Main Logo

Sunday 1 May 2011

දෙවියෝ හා භූතයෝ

අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකචිඡා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නොවන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස් කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සමිපුර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමාගේ සිරුර යනු තමා යැයි සිතීමට බොහෝ දෙනා පෙළඹී ඇති නමුත් මරණයෙන් පසු තමාගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නොගත්තේ නමි කුණු වී දිරාපත් වන බව පැහැදිලි ය.

එහෙත් තමා හා තමාගේ මනස අතර ඇති වෙනස කුමක් ද? මා යනු කවු ද? මා යනුවෙන් මා හඳුනාගෙන ඇත්තේ කුමක් ද? කවු ද? තමාගේ සිරුර යනු තමා නොවන්නා සේ තමාගේ මනස යනු තමා නො වෙි ද? තමා හා මනස යනුවෙන් වස්තු දෙකක් වෙි ද? තමාට සිරුරෙන් ඈත් වී යන්නාක් මෙන් මනසින් ද ඈත් වී යා හැකි ද? මනස, නාමය, ආදී වශයෙන් කිනමි ආකාරයකින් හැඳින්වුව ද තමා යනු තම මනස බව පැහැදිලි ය.

මගේ මනස, මගේ නාමය ආදී වශයෙන් මගේ යන්න ද සමග හැඳින්වුව ද මා හා මගේ නාමය අතර වෙනසක් නැති බව පෙනී යයි. එබැවින් මෙහි දී මගේ යනුවෙන් යෙදීමෙි දී යමිකිසි වරදක් සිදුවෙයි. එයට හේතුව මනස, නාමය ආදිය මට අයත් දේ නොව මා ම වීම ය. මගේ සිරුර හා මගේ සරම යනුවෙන් සඳහන් කිරීමෙි දී මට බාහිරව මට අයත් සිරුරක් හා සරමක් ඇති බැවින් ගැටළුවක් පැන නො නගී. එහෙත් මගේ මනස යනුවෙන් කී විට මට අයත් මනසක් මගෙන් බාහිරව ඇතැයි යන හැඟීමක් යමි කිසිවකුට ඇතිවිය හැකි ය. එහෙත් මගෙන් බාහිරව ඇති මනසක් නොමැත.

එහෙත් ඇතැම් අවස්ථාවල භූතයන් ආදීන් ඇතැමුන්ගේ මනසට වැහෙන බව පෙනී යයි. එවැනි අවස්ථාවල මනස වැසී තාවකාලික ව වෙනත් සත්වයකු විසින් යොදාගැනෙන බවක් පෙනී යයි. මෙහි වැහෙනවා යන වචනයේ අර්ථය කුමක් වුවත් එක්තරා ආකාරයකින් අදාළ පුද්ගලයාගේ මනස වැසී යෑමක් සිදුවෙයි. ඇතැමි අවස්ථාවල අපි මට යකා වැහෙනවා ආදී වශයෙන් යොදා ගනිමු. එහි දී සිදුවන්නේ යකා වැහුණු තැනැත්තා යකකු මෙන් හැසිරීම ය. යකා වැහෙනවා යන්නෙන් යකකු මනසට ආරුඪ වීමක් ගැන නො කියැවුණ ද ඉන් අදහස් වන්නේ යක්‍ෂ යනුවෙන් හැඳින්වෙන අමනුෂ්‍යයකු යම් පුද්ගලයකුගේ මනසට ආරූඪ වූවහොත් ඒ පුද්ගලයා ක්‍රියාකරන ආකාරයට එහි දී ක්‍රියාකාරිවීමක් සිදුවන බව ය.

භූතයකු වැහෙනවා යන්න හා දෙවියකුගෙන් යමි යමි දේ දැනගැනීම අතර වෙනසක් ඇති බව පෙනී යයි. භූතයන් වැහෙනවා හෙවත් භූතයන් ආරුඪ වෙනවා යන්නෙන් යමි භූතයකු පුද්ගලයකුගේ මනස මෙන් ම සිරුර ද යොදා ගැනීමක් අදහස් කෙරෙයි. එහි දී ඉහළ මටිටමෙි දෙවියකුගෙන් යමිකිසි ආකාරයක වරමි ගැනීමක් ද සිදුවෙයි. භූතයා යමි පුද්ගලයකුට ආරුඪ වීමත් සමග ඒ පුද්ගලයාගේ මනස මෙන් ම සිරුර ද එක්තරා අයුරකින් ගත්කල අක්‍රීය වෙයි. එනමි ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයකින් මනස තබා සිරුරවත් ක්‍රියා නොකරයි.

අදාළ පුද්ගලයා මියගොස් නැති නමුත් ඒ පුද්ගලයාගේ සිරුර ද දිරාපත් වී හෝ කුණු වී හෝ නැති නමුත් ඒ සිරුර ක්‍රියාත්මක වන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට නො වෙි. එපමණට ඒ පුද්ගලයාගේ සිරුර අක්‍රීය වෙයි. එහෙත් ඉන් අදහස්වන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ම නැති වී ගොස් ය යන්න නො වෙි. දැන් සිරුර ක්‍රියාත්මක වන්නේ ආරුඪ වූ භූතයාට අවශ්‍ය ආකාරයට ය. අදාළ පුද්ගලයාට සිරුර සමිබන්ධයෙන් තීරණ ගත හැකි නො වෙි.

එහෙත් අදාළ පුද්ගලයාගේ නාමය තවදුරටත් සිරුර තුළ කොටු වී ඇත. නාමය සිරුර හෙවත් රූපය හැර ගොස් නැත. පුද්ගලයාගේ සිරුර ද නාමය ද කලින් මෙන් ම පැවතිය ද රූපය අත්හැර නාමය වෙනත් භවයකට නොගිය ද නාමයට ක්‍රියාකාරීත්වයක් නැත. ඒ නාමය අක්‍රීය ව පවතින බැවින් දැන් සියළු කටයුතු කෙරෙන්නේ භූතයාට අවශ්‍ය පරිදි ය. එහෙත් අදාළ පුද්ගලයා නැත්නමි නාමය ද තවමත් සිරුර තුළ වෙයි.

පසුගිය ලිපියෙහි මෙවැනි අවස්ථාවල දී එක්වර සත්වයන් දෙදෙනකු සිරුරට අරක්ගෙන සිටින්නේ යැයි කියා ඇත්තේ මෙි තත්වය පැහැදිලි කිරීමට ය. එහෙත් එහි දී අවධාරණය කළ යුත්තේ එක්වර සත්වයන් දෙදෙනකු සිරුරට අරක් ගෙන සිටිය ද ක්‍රියාත්මක වන්නේ භූතයා බව ය. සිරුර අයත් පුද්ගලයා එහි දී අක්‍රීය තත්වයකට පත්වෙයි. භූතයා කරන කියන දෙයට සිරුර අයත් පුද්ගලයා වගකිව යුතු නැත.

එහෙත් දෙවියන් සමිබන්ධ කරුණුවල දී තත්වය වෙනස් වෙයි. මා අසා ඇති ආකාරයට ඉතා ප්‍රබල දෙවියන්ට මිනිසුන් සමග සංවාද කළ හැකි ය. එහෙත් ඒ ඕනෑම මිනිසකු සමග නො වෙි. ඒ පුද්ගලයා ඒ සඳහා පාරමි ධර්ම පුරා තිබිය යුතු අතර බොහෝ විට පෙර භවයක යමිකිසි ඥාතීත්වයක් ද අදාළ දෙවියන් සමග තිබිය යුතු ය. මෙවැනි අවස්ථාවල දී පුද්ගලයා අක්‍රීය නො වෙි. පුද්ගලයා ඉතාමත් සවිඥානික ව සිටින අතර දෙවියන් කියන දෙය සෙසු පුද්ගලයන්ට දැනුමි දෙන වාහකය බවට ද පත්වෙයි.

මෙහි දී දෙවියන් අදාළ පුද්ගලයා සමග යමි සංවාදයක යෙදෙයි. එහෙත් දෙවියන් සිටින්නේ අදාළ පුද්ගලයාගේ සිරුරට බාහිරව ය. දෙවියන් හා අදාළ පුද්ගලයා ප්‍රාණීන් දෙදෙනකු ලෙස කටයුතු කරති. දෙවියන් පුද්ගලයාගේ සිරුරට ආරූඪ වීමක් නැත. වෙනස් ප්‍රාණීන් දෙදෙනකු එකිනෙකා සමග කතාකරන ආකාරයට ම නොවුණත් ඔවුහු එකිනෙකා සමග සංවාදයක නිරත වෙති.

ඒ සංවාදය කටින් හා කණින් කෙරෙන්නක් නො වෙි. ඒ කෙරෙන්නේ කෙසේ දැයි මම නො දනිමි. ඇතැමි විට එය මනස (නාමය) ඔස්සේ පමණක් සිදු කෙරෙන්නක් යැයි විශ්වාස කළ හැකි ය. එහෙත් එවැනි අවස්ථා දෙකක් මගේ අත්දැකීමි අතර වෙයි. මෙහි වඩාත් ම අවධාරණය කළ යුත්තක් නමි වෙනත් පුද්ගලයන් නිරීක්‍ෂණය කරමින් සිටිය දී ද මෙි සංවාදය සිදුවන බව ය.

අදාළ දෙවියන් හා අදාළ පුද්ගලයා දෙදෙනකු ලෙස සිටිය දී ඇතැමි විට අවශේෂ පුද්ගලයන් ද එකතු කර ගනිමින් මෙි කතාබහ සිදුවෙයි. මෙහි දී දෙවියෝ ද සාකචිඡාවෙි නිරත වී සිටින තවත් පුද්ගලයෙක් වෙති. ඒ දෙවියන් අදාළ පුද්ගලයා සමග සංවාදයෙහි නිරතවනවා පමණක් නො වෙි. එහි සිටින අනෙක් පුද්ගලයන්ට ද දෙවියන් සමග අදහස් හුවමාරු කරගත හැකි ය. එහෙත් ඒ කළ හැකි වන්නේ දෙවියන් සමග සෘජුව සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයා ඔස්සේ ය.

අනෙක් පුද්ගලයන් ට ඒ අදාළ පුද්ගලයා මගින් දෙවියන්ගෙන් ප්‍රශ්න ඇසිය හැකි ය. ඇතැමි ප්‍රශ්නවලට දෙවියෝ පිළිතුරු දෙති. ඇතැමි ප්‍රශ්න සමිබන්ධයෙන් මුනිවත රකිති. සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන් දෙවියන්ගෙන් අසන ප්‍රශ්න දෙවියන්ගේ දිවකන්වලට ඇසෙනු නො අනුමාන ය. එහෙත් දෙවියන් දෙන පිළිතුරු හෝ දෙවියන් අසන ප්‍රශ්න හෝ සභාවෙහි සිටින අනෙක් පුද්ගලයන්ට නො ඇසෙයි. දෙවියන් කියන දේ ඇසෙන්නේ, නැතහොත් මනසට ගෝචර වන්නේ අර පාරමී ධර්ම පුරා දෙවියන් සමග සංවාදයෙහි යෙදී සිටින පුද්ගලයාට පමණ ය. ඒ තැනැත්තා අනෙක් අයට දෙවියන්ගේ ප්‍රශ්න හා පිළිතුරු සන්නිවෙිදනය  කරයි.

මෙලෙස දෙවියන් සමග සංවාදයෙහි යෙදෙන පුද්ගලයන් බොහෝ දෙනකු මෙරට ඇති බව මගේ විශ්වාසයයි. එවැන්නන් ගැන යමි තොරතුරු වෙතොත් අපට ඒ දන්වන්නේ නමි කෘතඥ වෙමි. තමන් විද්‍යාඥයන් යැයි සිතන්නන් හෝ බටහිර විද්‍යාඥයන්ගේ අනුගාමිකයන්, ඊනියා යථාර්ථවාදීන්, වාස්තවිකවාදීන් යැයි සිතන්නන් හෝ ඉහත සඳහන් කරුණු නො පිළිගනු ඇත. එහෙත් ඔවුහු තමන්ගේ බටහිර ස්වාමිවරුන්ට අදහස් එන්නේ කෙසේ දැයි නො දනිති. තර්කානුකූල ව, එනමි ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ ව තර්ක කිරීමෙන් නව අදහස් නොලැබෙන බව ඔවුහු නො දනිති. නව අදහස් ලැබෙන්නේ තර්කයෙන් නොව තර්කයට පිටින් යෑමෙනි.

මෙි සමිබන්ධයෙන් හොඳම උදාහරණය රසායන විද්‍යාවෙි ප්‍රධාන නමක් ලෙස කියැවෙන කෙක්‍යුලේ ය. ඔහු බෙන්සීන් වලය පිළිබඳ අදහස දැක ඇත්තේ සිහිනයෙනි. එතෙක් රසායන විද්‍යාවෙි අණු සංකේතාත්මක ව ලියැවුණේ රේඛීය ව ය. එහෙත් බෙන්සීන් අණුව එසේ රේඛීය ව ලිවිය නොහැකි විය. දැන් ඒ කරුණ පිළිබඳ ව කෙතෙක් තර්කානුකූල ව සිතුවත් බෙන්සීන් අණුව රේඛීය ව ලිවිය නො හැකි ය.  කෙක්‍යලේ මෙි සමිබන්ධයෙන් කෙතෙක් කල්පනා කළ ද ඉන් කිසිම ප්‍රතිඵලයක් අත් නො වී ය. දිනක් ඔහු තමා තමාව ම ගිලින සර්පයකු සිහිනෙන් දුටුවේ ය. තමා තමා ව ම ගිලින සර්පයකු පෙනෙන්නේ වලයක ආකාරයක ට ය. බෙන්සීන් වලය පිළිබඳ අදහස උපත ලද්දේ ඒ අයුරිනි.

කෙක්‍යුලේ දෙවියන් සමග සංවාදයක යෙදී බෙන්සීන් වලය පිළිබඳ අදහස ලබාගත්තේ යැයි මෙයින් නො කියැවෙයි. එහෙත් සිහින යනු ඇරිස්ටෝටලීය න්‍යායට සහ පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයට ගැලපෙන පරිදි පෙනෙන දෑ නො වේ. අපට පොල්ගස්වලට උඩින් පැන යා හැකි බළලුන් සිහිනවල දී දැක ගත හැකි ය. එවැනි සිහින ඔස්සේ ද අපට නව අදහස් ලැබෙයි.

අපට දෙවියන් සමග කරන සංවාදවලදී ද නව අදහස් සෘජුව හෝ වක්‍රව හෝ ලබාගත හැකි ය. දෙවියෝ ඇරිස්ටෝලීය න්‍යායට සීමා නො වෙති. එමෙන් ම ඔවුන්ගේ ලෝකයේ අත්දැකීමි පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය මත පදනමි වී නැත. මේ ලෝකය පංචෙන්ද්‍රිය ගෝචර විය යුතු යැයි සිතන්නෝ ක්වොන්ටමි භෞතිකය පිළිබඳ හාන්කවිසියක්වත් නො දනිති. බටහිර විද්‍යාඥයන් නමි තවමත් සිතන්නේ ලෝකය යනු පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් බව ය. ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නොවන ක්වොන්ටමි භෞතිකය නොතේරෙන්නේ එබැවිනි. ඉතා පැහැදිලිව ම බටහිර විද්‍යාවෙි ලෝකය කඩා වැටෙමින් පවතියි. එයට විකල්ප දැනුමි පද්ධතියක් ගොඩ නැගීමෙි කාර්යභාරය වෙයි. එහි දී පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පවලට සීමා නොවන දෙවියන්ගෙන් ඉගෙන ගැනීමට හැකි නමි ඒ කළ යුතු ය.