොහෝ දා එතුමා ද ඇතුළුව දස ලක්‍ෂ ගණනින් ජනතාව පෙහෙවස් සමාදන් වූහ. ඇතැමිවිට අනුරාධපුර යුගයෙන් පසු වැඩිම ප්‍රතිශතයක් පෙහෙවස් සමාදන් වූයේ පසුගිය වෙසක් පොහොදා විය හැකි ය. අපි එතැනින් ඉදිරියට යා යුතු වෙමු. නිර්මාංශ ආහාරයෙන් සෑහීමට පත්වීමට අප ඉටාගත යුතු ය. අසූවෙි දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මැටිමෝල් ශිෂ්‍ය සංවිධානයක් අපට විරුද්ධව පොස්ටර අලවා තිබුණේ අප බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට උත්සාහ ගන්නේ යැයි කියමිනි. ඔවුන්ගෙන් ඇතමකු අද අනුරාධපුරය ගැන උද්‍යෝගයෙන් කතාකරනු දැකීම සතුටට කරුණකි. අප අනුරාධපුරයේ ආකල්පවලට ආපසු යා යුතු ය. එකල මෙන් මෙකල ද ජනතාව භාවනා මාර්ගයට හැකි පමණින් යොමු වන්නේ නම් ඉන් රටේ ආධ්‍යාත්මක ශක්තිය වැඩිවනු ඇත.  

අප දෙමළ ජාතිවාදයට හා දෙමළ කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුවත් දෙමළ ජනයාට විරුද්ධ නැත. අපි ඔවුන්ට ද මෛත්‍රී කරමු. එපමණක් නොව මහත් වූ පව් කන්දරාවක් එකතුකරගත් ප්‍රභාකරන්ට වුව ද මෛත්‍රී කිරීමට අපට බාධකයක් නැත. ඔහු ඒ මෛත්‍රිය ලබාගැනීමට හැකි තැනක ඉප දී ඇත්දැයි අපි නො දනිමු. අපි ඔහුට දඬුවම් දුන්නෙමු. එහෙත් මෛත්‍රී කිරීමට එය බාධාවක් නො වේ. ඉන් රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය වෙයි. ජනාධිපතිතුමාට ද එතුමා දැනටමත් රටේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට ගන්නා උත්සාහයට අමතර ව  බෞද්ධ ලෝකය එකතුකිරීමෙන් රටේ ද බෞද්ධ ලෝකයේ ද ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමේ අවස්ථාවක් උදා වී ඇත. ඒ කාම්බෝජ තායිලන්ත අර්බුදය විසඳීමට මැදිහත් වීමෙනි.(දිවයින - 2011/05/22.)